බැසිල් රාජපක්‍ෂ 13 ගැන කියන කතාව අපි ඉහළින්ම පිළිගන්නවා

Spread the News

බැසිල් රාජපක්‍ෂ 13 ගැන කියන කතාව අපි ඉහළින්ම පිළිගන්නවා

– ආචාර්ය ගුණදාස අමරසේකර
source:
බැසිල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශයක්‌ කරමින් පවසා සිටියා ඊනියා පොලිස්‌ බලතල සහ ඉඩම් බලතල මහජනයා ඉල්ලන්නේ නැති බව. එතුමා කියා තිබුණා මහජනයාට අවශ්‍ය වගා කරන්න ඉඩම් මිස ඉඩම් බලතල නොවන බව. එසේම ඔවුන්ට අවශ්‍ය පොලිස්‌ ආරක්‍ෂාව මිස පොලිස්‌ බලතල නොවන බවද එතුමා කියා තිබුණා. එතුමාට අනුව ඊනියා පොලිස්‌ හා ඉඩම් බලතල ඉල්ලා සිටින්නේ බලලෝභී දෙමළ ජාතිවාදී දේශපාලනඥයන් සහ ඔවුනට උඩගෙඩි දෙන ඉන්දීය රජයයි.

මේ කතාව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විදිහට අපි එකහෙලාම අනුමත කරනවා යෑයි කීවේය.

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මේ බව කියා සිටියේ පසුගියදා බත්තරමුල්ලේදී පැවති උතුර නැගෙනහිර රෝහල් සඳහා වෛද්‍ය උපකරණ බෙදාදීමේ උත්සවයකදීය. එම උපකරණ තොගය බාරදීම සඳහා අමරසේකර මහතා වෙත ප්‍රදානය කළේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රංශ ශාඛාවේ සංවිධායක ලකී ගනේවත්ත මහතා විසිනි.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ අමරසේකර මහතා කියා සිටියේ බැසිල් රාජපක්‍ෂ මහතා රජයේ ප්‍රබලම අමාත්‍යවරයකු බැවින් ඒ මහතාගේ ප්‍රකාශය රජයේ මතය ලෙස පිළිගත හැකි බවයි. බැසිල් රාජපක්‍ෂ මහතාට අනුව ජනතාවට අවශ්‍ය වන්නේ ආර්ථික සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මිස ඊනියා බලය බෙදා ගැනීමක්‌ නොවේ. බලය බෙදා ගැනීමට අවශ්‍ය වී ඇත්තේ බලලෝභී දෙමළ ජාතිවාදී නායකයන්ට පමණක්‌ බවද අමරසේකර මහතා කීවේය.

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ලෙස අපි දැඩි ලෙස කියා සිටින්නේ අවුරුදු 30 ක්‌ ආපස්‌සට ගොස්‌ එදා ඉන්දියාවේ බලපෑම මත ලබාදුන් විසඳුමක්‌ අදට ගෙන ඒම ගැලපෙන්නේ නැති බවයි. ඒ විසඳුම සුදුසු නම් යුද්ධයක්‌ අවශ්‍ය වන්නේ නැති බවත් යුද්ධයක්‌ නැති තත්ත්වයක්‌ යටතේ අයුතු බලපෑම්වලට යටත්විය යුතු නැති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්‌ඩාර මහතා,

zදේශහිතෛෂී ජාතික ව්‍යාපාරය කිසිසේත්ම ඉඩම් සහ පොලිස්‌ බලතල ලබාදෙමින් 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය තවදුරටත් තහවුරු කිරීමට උත්සාහ කිරීම කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. ඒ වෙනුවට අද අවශ්‍ය වන්නේ දෙමළ ජනතාවට සැබෑ සමාජ, ආර්ථික සහ සංස්‌කෘතික ප්‍රශ්න විසඳීම සඳහා සියලු ජනතාවගේ සහයෝගය ලබාගැනීමයි. එක්‌ ජාතියකට විශේෂ වරප්‍රසාද ලබාදෙමින් සමස්‌ත ජාතියේ සහාය එම විසඳුමට ලබා ගන්න බෑ. මේ තත්ත්වය තුළ බැසිල් රාජපක්‍ෂ මහතාගේ එම මතයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ලෙස අපි සහයෝගය ලබාදෙනවා.