Spread the News

බින් ලාඩන්ගේ නිවස ගැන ඔත්තුව දුන්නේ
තමන් යෑයි පකිස්‌තාන ඔත්තු සේවාව කියයි

source:
ඔසාමා බින් ලාඩන් සැඟවී සිටි නිවස පිළිබඳව ඇමරිකාවට ඔත්තුව ලබාදුන්නේ තමන් බව පකිස්‌තාන අයි. එස්‌. අයි. ඔත්තු සේවාව කියයි.

ලෝකයේ කොතනකදී ඇමරිකාව අල්කයිඩාවට ප්‍රහාර එල්ල කළත් ඒ සියල්ල සඳහා තමන්ගේ ඔත්තු සේවාවේ සහාය ලැබුණු බව අයි. එස්‌. අයි. ප්‍රධානියෙක්‌ මාධ්‍යයන්ට පවසා තිබිණි.

ඔසාමා බින්ලාඩන්ගේ පණිවුඩ ගෙනගිය අබු අහමඩ් අල්කුවේට්‌ගේ ජංගම දුරකතනයේ අංකය සොයා දුන්නේ තමන් බවත් පකිස්‌තාන ඔත්තු සේවාව කියයි.