Spread the News

බින් ලාඩන් ගැන අසද්දී පිල්ලේ නිහඩවේ

කීර්ති වර්ණකුලසූරිය ජිනීවා සිට

source:

ඇමරිකාව විසින් අල්කයිඩා නායක බින් ලාඩන් ඝාතනය කළ අවස්‌ථාවේදී මානව හිsමිකම් කොමසාරිස්‌වරිය ලෙස කුමක්‌ කළේද යන්න ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ ඊයේ (24 වැනිදා) පැවැති සාකච්ඡාවේදී මානව හිමිකම් කොමසාරිස්‌ නවී පිල්ලේ මහත්මියගෙන් විමසා සිටියේය.

ඊට ප්‍රතිචාර දැක්‌වූ මානව හිමිකම් කොමසාරිස්‌වරිය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් තමා නිවේදනයක්‌ නිකුත් කළ බවයි.

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇයගෙන් යළි විමසා සිටියේ ඉන් පසුව ගත් ක්‍රියාමාර්ගය කුමක්‌ද යන්නය. එහිදී නවී පිල්ලේ මහත්මිය නිහඬ වූවාය.

මෙම අවස්‌ථාවේ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්‌ මහතා නවී පිල්ලේට කරුණු දක්‌වමින් ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවී ඇතැයි කියන සිද්ධීන් සම්බන්ධව විමර්ශනයක්‌ නොකළ බවට දරුස්‌මාන් වාර්තාවේ ස්‌ථාන 3 ක දැක්‌වෙන බවත් එම වාර්තාවට තොරතුරු සැපයූ පිරිස වසර 20 ක්‌ යනතුරු හෙළිදරව් නොකෙරෙන නිසා දරුස්‌මාන් වාර්තාවෙන් ශ්‍රී ලංකාවට දැඩි අසාධාරණයක්‌ සිදුවී ඇතැයි කීවේය.