Spread the News

බිරියගේ ජිනීවා චෝදනාවට ප්‍රතිචාර ලෙස කොටි එලිලන්ගේ යුද අපරාධ හෙළිකිරීමට රජය සූදානම්

කීර්ති වර්ණකුලසූරිය

උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිතරන් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත යොමුකරන යුද අපරාධ චෝදනාවලට ප්‍රතිචාර ලෙස ඇගේ සැමියා වූ ත්‍රිකුණාමල කොටි හමුදා නායක එලිලන්, වන්නියේ “අවර් ලේඩි ඔµa රෝයරි” කතෝලික දෙව්මැඳුරේ රැකවරණ ලබා සිටි සිවිල් වැසියන්ට වෙඩි තැබීමේ සිද්ධිය ඇතුළු අපරාධ රැසක්‌ හෙළිකිරීමට රජයේ නියෝජිත කණ්‌ඩායම තීරණය කර ඇත.

මෙම දෙව්මැඳුරේ සිවිල් වැසියන් සහ ළමයින් 100 ක්‌ සිටි බව හෙළි වී තිබේ.

ආනන්දි සසිතරන්ට මානව හිමිකම් සමුළුව ඇමතීම සඳහා ලිබරේෂන් නමැති රාජ්‍ය නොවන සංවිධානය ඉඩ දී තිබේ.

එහෙත් ඇයට ජිනීවා යැම සඳහා වීසා බලපත් දෙන්නේද යන්න ගැන ස්‌විස්‌ බලධාරීන් මෙතෙක්‌ තීරණය කර නැත.

මෙයට පෙර දෙවතාවක්‌ම ඇයට ජිනීවා යැම සඳහා ස්‌විස්‌ බලධාරීන් වීසා ලබාදී නැතැයි ස්‌විස්‌ ආරංචි මාර්ග පැවසීය.

ඇය ස්‌විට්‌සර්ලන්තයෙන් දේශපාලන රැකවරණ පතා තිබූ බව ද වාර්තා වේ.