Spread the News

බිහාර් පොලිසිය සැකකරුවන්
දෙදෙනකුගේ රූප සටහන් නිකුත් කරයි

චතුර පමුණුව
source:
බුද්ධගයාවේ මහාබෝධි විහාරයට ප්‍රහාර එල්ල කළ බවට සැකකරන මුස්‌ලිම් අන්තවාදීන් දෙදෙනකුගේ දළ රූප සටහන් බිහාර් පොලිසිය මගින් නිකුත් කර ඇත.

ඉන්දීය මුජහිඩීන් සාමාජිකයන් දෙදෙනකු වන මොවුහු සහිඩුර් රෙහෙමාන් හා සයිµqර් රෙහෙමාන් වෙති.

මේ පුද්ගලයන් දෙදෙනා සහෝදරයන් වන අතර එක්‌ අයෙක්‌ ස්‌කොට්‌ලන්තයේ වාසය කරන අතර අනෙක්‌ පුද්ගලයා සවුදි අරාබියේ වාසය කරයි.

සහිඩුර් මැයි 06 වැනිදා ඉන්දියාවට පැමිණි අතර සයිµqර් ඊට මසකට පසුව ඉන්දියාවට පැමිණ ඇත.

මොවුන් මුලින් පැට්‌නා නගරයට ප්‍රහාරයක්‌ එල්ල කිරීමට සූදානම් වී ඇති අතර පසුව එම ප්‍රහාරය බුද්ධගයාවට එල්ල කිරීමට තීරණය කර ඇත.

මෙම ප්‍රහාරය පිළිබඳ සී.සී.ටී.වී. කැමරා දර්ශනයද එරට පොලිසිය මගින් මාධ්‍ය වෙත යොමුකර ඇත.