Spread the News

බීලා මැරෙන වැඩිම රට ශ්‍රී ලංකාව

රනිල් ධර්මසේන

ශ්‍රී ලංකාවේ මද්‍යසාර භාවිතය පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ලංකාව තුළ පිරිමින් අතර සිරෝසිස්‌ මරණ අනුපාතය 100,000 කට 33.4 ක්‌ වන අතර එය ඒ පිළිබඳව ලොව ඉහළම අනුපාතය වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

රටේ පවතින සිය දිවි නසා ගැනීම් හා සිතා මතා සිදු කර ගැනෙන හිංසනයන් සමඟ මද්‍යසාර දැඩිව බැඳී පවතී. එමෙන්ම ගෘහස්‌ථ ප්‍රචණ්‌ඩත්වය හා දුප්පත්කම අතර ද මද්‍යසාර දැඩිව බැඳී පවතී.

ශ්‍රී ලංකාවේ මද්‍යසාර භාවිතය පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් ඇමැති මණ්‌ඩලයේ අනුමැතිය ද ලබාගෙන ඇත.