Sat. Jan 18th, 2025
Spread the News

මොහුව මා පෞද්ගලිකව හඳුනනවා. කලකට ඉහත දී මගේ ගෝලයෙක් වෙන්න කැමැත්ත පළ කළත් මා ඊට කැමති නොවුන නිසා සම්බන්ධය පූර්ණ වශයෙන්ම දුරස් වුණා. ඒ ගැන මා හට ඇත්තේ සතුටක්.

බුදුන්ගේ කාලේ අරක තිබුණෙ නෑ මේක තිබුණේ නෑ කියලා බණ දෙසන්න පටන් ගත්තේ පල්ලියේ උවමනාවට බව මා හොඳින් දන්නවා.

ඔහු කරන දේශනා වලදී වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ පල්ලියට ඇති කෘතඥතාවය පළ කරන්නයි. ඒක කරන්න ඇති තරම් ක්‍රිස්තියානි පූජකයින් සිටියදී, මෙවැනි චීවරධාරීන් දිගින් දිගටම කරන මේ රංගනය එක්කෝ ඔවුන් විසින් නවතා දැමිය යුතුයි. නැත්නම් ජනතාව ඒ පිළිබඳව තීරණයක් ගත යුතුයි.

යේසුස් වහන්සේ ජීවත්ව සිටි කාලයේ කතෝලික ආගම කියා දෙයක් තිබුනෙත් නැහැ, වතිකානුව කියා දෙයක් තිබුනෙත් නැහැ.

ඒ උනාට දැන් යේසුස් වහන්සේට ඇනගැසූ රෝම අධිරාජ්‍යයේ නාමයෙන් වතිකානුව කියා වෙනම රාජ්‍යයකුත්, රෝමානු කතෝලික නමින් ලෝකය පුරා පල්ලි ලක්ෂ ගණනින් ඉදිවී තිබෙනවා.
වසර දෙදාහකට ඉහතදී යේසුස් යනු සාමාන්‍ය මනුෂ්‍යයෙක්.
එතුමාගේ මරණයෙන් වසර 300 කට පසු උන්වහන්සේ දෙවි කෙනෙක් කියා රෝමය විසින් හඳුන්වනවා.

ජීවත්ව සිටින කාලයේ වධදීපසු කාලෙක එම චරිතයට දේවත්වය ආරෝපණය කළා කියා මිනිස්සුන්ට ඇතිවන සුගතියක් නැහැ.

එහෙත් මිනිසුන් දිගින් දිගටම වන්දනාමාන කරනවා.
ඇත්තෙන්ම යේසුස් වහන්සේට වන්දනා කිරීම බෞද්ධ බැතිමතුන්ට අයත් කාරණයක් කියා මා සිතනවා.

-තෙවැනි ඇස-
20.10.2024

Protected by Security by CleanTalk