තථාගත බුදුරදුන් විසින් වදාරන ලද ත්‍රිපිටකයෙහි කිසිදු තැනක, මාරන්තික උපවාස කරන දේශනාවක්, එවැනි කටයුතු පිණිස අනුග්‍රහයක් සහිත දේශනාවක් නැත. විකාල භෝජනය පිළිබඳ ශික්ෂා පදය හෙවත් භික්ෂුන් සිටින ස්ථානයට සූර්යා මධ්‍යාහ්නයට පැමිණීමේ සිට පසුවදා ඉර උදාව වන තෙක් යාව කාලික ආහාර නොවැළදීම පිළිබඳ සික පදය, ඉල්ලීම් දිනා ගැනීම පිණිස, මාරාන්තික උපවාසය පිණිස පනවන ලද්දක් නොව භික්ෂූන්ගේ පාසු විහාරය පිණිස තථාගතයන් වහන්සේ විසින් පනවා වදාරන ලද්දක් බව කිව යුතුය. විනය අනුව ආහාරමය සංඛ්‍යාවට නොයන අෂ්ඨ පාන රෑ මැදියම දක්වාද ගිලන්පස, ගිතෙල්, මී පැණි, වෙඩරු හෙවත් ශුද්ධ බටර්, සකුරු මනුෂ්‍ය නොවන තෙල් වර්ග, ගිලන්පස යන සඤ්ඤාවෙන් ද ඉර උදාවනතුරු ද භික්ෂූන්ට කැපය.වැළදිය හැකි ය. බෙහෙත් ඕනෑම වේලාවකට ම කැප ය. ධූතාංග පුරන භික්ෂූන් ඒකාසනිකාංගය නම් දිනකට එක් එක් වේලක් පමණක් දන් වැළදීමේ ධූතාංගය හා ධූතාංග තෙළෙස භික්ෂූන්ගේ අධිගමයට පහසු පිණිස අනුදැන වදාරන ලදහ. ඒ කිසිවක් උපවාස සංඛ්‍යාවට නොයත්. සමන්ත පාසාදිකා විනය අටුවාව ඇතුලු විනය අටුවා, අනෙකුත් සූත්‍ර අටුවා සහිත කිසිදු අටුවාවක භික්ෂූන්ට උපවාසය පිරිය යුතු හැටි විස්තර කරන හැටි දක්වා නැත. සම්බුද්ධ දේශනාව පටු දේශපාලන අභිලාෂයන් යොදා ගැනීමට නොමගින් විස්තර කිරීමෙන් ආර්‍ය්‍ය් උපවාද කර්මය සිදු කර ගැනීමට හේතුය. මේ පිළිබඳ නොදන්නා ජනතාව දේශපාලන පක්ෂග්‍රාහීත්වය මේවා පිළිගැනීම නිසා මහත් අකුසල් සිදු කර ගන්නව ඇත. දේශපාලනය කරන ඇත්තන් බුදුදහමේ සාධනීය පැත්ත සෙවිය යුතුය.
ආරියතිලක 2019.07.02