Spread the News

බුදුරුව යොදා කැලැන්ඩරයක්‌ බෙදා හැරිය
මස්‌කඩේ මුදලාලි අත්අඩංගුවට

source:

මොනරාගල – නයන ඉහළගෙදර, සියඹලාණ්‌ඩුව – මාපා තිලකසූරිය සහ බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

මොනරාගල නගරයේ මස්‌ හා බිත්තර අලෙවි කරන වෙළෙඳසලකින් බුදුන් වහන්සේගේ පිංතූරයක්‌ හා දළදා මාලිsගාවේ පිංතූරයක්‌ යොදා 2014 දින දර්ශනයක්‌ සකස්‌ කර බෙදා හැරී යෑයි එහි හිමිකරු මොනරාගල පොලිසිය විසින් ඊයේ (6 දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දින දර්ශනයේ බුදුන් වහන්සේගේ හා දළදා මාලිගාවේ පින්තූරය යොදා පහළ කොටසේ ඔබට අවශ්‍ය කුකුල් මස්‌, ඌරු මස්‌, බිත්තර තොග හා සිල්ලර මිලට ලබාගත හැකි ලෙස සටහන් කර තිබිණි.

මෙම දින දර්ශනය බෙදා හැරිය වෙළෙඳසල් හිමියා සමඟ එම දින දර්ශනද මොනරාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර මොනරාගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මෙම වෙළෙඳසලේ හිමිකරුගේ බිරිඳ අන්‍ය ආගමික කාන්තාවක බව අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධ පරීක්‍ෂණ මොනරාගල පොලිස්‌ අධිකාරි ලයනල් ගුණතිලක හා සහකාර පොලිස්‌ අධිකාරි (1) අනුර පුෂ්පකුමාර යන මහත්වරුන්ගේ උපදෙස්‌ පරිදි මොනරාගල මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක බී. එම්. එම්. දසනායක මහතාගේ අධීක්‍ෂණය යටතේ උ. පො. ප. නලින් වසන්ත, පො. සැ. (28645) සරත්, පො. කො. (57971) සමන්ත යන නිලධාරීහු සිදු කරති.