Spread the News

බුදුරුව සහිත අත්වැසුම්
තොගය රාජසන්තකයි

අනුර බාලසූරිය

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව හරහා ස්‌ලෝවේනියාවට ගෙන යැමට සූදානම්ව තිබියදී ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගත් බුදුරුව සහිත අත්වැසුම් හා ඒප්‍රන් තොගය රාජසන්තක කෙරෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්‍ෂ ධර්මසේන කහඳව මහතා පැවසීය.

මෙයට අමතරව බුද්ධාගමට අවමන් කෙරෙන ආකාරයේ මෙවන් නිෂ්පාදනවලට ඉඩ නොතබන ලෙසට ඉන්දියානු රජය දැනුවත් කරන්නැයි ශ්‍රී ලංකා රේගුව එරට රේගුවට දැනුම් දී තිබේ.

මෙලෙස ස්‌ලෝවේනියාවට යෑවීමට සූදානම් කර තිබූ බුදුරුව සහිත අත් වැසුම් හා ඒප්‍රන් 5424 ක්‌ රේගුව විසින් පෙරේදා (22 දා) අත්අඩංගුවට ගන්නා ලදී.

මේ සම්බන්ධයෙන් රේගුව වැඩිදුර පරීක්‍ෂණ කරගෙන යයි.