බුදු දහමට අපහාස කළ ගයාන් පෙරේරාගේ ගීතයට එරෙහිව මිරිහාන පොලීසියේ පැමිණිලි කෙරේ

Spread the News

බුදු දහමට අපහාස කළ ගයාන් පෙරේරාගේ ගීතයට එරෙහිව මිරිහාන පොලීසියේ පැමිණිලි කෙරේ

By රංග ජයවර්ධන, on February 9th, 2012 source:


“භවතු සබ්බ මංගලං…” නම් ආශීර්වාද ගාථාවට අපහාස වන පරිදි නොමනා තාලකයට ගයමින් ඩ්‍රම් ගසමින් නට නටා, මධු සමයක් ගත කරන කාමුක දර්ශනයක් ඇති වාණිජමය අරමුණු සහිතව නිපදවූ “ටිකෙන් ටික” නැමැති ගීතයේ පසුතලයට යොදාගෙන ඇති ආකාරය මෙම ලිපියෙන් ඔබ කියවන්නට ඇති.

ගංගොඩවිල සුනේත්‍රා දේවී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරවාසී පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ විසින් එම ගීතයට විරුද්ධව මිරිහාන පොලීසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ ගැන නෙත් එෆ්.එම්. විකාශය කළ පුවත පහත සබැඳියෙන් අසන්න.

නෙත් එෆ්.එම්. පුවත

බුදු සසුනට විපතක් අත් වීගෙන එද්දී, සිංහල ඉතිහාසයේ හැම විටම සසුන ‍රැක ගත් ජාතියේ මුර දේවතාවුන් වහන්සේලාගේ ම‍ඟෙහි යමින් මේ වෙනුවෙන් පෙනී සිටින පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. එසේම මේ සඳහා මාධ්‍ය දායකත්වය ලබා දුන් දේශප්‍රේමී ගුවන් විදුලි නාලිකාවක් වන නෙත් එෆ්.එම්. ඇතුළු සියලුම ජාතිහිතෛශී වෙබ් අඩවි හිමියන්ටත් බෞද්ධ අපගේ නොමඳ ස්තුතිය පළකරමු.

මෙය අවසානයක් නොව ආරම්භයක් පමණයි, ඉදිරියේදී ඒ අන්‍යාගමික කල්ලියට විරුද්ධව අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගැනීමට අදාල අංශ දිරි ගැන්වීමට බෞද්ධ අපි සියල්ලන්ම එකාවන්ව පෙළගැසිය යුතුයි. ශාසනාරක්ෂක බලමණ්ඩලය, බුද්ධ ශාසන කටයුතු අමාත්‍යාංශය, වෙනත් බෞද්ධ සංවිධාන මෙන්ම සිංහල බෞද්ධ ක්‍රියාකාරීනුත් තම සුළු සුළු මතභේදයන් දුරලා එක්වී, අන්‍යාගමික මූලධර්මවාදීන්ට සංවිධානාත්මකව ඒ ශ්‍රී සද්ධර්මය ‍රැප් කරමින් ඊට අපහාස වෙන පරිදි අනඟ ‍රැඟුම් පෑමට ඉඩ නොදීමට, අනාගතයේදීත් සියලුම බෞද්ධයින්ට ඒ සුමධුර සද්ධර්මය මහත් ශ්‍රද්ධාවකින් යුතුව ශ්‍රවණය කළ හැකි වාතාවරනයක් ඇති කිරීමට අපි අදිටන් කරගනිමු.

මෙහිදී එම කසිකබල් ගීතය සාධාරණීකරණය කරන්නට හදමින් සමහරුන් ඉතාමත් දුර්වල උත්සාහයක් ගත් ආකාරය අප දු‍ටු අතර ඊළඟ ලිපියෙන් ඒ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු දීමට බලාපොරොත්තු වෙමු.