Spread the News

බුදු දහමට වින කරන ප්‍රකාශනවලට වැට බඳින මණ්ඩලයක්

 source:

රමණී සුබසිංහ

බුදු දහමේ හරයට තර්ජන එල්ල වන ආකාරයේ ප්‍රකාශන පළ කිරීම වැළැක්වීම සඳහා බෞද්ධ ප්‍රකාශන නියාමන මණ්ඩලයක් පිහිටුවීමට 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති කමිටුව හා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය කටයුතු යොදා ඇතැයි සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසක ශාස්ත්‍රපති මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.

ඉදිරියේදී ප්‍රකාශයට පත් කැරෙන සියලු බෞද්ධ ග්‍රන්ථ හා ප්‍රකාශන මේ නියාමන මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගැනීමෙන් පසුව ප්‍රකාශයට පත් කළ යුතු වෙයි. අවසර නොලබා ප්‍රකාශ කැරෙන යම් කෘතියකින් බුදු දහමට හානිකර දේ ලියැවී ඇත්නම් අදාළ පුද්ගලයන්ට දඬුවම් පැමිණ වීමට ද පියවර ගැනේ.

බුදු දහමේ නිදහස් මත පළ කිරීමේ අයිතියට මුවා වී පසුගිය කාලය පුරා විවිධ විකෘති මතවාද සහිත ග්‍රන්ථ ප්‍රකාශයට පත් වූ බවත් එය බුද්ධ ශාසනයේ චිරස්ථිතියට බරපතළ හානියක් එල්ල කිරීමට සමත්ව ඇති බවත් ඒ හිමියෝ පැවසූහ.