Sat. Jan 18th, 2025
Spread the News

අඳුර සහ ආලෝකය යනු දෙකක් නොව එකකි.

එහෙත් සංජානනයේදී අපි ආලෝකය මෙන්ම අඳුරද ප්‍රපංචයන් ලෙස හඳුනා ගත්තද
මෙම සංසිද්ධීන් දෙකෙහිම මුළ ආලෝකයයි.
අඳුර කියා හඳුනාගත හැකි සුවිශේෂ පැවැත්මක් නැත.  අඳුරෙහි මූලාශ්‍රය ආලෝකයයි. එනම් ආලෝකය රහිත තැන අඳුර ලෙස සියලුම සත්වයින් විසින් සංජානනය කිරීමයි. 

අඳුර සහ ආලෝකය මෙන් අපැහැදිලි බව හා පැහැදිලි බව අතර ඇත්තේ සෘජු සම්බන්ධතාවයක්.

පියවි ඇසින් නොව පියවි මනසින් ලෝකය දෙස බලන්න අප පුරුදු පුහුණු වුවහොත්,
හිරු අඳුර දුරලන්නාසේ අප මනසේ ඇති අපැහැදිලි බව ඉවත් කරමින් පැහැදිලි බව මතු කරනු ඇත.

ආර්ය අෂ්ටාංගික මාර්ගයේ “සම්මා දිට්ඨි” ලෙස බුදුන් වහන්සේ දුටුවේ මෙම සංසිද්ධියයි.

මිනිස් ශිෂ්ටාචාරවල ආරම්භයේ සිට අද දක්වාත් මිනිසා දෝලනය වෙමින් සිටින්නේ අපැහැදිලි බව හා පැහැදිලි බව අතරයි.

මා මෙහි සඳහන් කරන පැහැදිළි- අපැහැදිළි සංසිද්ධිය
දාර්ශනිකවත් ආගමිකවත්, ආර්ථික න්‍යායන් හා දේශපාලන දර්ශන හැටියට යුගයෙන් යුගයට දිගහැරෙමින් හැකිලෙමින්, දෘශ්‍යමාන වෙමින් හා අදෘශමාන වෙමින් මානව සංහතියේ  අනාගතය දක්වා දිවයනු ඇත.

බුදු දහම යනු කුමක්ද කියා පැහැදිලි කර ගත්විට අපැහැදිලි බව මානව සංහතියෙන් තුරන් වනු ඇත.

හිරු පෑයූ විට අඳුර දුරුවන්නාසේ මෝහාන්ධකාරය මිනිස් මනසින් පහව යනු ඇත.

-තෙවැනි ඇස-
27.07.2024

ලිපිය ලිවීමට හේතුව: බොරැල්ලේ හෙන්රි කියා පුද්ගලයෙක් රනිල් ජාත්‍යන්තරයෙන් මුදල් සොයාගෙන එන ආකාරය දැක ඇස් වලට කඳුළු ඉනූ බව කර තිබූ සඳහනට දුන් ප්‍රතිචාරයක්.

Protected by Security by CleanTalk