Spread the News

Sunny Side Up: Diana's kansa motion gets OK - The Morning - Sri Lanka News

බුදුන් වහන්සේත් ගංජා භාවිතා කලා..- ඩයනා…

කංසා වලින් මෙරට බුදු දහමට කිසිම හානියක් නොවන බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

බුදුරජාණන් වහන්සේ පවා කංසා ඖෂධයක් ලෙසින් භාවිතා කර ඇති බව ද ඇය සඳහන් කරන්නීය.
කංසා නීතිගත කිරීම සම්බන්ධයෙන් එල්ලවන විවේචන වලට ප්‍රතිචාර දක්වමින් ඇය මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළා ය.

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් විසින් එල්ල කරන ලද චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඇය එහිදී කියා සිටියේ තමන් පෘතුගීසි කාරයෙක් නොවන බවත් කාදිනල් හිමියන්ගේ නම පෘතුගීසි නමක් බවත් මෙරට කතෝලික ආගම ද ගෙන ආවේ පෘතුගීසි කාරයින් හෙවත් පරංගින් බවත්ය.

පුදුම සොයා ගැනිමක්! පුදුම පර්යේෂණයක්! අපට ද දැන ගැනීම පිණිස, ත්‍රිපිටකයේ හෝ අටුවාවක හෝ ටීකාවක හෝ ථේරවාදී ශාසන ඉතිහාසය පිළිබඳව ලියා ඇති ගතක හෝ තථාගත සම්බුදු රදුන් කංසා ඖෂධයක් වශයෙන් පාවිච්චි කළ බවට සඳහන් කර ඇති තැනක් නැති බැවින් එසේ සඳහන් කර ඇති තැන පෙන්වන්න! (වෛද්‍ය උපදේශයට අනුව කංසා සංයෝග වූ ඖෂධය, අසනීපයකට ප්‍රතිකාර වශයෙන් බුදු විනයට අනුව කැපය.)

පහත තථාගත දේශනාව ද අධ්‍යනය කිරීම ද වැදගත්;

පුරිසස‍්ස හි ජාතස‍්ස
කුඨාරී ජායතෙ මුඛෙ,
යාය ඡින්‍දති අත‍්තානං
බාලො දුබ‍්භාසිතං භණං.

යො නින්‍දියං පසංසති තං වා නින්‍දති යො පසංසියො,
විචිනාති මුඛෙන සො කලිං කලිනා තෙන සුඛං න වින්‍දති
(අඞ්ගුත්තර නිකාය දසක නිපාත, ථේර වරගය, කෝකලික සුත්ත)

“නපුරු වචන කියන්නාවු බාලතෙම තමන් යමකින් සිඳීද, උපන් මනුෂ්‍යයාගේ කටේ එබඳු කෙටේරියක් ඇත.”

“යමෙක් නින්දා කළ යුත්තෙකුට ප්‍රශංසා කෙරේද? යමෙක් ප්‍රශංසාර්හද, ඔහුට හෝ නින්දා කරයිද, හෙතෙම මුවින් පාපයක් රැස්කරයි. ඒ පාපයෙන් සැපක් නොවිඳී.”

~ ආරියතිලක