බොදු බල සේනා සමුළුවෙන් රජයට යෝජනාවලියක්‌

Spread the News

බොදු බල සේනා සමුළුවෙන් රජයට යෝජනාවලියක්‌
source:
පසුගියදා පැවැති බොදු බල සේනා මහ සමුළුවේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවලිය පහත දැක්‌වේ.

මෙම යෝජනාවලියෙන් 1959 නොවැම්බර් මස ප්‍රකාශයට පත් කරන ලද බුද්ධ ශාසන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස බොදුබල සේනා සංවිධානය රජයෙන් ඉල්ලා සිටී. එම යෝජනාවලිය මෙසේය.

1. ශීS්‍ර ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්‌ථාවේ මෙතෙක්‌ නිර්වචනය කර නොමැති ‘බුද්ධ ශාසනය’ යන්න හා බුද්ධ ශාසනයට ‘ප්‍රමුඛස්‌ථානය දී සුරක්‍ෂිත කොට පෝෂණය කිරීම’ යන්න නිර්වචනය කොට 1959 නොවැම්බර් මස ලංකාණ්‌ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලද බුද්ධ ශාසන කොමිෂන් වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති රෙගුලාසි සම්පාදනය කිරීමට කටයුතු කරන ලෙස රජයට යෝජනා කරන්නෙමු.

2. තථාගත බුද්ධ වචනයට හා බෞද්ධ සංස්‌කෘතියට මෙන්ම පෞරාණික උරුමයන්ට හානි කරනු ලබන සියලු ප්‍රකාශන හා නිර්මාණ තහනම් කිරීම සඳහා අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා අනුමත කර ඇති බෞද්ධ ප්‍රකාශන නියාමනය කිරීමේ පනත වහා සම්මත කරන ලෙස යෝජනා කරන්නෙමු.

3. දහම් අධ්‍යාපනයෙන් පොහොසත් ශිෂ්ට සම්පන්න, විනයවත්, දරු පරපුරක්‌ බිහි කිරීම උදෙසා,

(ස) ඉරිදා දිනයන්හි ප.ව. 2.00 දක්‌වාත්, පොහොය දිනයන්හි දීත් පෞද්ගලික පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙසත්,

(සස) තෙවරක්‌ කැබිනට්‌ පත්‍රිකා මගින් අනුමැතිය ලැබී ඇති ධර්මාචාර්ය සමතුන්ට රජයේ පාසල්හි ගුරු පත්වීම් නොපමාව ලබා දෙන ලෙසත්, දහම් පාසල් අවසාන විභාගය සමතුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී වරප්‍රසාද ලකුණක්‌ ලබාදෙන ලෙසත්,

(සසස) සියලුම පාසල්වල සිංහල භාෂාව, බුද්ධ ධර්මය හා ඉතිහාසය යන විෂයන් ඉගැන්වීම සඳහා භික්‌ෂූන් වහන්සේලා පත් කිරීමටත්,

(සඩ) ජාත්‍යන්තර පාසල්වල සිංහල භාෂාව, බුද්ධ ධර්මය හා ශ්‍රී ලංකාවේ ඉතිහාසය ඉගැන්වීම අනිවාර්ය කිරීමටත්, කටයුතු කරන ලෙස රජයට යෝජනා කරන්නෙමු.

4. ශ්‍රී ලංකාවේ සිංහල ජනගහන ප්‍රතිශතය පහත හෙළීම සඳහා ‘පුංචි පවුල රත්තරන්’ යන පවුල් සැලසුම් කිරීමේ සංකල්පයට මුවා වී දැය නසන සියලු බලවේගවලින් ජනතාව ආරක්‍ෂා කර ගැනීම සඳහා,

රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකරනු ලබන සියලුම ආකාරයේ වන්ද්‍යාකරණ ව්‍යාපෘතීන් වහා නවතා දැමීමත්, ඒ සඳහා වෛද්‍යවරුන්ට හා රෝහල්වලට ගෙවනු ලබන සියලුම ගෙවීම් නවතා දැමීමටත්, ඒ වෙනුවෙන් ක්‍රියාත්මක රාජ්‍ය හා රාජ්‍ය නොවන සියලු ආයතන මසක්‌ ඇතුළත වසා දැමිය යුතු බවටත්,

ශ්‍රී ලංකාවේ පවුල් සංස්‌ථාව අර්බුද රාශියකට ලක්‌කරන ශ්‍රී ලාංකික කාන්තාවන් විදේශීය ගෘහ සේවය නමින් වූ වහල් සේවය සඳහා යෑවීම තහනම් කොට ඔවුන්ගේ අභිවෘද්ධිය සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, රජයට යෝජනා කරන්නෙමු.

5. ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය හා සංස්‌කෘතිය ගොඩනැගූ ඓතිහාසික ජාතිය සිංහල බෞද්ධ වන අතර ඔවුන්ගේ සියලු අයිතිවාසිකම් හා අනන්‍යතාවන් රෝම ලන්දේසි ඉංගී්‍රසි නීතිය යටතේ ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇති හෙයින් උපත්, විවාහ, ඉඩම් ඇතුළු සිවිල් කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සියලු දෙනාටම පොදු හා සාධාරණ වූ රටට ගැලපෙන ඒකීය නීති පද්ධතියක්‌ ස්‌ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයට යෝජනා කරන්නෙමු.

ශ්‍රී ලංකාව බෙදා වෙන් කළ නොහැකි, ඒකීය දේශයක්‌ වන අතර එය ජනවාර්ගික, භාෂාමය හෝ ආගමික පදනමක්‌ මත බෙදා වෙන් කළ නොහැක්‌කේය යන පදනම මත ජනවාර්ගික, භාෂා හෝ ආගමික පදනමක්‌ පදනම් කරගෙන දේශපාලන ඉල්ලීම් කිරීම තහනම් කිරීමට කටයුතු කිරීමටත් රජයට යෝජනා කරන්නෙමු.