Sat. Jan 18th, 2025
Spread the News

බොරු පොරොන්දු දෙන
ජාති, ආගම් බේද අවුස්‌සන
රට බෙදන්න ගිවිසුම් ගහන
දෝහීන්  පරදවන්න සැරසෙන්න
9 වැනිදායින් පසුත් ජනපති මම තමයි
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අම්පාර සහ අක්‌කරපත්තුවේදී කියයි

අනුර බාලසූරිය, අම්පාර – පී. ජයසිංහ, ලාහුගල – ගයාන් චින්තක

ඇතැමුන් දෙන පොරොන්දුවල වටිනාකම තීරණය කළ යුත්තේ ඔවුන් මෙයට පෙර දුන් පොරොන්දු ඉටුකර තිබෙනවාද? හුදෙක්‌ එය ඡන්ද පොරොන්දුවක්‌ පමණක්‌ද? යන්න පිළිබඳ සිතා බලා යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

බොරු පොරොන්දුකාරයන් රැවටිලිsකාරයන් පරාජය කිරීමට සැරසෙන ලෙසත් ජාති, ආගම් භේද අවුස්‌සා රට විනාශ කිරීමට ඉඩ නොදෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

අම්පාර වීරසිංහ ක්‍රීඩාංගණයේදී හා අක්‌කරපත්තුව මහජන ක්‍රීඩාංගණයේදී ඉකුත් 20 වැනිදා පැවැති ජනාධිපතිවරණ ජනරැලිsවලට එක්‌වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

අම්පාර ප්‍රදේශයට දවස පුරා ඇදහැලුණු මහ වැසි නොතකා විශාල පිරිසක්‌ මෙම ජනහමුවලට සහභාගි වූහ.

වැඩිදුරටත් ජනතාව ඇමතූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද කීවේය.

මම 2010 ත් තරග කළ අවස්‌ථාවේ මෙතනම රැස්‌වීමක්‌ තිබ්බා. එදා ඒ රැස්‌වීමට සහභාගිවූ පිරිසට වඩා දෙගුණයක්‌ අද ඇවිත් සිටිනවා. අපි දන්නවා මේ දිස්‌ත්‍රික්‌කයේ තිබූ තත්ත්වය.

මතක ඇති අරන්තලාවේ සිදුකළ රුදුරු භික්‌ෂු ඝාතනය. ඒවගේ ඔබ කැලේ ජීවත්වූ යුගය අමතක වී නැතිව ඇති. මංගලගම හාමුදුරුවන්ට උණුවතුර ගසා ඝාතනය කරපු හැටි අපි අමතක කර නැහැ. ඒ වගේම කාත්තන්කුඩි පල්ලියේ සිදුකළ ඝාතනයන් අමතකවෙලා නැහැ කියා මම විශ්වාස කරනවා.

එවැනි යුගයක්‌ අවසන් කර අද ඔබට සහන සලසන වැඩපිළිවෙළ ආරම්භකර මහින්ද චින්තනය ක්‍රමානුකූලව ඉදිරියට ගෙන යනවා.

මැතිවරණයක්‌ එනවිට නොයෙක්‌ පොරොන්දු දෙනවා. ධර්මිෂ්ඨ සමාජයක්‌, රුපියල් 3.50 ට පාන් දෙන්න කතා කළා. අද දින 100 න් අලුත් රටක්‌ නිර්මාණය කරන්න කතාකරනවා. අවුරුදු 60 ක්‌ ගිහිනුත් අලුත් රටක්‌ බිහිකරන්න මම එනතෙක්‌ ඉන්න වුණා.

මේ දෙන පොරොන්දුවල වටිනාකම තීරණය කළ යුත්තේ ඊට කලින් දුන් පොරොන්දු ඉටුකළාද නැද්ද කියා බලලා. මම රාජ්‍ය සේවය ශක්‌තිමත් කළා. ලක්‍ෂ 15 ක්‌ දක්‌වා බඳවාගෙන තවත් උසස්‌ පෙළ සමත් තරුණ තරුණියන් ලක්‍ෂ එකහමාරකට රජයේ රැකියා ලබාදෙන වැඩපිළිවෙළට අයවැයෙන් මුදල් වෙන්කර තිබෙනවා.

විපක්‍ෂයේ අපේක්‌ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවනකොට මම ඉදිරිපත් කළ අයවැය මට මතක්‌ වුණා. මා ඉදිරිපත් කළ අයවැය කාටවත් කොපි කරන්න බෑ. උදුරා ගන්න බැ. කියවන්න පුළුවන්. මේක බලාගෙන එනකොට කියන්නේ මම කරපු දේවල් දින 180 ක්‌ සම්පූර්ණ කළ සියලු සේවකයන් ස්‌ථිර කරන බව කියනවා. ඉතිං ඒක මම කරලා ඉවරයි. තවත් කරන්න දෙයක්‌ නැහැ. විදුලිබල මණ්‌ඩලයේ අය සථිර කරන බවත් අයවැයේ තිබෙනවා. එයත් වහාම දෙන්න කිව්වා.

අපි පසුගියදා යතුරුපැදි බෙදා දුන්නා. රුපියල් ලක්‍ෂ දෙකයි දහයක්‌ පමණ වටිනා යතුරුපැදියකට ගෙවිය යුත්තේ රුපියල් පනස්‌ දහසක්‌. ඊට වඩා ගෙවන්න ඕන නෑ. දැන් කියනවා ඒ මුදල මේ උදවිය ආපසු දෙනවා කියලා.

මේ කතාව කියනකොට එක්‌තරා යුගයක පුත්තලමේ වූ එක්‌තරා සිද්ධියක්‌ මට මතක්‌ වුණා. “ඡන්දයක්‌ම පැවැති අවස්‌ථාවේ පුත්තලමට අපේක්‌ෂකයන් දෙදෙනෙක්‌ තරග කළා. දෙදෙනාම මගේ මිත්‍රයන්. එක්‌ අයෙක්‌ මට නීති විද්‍යාලයෙත් උගන්වා තියෙනවා. මේ එක්‌ අපේක්‌ෂකයෙක්‌ ඡන්දය ඉල්ලන්න දුප්පත් ගෙවල්වලට ගිහින් රුපියල් දහය බැගින් දීගෙන ගියා. ඊට පස්‌සේ අනෙක්‌ අපේක්‌aෂකයා ගෙවල්වලට ගිහින් අනෙක්‌ අපේක්‌ෂකගේ නම කියලා අහනවා ඔහු ආවද. ඔබේ වටිනා ඡන්දය ගන්න කීයක්‌ දුන්නද? රුපියල් දහයක්‌ දුන්න කිව්වම චී චී වටින ඡන්දයට රුපියල් දහයයි දෙන්නෙ. එයා දුන් දහයට මේ රුපියල් විසිපහ තියාගන්නට කිව්වා.” ඒ වගේ මම ලක්‍ෂ දෙකහමාරක්‌ දුන්නාම විපක්‍ෂයේ අපේක්‌ෂක කියනවා යතුරුපැදියට දුන් රුපියල් පනස්‌ දාහත් ආපහු දෙන්නම් ඔහුට ඡන්දය දෙන්න කියලා. මේවට රැවටෙන මිනිස්‌සු රාජ්‍ය සේවයේ නැහැ.

රුපියල් ලක්‍ෂ දෙකම කපාගන්නවා කියලා බොරු ප්‍රචාර අරිනවා. මේවාට රැවටෙන්න එපා. රැවටුණු යුගය ඉවරයි. මේ දිස්‌ත්‍රික්‌කයේ පානීය ජලය ලබා දෙන්න අපි සියලු පියවරගෙන අවසානයි. රුපියල් කෝටි ගණනක මුදල් වැයකර හැම ගමකටම ජලය ලබාදීලයි අපි වැඩ කරන්නේ.

වාරිමාර්ග ප්‍රතිසංස්‌කරණය කරලා වැව් හදලා ඉදිරියට යන ගමනක්‌ අපි දියත්කර තිබෙනවා. එය නතර කරන්නේ නෑ. මේ නගරයේ අයට ප්‍රශ්නයක්‌ තිබෙනවා. දවස ගානේ බදු වැඩිකිරීම. යුද්ධයට හිරවී තිබූ ප්‍රදේශ වේවා, මේ සම්බන්ධයෙන් අලුත් බදු තීන්දු ගන්න මම දැනටමත් කැබිනට්‌ මණ්‌ඩලයට දැනුම් දෙන්න ඉන්නේ. එවිට මේ නගරයේ ප්‍රශ්නයත් අවසන්.

මහින්දෝදය විද්‍යාගාර ලබාදී විද්‍යා අධ්‍යාපනය හඳුන්වාදීමේ වැඩපිළිවෙළ අපි දියත්කර තිබෙනවා. අද අපි දන්නවා මේ පළාතේ වී වල මිල නියම කළේ කවුද කියලා. සහතික මිලට වී ගන්න එනවිට ඒ පිරිස්‌ නිලධාරීන් හා එකතු=වෙලා බය කරලා අඩු මිලට වී ගන්නවා කියලා අපි දන්නවා.

වැඩිමිලට සහල් දෙනවා. මේ ඒකාධිකාරය ලබන 9 වැනිදායින් පසු බිඳ දමනවා. වී අලෙවි මණ්‌ඩලය ශක්‌තිමත් කර ගොවි ජනතාවගේ අයිතිය තහවුරු කරනවා.

පොහොර සහනාධාරය පිළිබඳව එක වචනයක්‌ මේ ප්‍රතිපත්ති මාලාවේ නොතිබීමෙන් පැහැදිලි වන්නේ ගොවි ජනතාවට අසාධාරණයක්‌ කරන්න අද සුදානම් වී තිබෙනවා කියලයි. එයට අප ඉඩ තබන්නේ නෑ. ලබන 9 වැනිදාටත් මමයි ජනපති. දිගටම ඔබට පොහොර සහනාධාරය ලැබෙනවා.

පොරොන්දු පත්‍රයේ එක එක දේවල්. හැම කෙනෙක්‌ එක්‌කම ගිවිසුම් තිබෙනවා. රට බෙදන ගිවිසුම හෙළිකරන්න සූදානම් නෑ. ඒ අයට ඕනෑ විදිහට ජාති, ආගම්, භේදය අවුස්‌සලා රට විනාශ කරන්න නම් අපි ඉඩදෙන්නේ නැති බව බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා.

ඔබ අප සමඟ අත්වැල් බැඳගෙන එදා වගේම ඉදිරියට යමු. මේ ප්‍රදේශ රැක ගැනීමේ වගකීම, නිදහස්‌, නිවහල්ව ජීවත්වීමේ අයිතිය රැක ගැනීමේ වගකීම ඔබට තියෙනවා. රට දෙකට කඩන්නේ නැතුව. මේ ප්‍රදේශය මුස්‌ලිම්, මේ ප්‍රදේශය දෙමළය, සිංහලය කියලා රට කෑලි කඩන්න ඉඩ නොතබා ඒකීය රටක්‌ වශයෙන් පවත්වා ගෙන යැමට අපි කටයුතු කරනවා කියන පොරොන්දුව එදා වගේම අදත් දෙනවා.

සහෝදරවරුනි, මේ දින කීපයේ ගෙන් ගෙට ගොස්‌ දැනුවත් කරන්න සූදානම් වන්න. බොරුකාරයන් රැවටිලිකාරයන්, ෙද්‍රdaහීන් පරාජය කිරීමට සැරසෙරන්න. කලින් දවසේ රාත්‍රී එකට ඉඳගෙන කෑම කාපු කෙනා පසුවදා උදේම හොරෙන්ම යනවා. ඒක ෙද්‍රdaහි කමක්‌ නොවේද?

සමහරු එය හපන්කමක්‌ ලෙසට කතා කරන්නේ. එක්‌ කෙනෙක්‌ කියනවා. උදේ 5 ට කතා කරනකොටත් යන්නේ නැහැ කිව්වා කියලා. අපෙන් ගියේ තුන්දෙනයි. නමුත් අපි ළඟට පෝලිමේ එන්නේ. අපි පක්‍ෂයේ ලේකම් ගියා අපේ පැත්තට එහෙ ලේකම් ආවා.

එ. ජා. ප.යට ඡන්දය දෙන්න ඉතුරුවෙලා ඉන්න අයට කියන්නේ අලිය දැන් නැති නිසා අපිත් එක්‌ක එකතුවෙලා බුලත් කොළය දිනවමු කියලයි. ඒ ජයග්‍රහණය ඔබේ ගොවි ජනතාවගේ ධීවර කම්කරු ජනතාවගේ රාජ්‍ය සේවකයාගේ දරුවන්ගේ ජයග්‍රහණයි. නිදහසේ ජයග්‍රහණයයි.

ජනාධිපතිවරයා දෙමළ බසින්ද කථා කළේය.

වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා, මේ මහ වැස්‌සේ කුඩ ඉහළගෙන මේ පිට්‌ටනියේ මේ ආකාරයෙන් ඔබ රැඳී ඉන්නේ ජාතික යුතුකමක්‌ ඉටුකිරීමටයි. ත්‍රස්‌තවාදයෙන් බැට කෑ තමුන්නාන්සේලාට ත්‍රස්‌තවාදය මුලිනුපුටා මේ ධරනිතලයෙන් අතුගා දමා නිදහස්‌, නිවහල්, දේශයක්‌ උදාකරදුන් නායකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ ආකාරයෙන් කෙළෙහිගුණ දැක්‌වීමට පෙළගැසීම සතුටට කරුණක්‌.

ත්‍රස්‌තවාදය නිසා ඔබට රාත්‍රිය ගතකරන්න වුණේ කැලේ. එදා ඔබ ඉල්ලුවේ යහපාලනයක්‌, විධායක ජනාධිපති ක්‍රමය නැතිකරන්න නොවෙයි. ජීවත්වීමේ අයිතිය තහවුරු කරදෙන ලෙසයි.

නිදහස දිනා දුන් නායකයා ඉවත්කර රට දෙකඩ කරන්න දෙමළ ඩයස්‌පෝරාව හදන්නේ උතුරු නැගෙනහිර එක්‌කරලා වෙනම රාජ්‍යයක්‌ හැදීමටයි. ඒ කුමන්ත්‍රණය අද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු යන වෙස්‌ මුහුණකින් පැමිණ තිබෙනවා.

මහජන එක්‌සත් පෙරමුණේ නායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා, උතුරු නැගෙනහිර පළාත් ප්‍රධාන කරගෙන කොටි ත්‍රස්‌තවාදීන් ඊළාම් දේශයක්‌ ඇතිකිරීමට, වෙනම රටක්‌ බිහිකිරීමට තැත්කරන අවස්‌ථාවල එයට එරෙහිව මාතෘ භූමිය එක්‌සේසත් කිරීමට අඛණ්‌ඩ සටනක්‌ ගෙනගිය අප රටේ හිටපු නායකයන් පස්‌දෙනෙකුට එය පරාජය කරන්න බැරිවුණා.

2005 දී බලයට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ඉතා කෙටි කාලයකින් 2009 මැයි 19 වන දින කොටි ත්‍රස්‌තවාදය පරදවා රට එක්‌සේසත් කිරීමට පුළුවන්කම ලැබුණා. අපිට නිදහසේ ජීවත්විය හැකි රටක්‌ ජනිත කළේ එතුමායි. ඒ නිසාම එතුමාට රාජ්‍ය නායකයන් අතර ගෞරවයක්‌ දිනාගන්න පුළුවන් වුණා.

රට බෙදන ව්‍යාපාරය සමඟ ගිවිසුම් හදාගෙන ගිය සිරිසේන මහත්තයා එ.ජා. පය සමඟ අත්වැල් බැඳගෙන රූකඩයක්‌ ලෙස ඉදිරිපත් වෙලා. අද එ. ජා. ප. යට අපේක්‌ෂකයෙක්‌ ඉදිරිපත් කරගන්න බැරි පක්‍ෂයක්‌ බවට පත්වෙලා.

රාජ්‍ය සේවකයන් ගැන කතා කරන්න එ. ජා. ප. යට කිසිම අයිතියක්‌ නැහැ කියලා රාජ්‍ය සේවකයන්ගේ තීරණය ප්‍රකාශ කරන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

ඇමැතිවරුන් වන පී. දයාරත්න, තිස්‌ස අත්තනායක යන මහත්වරු ඇතුළු තවත් මැති ඇමැතිවරු පිsරිසක්‌ ද කතා කළහ.

Protected by Security by CleanTalk