ඒ වගේම මරණය හඳුන්වන්නේ විපත කියායි.
උපත ඇති වන්නේ මරණය නිසයි. මරණය විපතක් නම් උපත ද විපතක් විය යුතුයි.
එසේ සිතනවාට වඩා උපත කියන්නේ සැපතක් නොවන බවත් කිසිසේත්ම විපතක් නොවන බවත් අප විසින් තේරුම් ගත යුතුයි.
උපත විපතක් කර ගැනීමට මිය යනතුරු බලා සිටිය යුතු නැහැ.
ආශාව නිසා ඇති කරගන්නා බැඳීම්වලින්ද තෘෂ්ණාව නිසා ඇති කරගන්නා රැස්කිරීම්වලින්ද, උපතට මරණයට කලින් විපත ලංවේ.
බුදුන් වහන්සේ වෙත මාරයා ළං වුණේ බුදුන් පිරිනිවන් පෑමට කලින්. තනිව නොවේ තණ්හා රතී රඟා දියණියන් ද සමඟයි. එයින් හැඟෙන්නේ තණ්හාවෙන්, කායික පිනවීමෙන් හා ඉන්ද්‍රියන්ට වසඟ වීමෙන් මිදී සිටි නිසා මාරයාගේ
සැලසුම ක්‍රියාත්මක නොවීමයි.
මාරපරාජය ගෞතම බුදුන් වහන්සේගේ පෞද්ගලික ජයග්‍රහණයක් නොව සසරෙන් එතෙරවීම ප්‍රාර්ථනා කරන සියලු සත්වයන්ගේම ජයග්‍රහණයක්.
එදා මාරයා දිනුවේ නම් පිරිනිවන් පෑමට බුදු කෙනෙක් ඉතිරි වන්නේ නැත. මිය යන්නේ සිද්ධාර්ථ කෙනෙක් පමණයි.
බුදුන් වහන්සේට මරණින් මතු යෑමට තැනක් නැති නිසා
බුදුන් වහන්සේ තවමත් අප සමඟයි.
වෙනත් වචන වලින් කිවහොත් පුද්ගලයෙක් හැටියට නොව ධර්මය හැටියටයි.
(“ධර්මය දකින්නා මා දකී” ගෞතම බුද්ධ)
-තෙවැනි ඇස-
19.11.2024