Spread the News
භික්‍ෂුන් වහන්සේලාගේ ප‍්‍රජා අයිතිය අහිමි කිරීමේ 
කුමන්ත‍්‍රණයේ බළලා මල්ලෙන් එළියට පනී.  source:


භික්‍ෂුන් වහන්සේලා ඇතුළු ආගමික පූජකවරුන් මැතිවරණ සඳහා ඉදිරිපත්වීම වළක්වාලීම සඳහා ගෙන ආ පෞද්ගලික පනත් කෙටුම්පත සම්බන්ධව කතෝලික සභාව සිය ස්ථාවරය ප‍්‍රකාශ කර ඇත. ගුවන් විදුලි සේවයකට අදහස් පළ කල කතෝලික සභාවේ ජනමාධ්‍ය අධක්‍ෂක බෙනඩික් ජෝසෆ් පියතුමා පවසන්නේ මෙම පනත ඉතාමත් කාලෝචිත පනතක් බවයි.
භික්‍ෂූන් වහනසේලාගේ දේශපාලන ආගමනයෙන් වඩාත් සලිත වු පාර්ශවයක් ලෙස කතෝලික සභාව හඳුන්වා දිය හැක. ඒ ප‍්‍රබල ලෙසම අන්‍යාගමිකරණයට එරෙහි පනත ගෙන ඒමට පාර්ලිමේන්තුවට තේරී පත් වු භික්‍ෂුන් වහන්සේලා කටයුතු කිරීමත් සිංහල බෞද්ධයාගේ හඬ පාර්ලිමේන්තුව වෙත යොමුවීමත් ඔවුන්ට විශාල අභියෝගයක් වූ නිසාය.
මෙම පනත සම්බන්ධව අදහස් දක්වා ඇති අනෙකුත් ආගමික සංවිධාන පූජ්‍ය හෝ පූජක පාර්ශවයන් සතු විය යුතු එම අයිතිය උල්ලංඝනය නොකළ යුතු බවට ප‍්‍රකාශ කරද්දී කතෝලික සභාව මෙම පනතට සහාය දීමට ඉදිරියට ඒම තුළින් අපට හැඟී යන්නේ භික්‍ෂූන් වහන්සේලා විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු සදාචාර විරෝධී අන්‍යාගම්කරණයට එරෙහි පනත ගෙනඒම නිසා එහි වාඩුව ගැනීමට කතෝලික සභාව උත්සාහ කරන බවයි. අන්‍යාගම්කරණ පනත වළකා ගැනීමට වරින් වර ජාතික හෙළ උරුමය සමග පවා සාකච්ඡා කරමින් පනත සම්මත කිරීම වළක්වාලීමට කතෝලික සභාව වෙහෙස වූ අයුරු අප දනිමි. ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ මැතිතුමා කඩිමුඩියේ මෙම පනත ගෙනඒමට හේතු වූයේ කුමන බලවේගයන්ගේ අවශ්‍යතාවය මතද යන්න අපහට ප‍්‍රශ්නයක්ව පැවති අතර කෙසේ හෝ බළලා මල්ලෙන් එළියට පැනීම පිළිබඳව අප සතුටු වන්නේ ඉන් එක් බලවේගයක් අප හඳුනාගත් නිසාය.
එදා මෙදා තුර භික්‍ෂුන්වහන්සේලා සෘජුව දේශපාලනයට සම්බන්ධ වූ අවස්ථා ඉතිහාසය තුළ ඉතාමත් සුලබය. භික්‍ෂූන් වහන්සේලා වෙත පැවති ඵෙතිහාසික එමෙන්ම ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතිය කිසිලෙසකින් හෝ නැති කිරීමට ඉඩදීමට ජාතික හෙළ උරුමය සුදානම් නැති බව මේ පනත ගෙනඒම පිටුපස සිටින බෞද්ධ විරෝධී සියලූ බලවේගයන්ට අවධාරණය කරනු කැමැත්තෙමු.

ශාස්ත‍්‍රපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි
බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අනුමණ්ඩලය
ජාතික හෙළ උරුමය.