Spread the News

“භික්‌ෂූන්වහන්සේනමක්‌ අපවත්වූ කතාව බොරු”
– පොලිස්‌පති කියයි

“තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නවා”

සමන් ගමගේ

බේරුවල හා අලුත්ගම ප්‍රදේශවල කලහකාරී ලෙස හැසිරෙමින් සාමය කඩකිරීමට කටයුතු කරන කණ්‌ඩායම් ඉදිරියේදී තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.

ප්‍රදේශයේ සීසීටීවී කැමරා දත්ත හා වීඩියෝ දර්ශන අනුව කලහකාරී පිරිස හඳුනාගෙන ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රිsයාත්මක කරන බව ඒ මහතා කීය.

මෙම ප්‍රදේශවල ඊයේ (16 දා) සවස්‌ වනවිට යළි ගැටුම්කාරී සිදුවීම් වාර්තා වෙමින් තිබිණ.