මගෙ මව් ලංකා

 පන නල ලංකා

මගෙ රට ලංකා

 සුරකිමු නන්වා

 සදා …….. පනමෙන් රකිමු ලංකා….

වීරපරපුරට උරුමකම් කියූ

 රාජාවලියක නෑදෑයන් වූ

දැනුමෙන් බිනුමෙන් ලොව පූජිත වූ

 සිංහවංශික සිංහලයන් වූ

අපට උරුම මේ රට… අප මියැදෙන මේ බිම …..

 මගෙ මව් ලංකා……….

. අහස පරද්දන දාගැබ් නැන්වූ

 පොලව පරද්දන මහ වැව් කරවූ

 වසර පුරාවට අටුකොටු පිරවූ

 සිංහවංශික සිංහලයන් වූ

අපට උරුම මේ රට…. දිනෙක මියෙනතුරු මම …..

 මගෙ මව් ලංකා………

 සූර වීර ගතියෙන් පෝශිත වූ

දීන හීන කම් බහැර කරා වූ

 දාන ශීල නිති ප්රගුන කලාවූ

සිංහවංශික සිංහලයන් වූ

 අපට උරුම මේ බිම……. දිනෙක මියෙන තුරු මම

…. මගෙ මව් ලංකා…….

– ධම්මික

Protected by Security by CleanTalk