වජිර මහත්මයාගෙන් යථාවාදී දැක්මක්.
මගේ පියා පාසැල් ගොස් තිබුණේ පළවෙනි පන්තිය දක්වා පමණයි.
මව හතරවෙනි පන්තිය දක්වා පමණයි.
වේලාසනින්ම පාසැල් අධ්‍යාපනය අවසන් කළ ඔවුන් දෙදෙනා ධර්ම නීතියට හා ස්වභාවික රීතියට ගරු කරමින් දුකට පත් වූ අය දුකෙන් මුදවාලීම සඳහා බොහෝ දේ කළා.
අනාගතය වෙනුවෙන් කියා ඉඩකඩම් මිලදී ගත්තෙත් නෑ ගෙවල් දොරවල් හැදුවෙත් නෑ. හම්බ කළ මුදල් අන් අයට දීමෙන් විශාල සතුටක් ලැබුවා.
කිසිදාක බොරු කිව්වේ නෑ සොරකම් කළේ නැහැ.
මගේ පියා පුදුම විදිහට පොත පත කියෙව්වා. 1910 සිට 1920 දක්වා එකතු කළ පුවත්පත් වලින් පුද්ගලික ලේඛනාගාරයක් හදාගෙන හිටියා.
වයස අටේදී පමණ කාලයේ සිට මම තාත්තාගේ ලේඛනාගාරයේ තිබූ පුවත්පත් කියෙව්වා.
පියාගෙන් අපට ධනයක් ඉතුරු නොවුනද, මිනිස්කම අවංකකම විනය ගරුකම ඉතා හොඳින් අපට කියා දුන්නා.
දැනුම සම්බන්ධයෙන් මාලත් ජයග්‍රහණ පිටුපස ඒ දෙදෙනාම හිටියා.
මා සතු දැනුමෙන් කොටසක් ඔවුන් දෙදෙනා සතුයි. ඒ දැනුම පොත පතට සීමා වුණ දැනුමක් නොවෙයි.
මරණය දක්වාම ඔවුන් දෙදෙනාම ජීවත් වුණේ පොළවේ පය ගසායි.
ඔවුන් අපට කියා දුන් පාඩම් මිල කළ නොහැකියි.
මම අදටත් අම්මා සහ තාත්තාව කෘතඥ පූර්වකව සිහි කරනවා.
මෙය පරම්පරා ගණනාවක් ඔස්සේ ගලා යන අඛන්ඩ ප්‍රවාහයක්. මාගේ දරුවන් තුළ පමණක් නොවෙයි මුණුපුරන් තුළත් ඒ ලක්ෂණ ආරක්ෂා වී තිබීම ගැන මා නිහතමානීව ආඩම්බර වෙනවා.
මීටත් වඩා දෙයක් අපට ජීවිතයෙන් බලාපොරොත්තු විය හැකිද?
-එඩ්වර්ඩ්-
01.01.2024