Spread the News

p1 4 10Divaina:

ශ‍්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් වන චෝදනාවන්ට නිසි ක‍්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් බි‍්‍රතාන්‍යය මූලිකත්වයෙන් මානව හිමිකම් සම්මේලනයට ඉදිරිපත් කළ ලංකාවට එරෙහි යෝජනාව වැඩි ඡුන්දයෙන් සම්මත වූවා යැයි හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (31 දා) පැවසීය.

හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා විසින් ජිනීවා මානව හිමිකම් කොමිසමට රට පාවාදීම නිසා මෙවර මානව හිමිකම් කොමිසම රටට එරෙහිව ක‍්‍රියා කළ බවට රජයේ පාර්ශ්ව කරන ප‍්‍රකාශ සත්‍යයෙන් තොර බවත් මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ රජය මානව හිමිකම් සම්මේලනයට එක`ග වූ යෝජනා ක‍්‍රියාත්මක නොකිරීම නිසා එම තත්ත්වය උදාවූ බවත් ඒ මහතා සඳහන් කළේය.

පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ ඊයේ (31 දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මංගල සමරවීර මහතා මෙම අදහස් ප‍්‍රකාශ කළේය. ජිනීවා මානව හිමිකම් සමුළුවෙන් පසු ඒ මහතා පළමු වරට මාධ්‍ය වෙත අදහස් දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව පවත්වනු ලැබීය.

මහින්ද රාජපක්‍ෂ රජය බලයට පැමිණීමට පෙර, මානව හිමිකම් ආරක්‍ෂා කරන බවට ප‍්‍රකාශ කර, බලයට පැමිණි පසු ඒ ගැන විමර්ශනය කරනු වෙනුවට කොමිෂන් පත්කර ප‍්‍රශ්න මගහැර ගිය බවට මංගල සමරවීර මහතා චෝදනා කළේය. අඩුම වශයෙන් එම ආණ්ඩුව විසින් පත් කරන ලද උගත් පාඩම් කොමිසම, පරණගම කොමිසම යන කොමිෂන්වලින් ලබාදුන් නිර්දේශ හෝ ක‍්‍රියාත්මක කර තිබුණේ නම් මෙවර මානව හිමිකම් සම්මේලනයේදී ලංකාවට එරෙහිව බරපතළ තීරණයක් නොගනු ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා