Spread the News

මත් ද්‍රව්‍ය ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ආණ්ඩුව සහ රාජ්ය අංශයේ ව්‍යායාමය උපායමාර්ගික වැදගත්කමක් උසුලයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ විෂය යටතේ මත් ද්‍රව්‍ය ත්‍රස්තවාදය පරාජය කිරීම සහ ඇබ්බැහි වූ වන් පුනුරුත්ථාපනය සිදු කළ යුත්තේ ය.

උක්ත මෙහෙවර සඳහා නෛතික බලයක් හිමි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නමවන වගන්තිය ප්‍රකාරව බව සිහි තබා ගත යුතුය.

මත් ද්‍රව්‍ය ත්‍රස්තවාදය වැළැක්වීමේ ප්‍රඥප්තිය; ශ්‍රි ලංකා රාජ්‍යය බුද්ධ සාසනයට ප්‍රමුඛස්ථානය පිරිනැමිය යුත්තේ ය යන වගන්තිය බුද්ධ ආඥාවකි.

එම ආඥාව වසර දෙදහස් පන්සිය ගණනක් තිස්සේ සිංහල බෞද්ධයා විසින් රැකගෙන පිළිපැදීම කර ඇත.

මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය පරාජය කිරීමට සිදු කරන නීත්‍යානුකූල ක්‍රියාවලියට;

🔸වැරදි අර්ථකථන දීම
🔸දෝෂ දර්ශනයට ලක් කිරීම
🔸විවේචනය කිරීම අවඥාවට ලක් කිරීම
🔸බාධා එල්ල කිරීම
🔸දුර්වල කිරීම

▫️ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කිරීමකි.

▫️බෞද්ධ ජනතාවට එරෙහිව සිදු කරන අපරාධයකි.

▫️ජාතික ආරක්ෂාව උල්ලංඝනය කිරීමකි.

▫️සිංහල බෞද්ධයා ගේ සම්මා සතිය සම්මා දිට්ඨිය අහිමි කිරීමට ඍජුව කටයුතු කිරීමකි.

ජාතික පැවැත්මට තර්ජනයක් වන එවැනි සාපරාධී ක්‍රියාවන් හි නිරත වන්නාවූ පුද්ගලයින්, සංවිධාන, දේශපාලන පක්ෂ සහ ව්‍යාපාර, වෙබ් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය පිළිබඳව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව කටයුතු කළ යුත්තේ ය.
©2022

✍️- ඉන්දික සහභණ්ධු භූදේශපාලන නිරීක්ෂක

Picture courtesy Wikipedia