Spread the News

නඩු 32 යි වරෙන්තු 17යි ජපානය පෙන්වා මුදල් ගැරුවේ මෙහෙමයි… දෙදෙනාම ශූරියෝ…මවට අවු. 49 යි දුවට 26 යි

japanaya


රුවන් ජයවර්ධන –Divaina


රැකියාවක් සඳහා ජපානය බලා පිටත්ව යෑම විදේශ රැකියාවක් පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන මෙරට බොහෝ දෙනෙක් තුළ පවතින සිහිනමය අපේක්ෂාවක්ය. එය සැබෑවක් බවට පත්කර ගැනීමට සමත්වන පිරිස වසර කිහිපයක් එරට රැකියාවකොට නැවත සිය රට පැමිණෙන්නේ කිසිවෙකුට අතනොපා ජීවත්වීමට තරම් ප‍්‍රමාණවත් ආර්ථික ශක්තියක් සහිතවය. මෙම මිල අධික සිහිනය සැබෑවක් බවට පත්කර දීමේ මුවාවෙන් ඇතැම් පුද්ගලයන් මහා පරිමාණ මුදල් ගැරීමේ ජාවාරම් ආදියේ නිරතවීම ද කලක පටන් සිදුවන්නක්ය. ගේ දොර ඉඩකඩම් උකසට තබන ඇතැමුන් ජපන් සිහිනය සෑබෑකර ගැනීම පිණිස ජාවාරම්කරුවන්ගේ මායම්වලට රැවටී දේපළත් මුදලත් යන දෙකම අහිමිකරගත් අවස්ථා බොහෝය.

ඉකුත් දිනෙක නවගමුව පොලිසිය මගින් සිදුකරන ලද එක්තරා වැටලීමකදී ජපානය පෙන්වා ලක්ෂ ගණනින් මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට සමත්විය. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ විමර්ශන ආදියෙන් හෙළිදරව් වී ඇති පරිදි ඒ වනවිට ද මෙම මහා පරිමාණ ජාවාරමේ නිරත කාන්තාවට විරුද්ධව අධිකරණ තුළ නඩු 32ක් ගොනු කර තිබෙන අතර පොලිස් වරෙන්තු ගණන 17 කි. එය එතෙකින්ද නිමාවන්නේ නැත. මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇය විසින් සිදුකොට ඇති තවත් මූල්‍ය වංචාවන් රැසක් පිළිබඳව මේ වනවිට ද පොලිස් පැමිණිලි ලැබෙමින් ඇත. සියලූ පැමිණිලි හරහා හෙළිදරව් වෙමින් පවතින්නේ සුන්දර ජපානය පෙන්වමින් ඇය විසින් සිදුකර තිබෙන අසුන්දර ජාවාරම් පිළිබඳ කතා පෙළක්ය.

මෙතැන් සිට මෙම කතාවේ පහසුව පිණිස මූල්‍ය වංචාවේ නිරත තැනැත්තිය සමන්මලී යනුවෙන් හඳුන්වමු. 49 හැවිරිදි සමන්මලී තිදරු මවක්ය. ඇය සහ ඇගේ සැමියා හරිහමන් රැකියාවක නිරත වන්නේ නැත. එහෙත් බැලූ බැල්මට රැකියාවක නිරත කාන්තාවකට වඩා හොඳ ජීවිතයක් ගතකරන්නියක්ය. ඇඳුමෙන් පැළඳුමෙන් මෙන්ම කථාබහෙන්ද සමන්මලී තුළින් උගත් වැදගත් බවක් දිස්විය. අවිස්සාවේල්ල දික් ඕවිට සමන් සිරිගම පදිංචිකාරියක් වූ ඇය සහ පවුලේ උදවිය මීට වසර කිහිපයකට පෙර දික් ඕවිට සමන්සිරි ගමට සමුදී නවගමුව පොලිස් වසමට අයත් බටේපොළ පිහිටි කුලී නිවසක් පදිංචිය පිණිස තෝරා ගෙන ඇත.

japn2ව්‍යාපාරික කටයුතුවල පහසුව සඳහා යැයි සඳහන් කරමින් බටේපොළට පැමිණෙන මෙම කාන්තාව ඇතුළු පවුලේ උදවිය ඔවුන් එතෙක් දිනක් සිදුකළ මහා පරිමාණ ජාවාරම රට පුරා ව්‍යාප්ත කිරීම ආරම්භකොට ඇත්තේ එතැන් සිටය. විවිධ උපාය උපක‍්‍රම භාවිත කරමින් සමන්මලී සිය ජාවාරම වඩාත් සාර්ථකව පවත්වාගෙන ගොස් ඇත්තේ එතැන් සිටය. රැකියාවක් පිණිස ජපන් යෑමට බොහෝ දෙනෙක් සමන්මලී සොයා පැමිණීමට ගන්නේ එතැන් සිටය. එලෙස පැමිණෙන ඕනෑම පුද්ගගයෙක් එවෙලෙහිම මනසින් ජපන් යැවීමට තරම් සිත් ඇදගන්නා කථන හැකියාවකින් යුත් සමන්මලී ආරම්භයේ සිටම තමන්ගේ සේවය ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් .ඇන්දවීම. ආරම්භ කරන අතර එය ක‍්‍රියාත්මක වන්නේ ඇය විසින් ඉදිරිපත් කරන ජපන් පැකේජයට අනුවය. විදේශ ගමන් බලපත‍්‍රය ඇතුළු අනිකුත් සියලූම සේවාවන් ඇතුළත් එම පැකේජයට අනුව ජපානයේ රැකියාවක් අනිවාර්යෙන්ම හිමිවීමට නියමිතය.

එතැන් සිට ඒ සඳහා අවශ්‍ය වියදම් සේවා දායකයා විසින් දැරිය යුතුය. සමන්මලී තියරිය වන්නේ එම මුදල් කොටස් වශයෙන් අයකර ගැනීමටය. ඇයගේ උපායට හසුව ඇති විශාල පිරිසක් ඇය පොලිස් අත්අඩංගුවට පත්වනතුරු නොදැන සිටි කරුණු බවට පත්වන්නේ ඔවුන්ගේ ජපන් ගමන කෙසේ වෙතත් එම මුදල් එතෙක් කල් සමන්මලී ඇතුළු ඇයගේ පවුලේ උදවියගේ සුඛ විහරණය පිණිස පමණක් යොදාගෙන ඇති බවය.

විවිධ උපක‍්‍රම හරහා කලක් තිස්සේ මෙම ජාවාරම ක‍්‍රියාත්මක කරන සමන්මලීට විරුද්ධව නවගමුව පොලිස් පැමිණිලි ලේඛනයේ පළමු පැමිණිල්ල සටහන් වන්නේ 2019 වර්ෂයේදීය. ඇය විසින් සිදුකරන ලද තවත් මූල්‍ය වංචාවක් පිළිබඳ දෙවැනි පැමිණිල්ල එම වර්ෂයේදීම නවගමුව පොලිස් පැමිණිලි ලේඛනයේ සටහන්වීමත් සමග නවගමුව පොලිසිය මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත. එම පැමිණිලි දෙකට අනුව ඇය විසින් ජපන් රැකියා ලබාදෙන බව පවසා වංචාකොට ඇති මුදල රු. 846500ක්ය. සමන්මලී පසුපස පොලිස් ඇස ක‍්‍රියාත්මක වන්නෙ එතැන් සිටය.

ඒ අනුව ඇය යන එන ස්ථාන ඇසුරු කරන පුද්ගලයන් ඇතුළු සියලූ තොරතුරු එක්රැස් කර ගන්නා පොලිසිය, එහිදී වැඩිදුරටත් තහවුරුකොට ගෙන ඇත්තේ මෙම ජාවාරම් පිටුපස සමන්මලීගේ සැමියා සහ වැඩිමහල් දියණිය ද කටයුතු කරමින් සිටින බවත්ය. බොරුව, වංචාව සදාකාලික නැත. සමන්මලීට ද එම සත්‍යයට මුහුණදීමට සිදුවන්නේය. ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද පුළුල් විමර්ශනයක ප‍්‍රතිඵලයක් ලෙස ඉකුත් 10 වැනි දා එතෙක් කලක් පොලිසිය මඟහරිමින් සිටි සමන්මලී නීතියේ රැහැනට කොටුවන අතර ඇය විසින් සිදුකළ මූල්‍ය වංචා රැසක් පිළිබඳ සැබෑ තොරතුරු හෙළිදරව් වන්නේ එතැන් සිටය.

සමන්මලීගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඇගේ නිවසේ තිබී විදේශ ගමන් බලපත‍්‍ර 4 ක් සොයා ගැනීමට එදින පොලිසිය සමත්වී ඇත. නිවසේ වෙනත් ස්ථානයක තිබී විදේශීය මත්පැන් බෝතල් කීපයක් ද සොයාගෙන ඇත. ඊට අමතරව මේ වනවිට පොලිසිය විසින් කරන ලද විමර්ශනවලට අනුව ඇය අවිස්සාවේල්ල දෙහි ඕවිට පදිංචිව සිටි අවධිය තුළ ද මෙවැනිම මූල්‍ය වංචා රැසක් සිදුකර ඇති කාන්තාවක්ය. අධිකරණය ඉදිරියේ පස් වරක් වැරදිකාරියක්ව ඇති සමනමලී අවස්ථා කීපයකදී ඒ සඳහා දඬුවම් විඳ ඇති තැනැත්තියකි. ඇය අත්අඩංගුවට පත්වන අවස්ථාව වනවිට ඇයට විරුද්ධව නඩු 32 ක් අධිකරණය ඉදිරියේ පවතින බව ද පොලිසිය විසින් තහවුරු කරගෙන ඇත. ඊට අමතර පොලිස් වරෙන්තු 17 ක් පමණ සමන්මලීගේ නම ඉදිරියේ සටහන්ව ඇත. ජපන් සිහිනය සැබෑකර ගැනීම පිණිස ලක්ෂ ගණන් මුදල් අහිමිකරගත් පිරිස අතර තඹුත්තේගම, අනුරාධපුර, ඇල්පිටිය ඇතුළු තවත් ප‍්‍රදේශ රැසක පුද්ගලයන් සිටින අතර මේ වනවිටත් ඇයට විරුද්ධව පොලිස් පැමිණිලි වාර්තා වෙමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග සඳහන්කර සිටී. එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ඉදිරියේදී මෙම වංචාව සම්බන්ධව අත්අඩංගුවට ගත් කාන්තාවගේ සැමියා හා දියණිය ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත්ය.

මෙම සිදුවීම ජපානය පෙන්වා මුදල් ගැරීමේ පළමු සිදුවීම නොවනවා සේම, අවසන් සිදුවීම ද නොවනු ඇත. මෙවැනි ජාවාරම් ආදියේ .ගොදුරු. බවට විශාල වශයෙන් පත්වන පුද්ගලයන් පිළිබඳ කොතෙකුත් පුවත් වාර්තා වෙමින් ඇත. එළෙසින් බල්ලන් හෝ මරා සල්ලි හොයන සමාජ වටපිටාවක් තුළ ගොදුරු සොයන ලිහිණියන්ට ගොදුරු නොවීමට කවුරු කවුරුත් වගබලා ගත යුතුය.

සහකාර පොලිස් අධිකරි නුගේගොඩ :ඪ) රොෂාන් පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත නවගමුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක දිනේෂ් අත්තරගම, පො.සැ. 27855 බන්දුල, පො.කො. 93827 බණ්ඩාර, පො.කො. 97108 වික‍්‍රමසිංහ, කා.පො.කො. 11026 හංසනී, කා.පො.කො. 10252 දිල්රුක්‍ෂි යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කරන ලදී.