Spread the News

2024 ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව කිසිදු අපේක්ෂකයෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයට අනුව හරි අඩක් ලබා ගැනීමට අසමත්වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසයි.ඒ අනුව දැනට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා සිටින අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ඡන්ද හැර අන් සියලු අපේක්ෂකයින්ගේ ඡන්ද ඉවත් කිරීමට තීරණය කළ බව සඳහන් කරයි.එම අපේක්ෂකයින්ගේ ඡන්ද පත්‍රිකාවල අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් වෙත සලකුණු කර ඇති මනාප ගණන් කිරීම ආරම්භ කළ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

උපුටා ගැනීම දිවයින