මරණ දඬුවම හිමි 200 ක්‌ දරුණු රෝගාබාධවලට ගොදුරු වෙලා!

Spread the News

මරණ දඬුවම හිමි 200 ක්‌
දරුණු රෝගාබාධවලට ගොදුරු වෙලා!

නෝමන් පලිහවඩන
source:
මරණ දඬුවම නියමව සිටින සිරකරුවන් 304 දෙනකුගෙන් 200 ක්‌ පමණ දරුණු රෝගාබාධවලට ලක්‌ව සිටින බව වැලිකඩ බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ දිවයින ඉරිදා සංග්‍රහයට පැවැසීය.

මහනුවර බෝගම්බර සහ වැලිකඩ සිර ගෙවල්වල පසුවෙන මෙම සිරකරුවන් ඇස්‌ අන්ධ බව, මානසික රෝග, හදවත් රෝග සහ දියවැඩියාව වැනි රෝගවලට ගොදුරුව සිටින අතර මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර ඔවුන් මෙම රෝගී තත්ත්වයන් හේතුවෙන් සිරගෙවල් තුළ මිය යනු ඇති බව එම ප්‍රකාශකයා කීය. දරුණු රෝගවලට ගොදුරුව සිටින සිරකරුවන් අතර කාන්තාවෝ දෙදෙනෙක්‌ ද වෙති.

බන්ධනාගාර වෛද්‍යවරුන්ට මෙම සිරකරුවන් පිරිස පවසා ඇත්තේ කරන ලද වැරැදිවලට බන්ධනාගාරය තුළ පව් ගෙවන බවය.

මරණ දඬුවම නියම වූ සමහර සිරකරුවන් තනිවම කතාකරන අතර තවත් සමහරු බලාගත් අතම බලාගෙන සිටින බව බන්ධනාගාරය කියයි.