Spread the News

මුල් ගායනය – පේෂලා මෙන්ඩිස් සංගීතය – වික්ටර් රත්නායක ගී පද – ප්‍රේමකීර්ති ද අල්විස්

2022-06-12

උතුම්වූ පොසොන් පෝය නිමිති කරගෙන පුජාවක් වශයෙන් මෙම ගීතය සෙනුජ අනුහස රණසිංහ හා ඔහුගේ දෙමව්පියන් ගේ ඉල්ලීම මත කලා උරුමයක් සේ රැකිය යුතු අපේ ළමා ගීයක් වන ”මලක් නෙලා ගෙනවිත් බුදුසාදුට පිදුවා” යන අපේ මතකයෙන් කවදාවත් ගිලිහි නොයන මේම ළමා ගීතය සෙනුජ අනුහස විසින් මෙසේ සමාජ කරණ ලදී. සැමට තෙරුවන් සරණයි…

පොසොන් පුර පසලොස්වක පෝය (ජූනි මාසය) වැදගත්කම. අනුබුදු මහා මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල යන අරහතුන් වහන්සේලාත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද, භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා යන පිරිස ධර්මවිජය පිළිබඳ අනගිතම පණිවුඩය මූර්තිමත් කරමින් ශාන්තීය දූතයන් වශයෙන් මිස්සක පව්වට වැඩමකර බු:ව 236 දී ලක්දිව බුදුසසුන පිහිටුවීම.

ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන භණ්ඩුක උපාසක මහණ උපසම්පදාව සිදුවීම. බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීම.

දෙවනපෑතිස් රජු ඇතුළු 40,000 ක් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණ යාම. සුමණ සාමනේරයන් වහන්සේගේ ආරාධනයෙන් මිස්සක පව්ව අබියසට වැඩි දෙවියන්හට සමචිත්තපරියාය සූත්‍රය මිහිඳු හිමියන් විසින් දේශනා කිරීම.

Oringinal Songs: https://www.youtube.com/watch?v=56weX…