මවකට විළිරුදා වක් ඇතිවන්නෙත් දරුවෙක් වදන්නයි.
දරුවා බිහි වුණාට පසු මවට ඇති වන සතුට හා සසඳන විට ඒ වේදනාව මොකද්ද කියා මවටම හිතෙනවා ඇති.
අපත් ජීවිත කාලයක් පුරා විළි රුදාවකින් පීඩිතව
ලොවට යමක් බිහි කරන්න බලවත් පරිශ්‍රමයක යෙදී සිටිනවා.
එක්කෝ අපි විළි රුදාවෙන් පෙළෙන අම්මලා. එසේත් නැත්නම් ඒ අම්මලාට වින්නඹු කම් කරන අම්මලා.
අප හැම කෙනාටම මනුෂ්‍යත්වයේ නාමයෙන් කිසියම් කාර්යභාරයක් පැවරී තිබෙනවා.
කළලයට මව්කුස තුළ ම මැරී යන්න ඉඩ දෙන්න බැහැ.
මා නැවත නැවතත් හැමදෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ, ශ්‍රී ලංකා සමාජය තුළ විවිධ ජාතීන් දකින්නට උත්සාහ කරන්න එපා කියලා.
කිසියම් ජනවාර්ගික කොටසක් සංඛ්‍යාවෙන් අඩු වීම නිසා ඔවුන් “සුළු ජාතියක්” ලෙස හෝ සිංහලයන් ලංකාවේ බහුතරය නිසා ඔවුන් “මහ ජාතිය” කියා සංජානනය කරන්නත් එපා.
ඕනෑම රටක මහා සම්ප්‍රදාය සහ චූල සම්ප්‍රදායන් කියා වෙනසක් තිබෙනවා.
හෙළ දීපයේ මහා සම්ප්‍රදාය බිහි කර තිබෙන්නේ හෙළයන්. එය ලෝකයේ වෙන කිසිම රටක දකින්නට ලැබෙන්නේ නැහැ.
එය ලෝක උරුමයක් ලෙස පිළිගන්නේ ලෝකවාසීන්මයි. අප විදේශ රටවල් වල ජීවත් වෙම්න් පවා අදටත් උත්සාහ කරන්නේ මහා සම්ප්‍රදාය සමඟ අපේ ඇති අනන්‍යතාවය රැකගැනීමටයි.
යම් කිසි කෙනෙක් එයට ජාතිවාදය යැයි කියන්නේ නම්, එම පුද්ගලයා ඇත්තෙන්ම උන්මත්තකයෙකි.
- තෙවැනි ඇස-
07.10.2023