Spread the News

මහත්මා ගාන්ධි සහ බේඩන් පවල් පිළිරූ කැඩීමේ පසුබිම?
source:
ඉන්දීය නිදහස්‌ සටනේ පුරෝගාමියා වූ මහත්මා ගාන්ධිගේ පිළිරුව හා බාලදක්‍ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් සාමිගේ පිළිරුව ද මඩකලපුවේදී කඩා දමා ඇත.

මෙය මඩකලපුව කොටි හිතවාදී මාධ්‍ය විසින් පසුගිය සිකුරාදා රාත්‍රි 7.27 ට ලොව පුරා ප්‍රචාරය කෙරිණි. එකී පුවත එම අවස්‌ථාවේම ඉන්දීය එන්.ඩී.ටී.වී. රූපවාහිනි සේවාව ද විකාශය කරනු ලැබීය. බේඩන් පවල් සාමිගේ ප්‍රතිමාව කඩා බිඳ දැමීමට වඩා එකී පුවත ප්‍රචාරය කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ද ගාන්ධි ප්‍රතිමාවට අලාභහානි කර ඇති බව යන්නයි. (Gandhi statue vandalised in Sri Lanka)

මෙයට වසර තුනකට පෙර තමිල්නාඩුවේ කොටි හිතවාදීහු ශ්‍රී පෙරුම්බුදූර් ස්‌ථානයේ තිබූ රජීව් ගාන්ධිගේ පිළිරුවට ද අලාභ කරනු ලැබීය.

මේ පසුබිම යටතේ ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන්නෝ අවස්‌ථාව එනතුරු බලා සිටියහ. මඩකලපුවේදී මෙවැනි දෙයක්‌ කළ හැකි එකම පිරිස හිටපු කොටින්ය. පසුගියදා එක්‌ හිටපු කොටියෙක්‌ අවියක්‌ රැගෙන මඩකලපුවේ යකා නැටූ බව වාර්තා විය. මේ අතර මඩකලපුවේ ඇතැම් ද්‍රවිඩ දේශපාලකයන් ගිනි ඇවිලවීමේ යෙදී සිටී. මෙයට මාස කීපයකට පෙර මඩකලපුවේ තිබූ විපුලානන්දන් ස්‌වාමිගේ ප්‍රතිමාව ද කඩා බිඳ දමා තිබිණි. හමුදා යතුරුපැදි බළකාය ඊට සම්බන්ධ යෑයි මඩකලපු හිටපු කොටි පැවසුවත් ඊට මුස්‌ලිම් වෙළෙඳසල් හිමියකු සම්බන්ධ යෑයි හෙළි විය.

මහත්මා ගාන්ධිගේ හා බේඩන් පවල් සාමිගේ පිළිරූ බිඳ දැමීම කිසිසේත් අනුමත කළ නොහැක. එහෙත් රජය හා ශ්‍රී ලංකාව අවමානයට පත් කිරීමේ සියුම් කුමන්ත්‍රණ දියත් වන බව පැහැදිලිය.

මෙම ප්‍රතිමා කඩා බිඳ දැමීමේ සිද්ධිය සම්බන්ධව කොටි නිල වෙබ් අඩවිය පැවසුවේ පොලිස්‌ මූලස්‌ථානය හා ආරක්‍ෂක මූලස්‌ථානය එA අසල ඇති බවයි.

මින් ඉන්දීය බලධාරීන්ට පෙන්නුම් කිරීමට යන්නේ ආරක්‍ෂක අංශවල සහාය මත එකී විනාශකාරී ක්‍රියාව සිදුවී ඇති බවයි.

එසේනම් බත්තරමුල්ල පැලවත්තේ ඇති ඉන්දීය ස්‌මාරකයට එවැන්නක්‌ සිදුවී නැත. බහුතරය විසින් අඥන ක්‍රියාදාමයක්‌ නොකරයි.

මෙරට අද පවතින බරපතළ ප්‍රශ්නය නම් සිකිම් රාජ්‍යය ඉන්දියාවේ ප්‍රාන්තයක්‌ වූ අයුරින්ම ශ්‍රී ලංකාව ද ඉන්දියාවට බිලිදීමට දියත් වන සැලසුමයි.

මේ සැලසුම ගැන දැඩි අවධානය යොමුවිය යුතුව ඇත. ශ්‍රී ලංකාවේ යළිත් අස්‌ථාවර තත්ත්වයක්‌ ඇති කිරීමට බටහිර බලවේගවලට අවශ්‍ය වී ඇත. මෙයට පෙර ත්‍රිකුණාමලයේදී චෙල්වනායගම් ප්‍රතිමාව කඩා දමා තිබූ බව වාර්තා විය. මේ පසුබිම යටතේ ශ්‍රී ලංකාව තුළ චීන භීතිකාව ව්‍යාප්ත කර ඇත. කොළඹ සිටි ඇමරිකානු තානාපති නිලධාරියකු මෑතකදී පැවසුවේ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව වැඩවසම් ක්‍රමය මත තබාගත යුතු බවයි. එසේම ඉන්දීය ආරක්‍ෂක උපදේශක ප්‍රකාශ් මෙනන් පැවසුවේ ද්‍රවිඩයන්ට 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට දීමට ශ්‍රී ලංකාව ක්‍රියා කළේ නැති නිසා ඇමරිකානු යෝජනාවට ඉන්දීය සහාය ලැබුණු බවයි.

මෙකී වාතාවරණය මැද ඉන්දීය පර්යේෂණ හා විශ්ලේෂණ එAකකය (රෝ ඔත්තු සේවාව) මෙරට උතුර නැගෙනහිර ක්‍රියාත්මක නොවනු ඇතැයි කිවහැකිද?

ඉන්දීය රෙදි වෙළෙඳුන් රැසක්‌ මෙරට වීසා කාලය ඉක්‌මවා සිටියදී ආගමන හා විගමන බලධාරීන්ට අසුවීමේ සිද්ධියක්‌ මෑතකදී වාර්තා විය.

තුට්‌ටු දෙකේ ලාබයකට ගුවන් ගමන් ප්‍රවේශපත්‍රවලට වැය කර රෙදි වෙළෙ¹මේ යන රෙදි වෙළෙඳුන් සිටින බව විශ්වාස කළ හැකිද?

යුද සමයටත් වඩා ඉතා බරපතළ ලෙස ඉන්දීය බුද්ධි සේවාව ක්‍රියාත්මක වන්නේ වත්මන් සමයේයි. මෙයට කලකට පෙර නැගෙනහිර පළාතේ ද්‍රවිඩ දේශපාලකයකු ඉන්දීය තානාපති කාර්යාලයට කැඳවූ ඉන්දීය නිලධාරීහු ඔහු සමග සාකච්ඡා කළහ. උතුර නැගෙනහිරට 13 වැනි සංශෝධනයක්‌ හෝ පොලිස්‌ බලතල අවශ්‍ය නැතැයි එම දේශපාලකයා පැවසූ විට ඉන්දීය නිලධාරීහු දෙදෙනෙක්‌ දැඩි ලෙස කෝපයට පත්වී ඇත. එසේම නැගෙනහිර හිටපු කොටි නායකයා වූ වත්මන් නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති කරුණා පැවසුවේ බලවත් පාර්ශ්වයක්‌ නැගෙනහිර ක්‍රියාත්මක වන බවයි.

මේ තත්ත්වය මත ඇමරිකානු යෝජනාවට ඉන්දියාව පක්‍ෂවීමෙන් ඇමරිකානුවන් සමග එක්‌ව ඉන්දියාව ක්‍රියා කරන බව පැහැදිලිය.

මහත්මා ගාන්ධි හා බේඩන් පවල්ගේ පිළිරූ කඩා බිඳ දමන්නේ මෙවන් පසුබිමක්‌ යටතේයි. මේ ක්‍රමවේද රජයේ අවධානයට යොමුවිය යුතුයි. ජාත්‍යන්තර මාධ්‍ය දිනය ඔන්න මෙන්න කියා තිබියදී මාධ්‍ය හිංසනයක්‌ සිදුවේ. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අයහපත් තත්ත්වයක්‌ මතුවන අවස්‌ථාවේ ගාන්ධි පිළිරුව කඩා බිඳ දැමේ.

මෑතකදී අමාත්‍ය ජී. එල්. පීරිස්‌ මහතා පැවසුවේ ඇමරිකානු යෝජනාව ද්‍රවිඩ සන්ධානයේ ක්‍රියාමාර්ගයක්‌ බවයි. ද්‍රවිඩ සන්ධානය පමණක්‌ නොව කොටි හිතවාදීහු රජය බිඳ දැමීම සඳහා විවිධාකාර කුමන්ත්‍රණ දියත් කරති.

කොටින්ගේ ටැමිල් නෙට්‌ වෙබ් අඩවියට විටින් විට තොරතුරු සපයන්නා (ඹචාaඑe) ක්‍රියාත්මක වන්නේ කොළඹ සිටය. ඔහු ඉංගී්‍රසි පුවත්පතක සේවය කරයි.

නාවික යාත්‍රා මගින් ඉන්දීය ධීවරයන්ට ගල්වලින් පහර දෙන බවට ඉන්දීය ප්‍රවෘත්ති වාර්තාවල සඳහන්වීමත් සමගම මොහු විගස නාවික හමුදාවෙන් එA බව විමසයි.

මේ නිසා සතුරන් ක්‍රියාත්මක වන රටාව දෙස නිරීක්‍ෂණයක්‌ විය යුතුයි. මෙවන් තත්ත්වයක්‌ යටතේ මහත්මා ගාන්ධිගේ පිළිරුව කැඩීම ගැන ඉන්දීය දේශපාලකයන් විවිධ ප්‍රකාශ කිරීමට ඉඩ ඇත. එහෙත් තමිල්නාඩුවේදී ශ්‍රී ලංකා ජනාධිපතිගේ පඹයන් සාදා පිළිස්‌සීමත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා “යුද අපරාධකරුවකු” යෑයි දක්‌වන බෝඩ්ලෑලි ප්‍රදර්ශනය කිරීමත් සිදුවේ.

මේ සම්බන්ධව ඉන්දීය රජය ගත් ක්‍රියාමාර්ගයක්‌ නැත. මෙම සතියේ දිනෙක වාර්තා වූයේ මාඕවාදීන්ගේ ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටි දෙදෙනකු මුදා ගැනීමට මාඕ ත්‍රස්‌තයන් 20 ක්‌ ඔරිස්‌සා ප්‍රාන්ත රජය විසින් නිදහස්‌ කිරීමට එකඟ වූ බවයි. මින් ඉන්දීය හමුදාවට මාඕ ත්‍රස්‌තයන්ට මුහුණදීමට නොහැකි බව සනාථ විය.

මේ අතර ගාන්ධි හා බෙඩ්න් පවල්ගේ පිළිරූ කඩා බිඳ දැමුවේ කල්ලියන් යෑයි යුරෝපා වෙබ් අඩවිය කියයි.

එකී පිළිරූ කඩා බිඳ දැමුවේ “කල්ලියන්” යෑයි යුරෝපා කොටි වෙබ් අඩවිය දැනගත්තේ කෙසේද? එසේම ද්විත්ව රංගනයේ යෙදෙන නැගෙනහිර ද්‍රවිඩ දේශපාලකයකුගේ ක්‍රියාදාමයන් ගැන ද රජය අවධානය යොමු කළ යුතුය.

ඊ.පී.ඩී.පී. සාමාජිකයකු ඝාතනය කිරීමේ සිද්ධියට හිටපු කොටි තිදෙනකු අසුවීමෙන් පසු කොටි කණ්‌ඩායමක්‌ නැගෙනහිරට පැමිණ ඇතැයි විමර්ශනවලින් හෙළි විය.

කොළඹ ඉන්දීය මහ කොමසාරිස්‌ කාර්යාලය ඊට ප්‍රතිචාර දැක්‌වීමට පෙර ප්‍රතිචාර දැක්‌වූයේ තමිල්නාඩු මාධ්‍යයයි.

මේ සිද්ධියෙන් සති දෙකක්‌ ගතවීමට පෙර ගාන්ධි හා බේඩන් පවල් පිළිරූ කඩා බිඳ දැමිනි. මෙවන් සිද්ධීන් එකින් එක විමර්ශනය කරන විට පසුබිම පැහැදිලිය. “අපි සතුරාට (ශ්‍රී ලංකාවේ රජයට) මුහුණදීමට අවස්‌ථාව එනතුරු බලා සිටින්නෙමු”යෑයි නෝර්වේහිදී පැවසුවේ එක්‌ හිටපු කොටි හිතවාදී ද්‍රවිඩ සංස්‌කාරකවරයෙකි.

ගාන්ධි හා බේඩන් පවල් පිළිරූ කැඩීමත් මේ අවස්‌ථාවේ කොටසක්‌ විය නොහැකිද?

කීර්ති වර්ණකුලසූරිය