Spread the News

මහනුවරදී අද සත්‍ය ක්‍රියාවක්‌

සිරිල් විමලසුරේන්ද්‍ර
source:
එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ අද (27 වැනිදා) ශ්‍රී ලංකාවට එරෙහි වන අභියෝගයෙන් ශ්‍රී ලංකාවටත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ රජයටත් ජය ප්‍රාර්ථනා කරමින් ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිටදී අද (27 වැනිදා) පෙරවරුවේ මහා සංඝරත්නය සත්‍ය ක්‍රියාවක යෙදීමට නියමිතය.

සියම් මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරCත ස්‌වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සත්‍යක්‍රියාව පැවැත්වෙයි.

මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමින්ද්‍රයන් වහන්සේ නියෝජනය කරමින් අතිපූජ්‍ය අනුනායක දිඹුල්කුඹුරේ විමල බුද්ධි ස්‌වාමින්ද්‍රයන් වහන්සේ ඊට වැඩම කරවති.

මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක යන මහත්වරු ප්‍රමුඛ පළාත් මැති ඇමැතිවරු ඇතුළු පිරිසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වෙති.

සත්‍යක්‍රියාවෙන් පසුව මහනුවර හින්දු කෝවිල සහ මුස්‌ලිම් දේවස්‌ථානය ඇතුළු පූජනීය ස්‌ථානවලදී වතාවත් පැවැත්වීමට ද පිරිස එක්‌වෙති.

මේ අතර ශ්‍රී ලංකාවට ජයග්‍රහණයත් ශ්‍රී ලංකාවට එරෙහි වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළු ජාතික සහ ජාත්‍යන්තර සංවිධානවලට විරෝධයත් පළකරන උද්ඝෝෂණ මහනුවර ස්‌ථාන කීපයකදී පැවැත්වීමට නියමිතව තිබේ.