Spread the News

මහාවීර ත්‍රස්‌තවාදය(source)

* ශවේන්ද්‍ර සිල්වාව ඇමරිකානු අධිකරණය වෙත
ගෙනඒමට කොටි ජාලය දැඩි උත්සාහයක යෙදේ

* මියගිය කොටි ඝාතකයන් සමරන්නැයි ද්‍රවිඩ සන්ධාන
මන්ත්‍රීවරු පිරිසක්‌ කියා සිටී

* අනුරාධපුර සිරගෙදර කොටින්ට ජංගම දුරකථන සහ
සිම් ලැබුණේ කෙසේද?

* කොටි ත්‍රස්‌තයන්ගෙන් “මානව හිමිකම්”
ගැන විමර්ශනය කෙරේ

* දරුස්‌මාන් වාර්තාව සකස්‌ කළ පිරිස්‌ ශ්‍රී ලංකාවට
ගෙන්වන්නැයි ව්‍යාජ සිංගප්පූර් යුද මහාචාර්යවරයා
රජයට කේවට්‌ට උපදෙස්‌ දෙයි

* කොටි විනාශ කළ ශ්‍රී ලංකා නැවට ලැබිය යුතු
ලොයිඩ් රක්‍ෂණය අහිමි කළ තැනැත්තා හෙළිවේ

* ලෙබනනයේ මරුවා සමග වාසේ ප්‍රදේශයේ
මහඟු සේවයක්‌ කරන ශ්‍රී ලංකා සාම බළකාය

* හොර වෙබ් අඩවි මතුවී බොරු සාක්‌කිකරුවන් ද එළිදකී


ලෙබනනයේ ඉතාමත් අනතුරුදායකප්‍රදේශයේ පිහිටි එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා සාම බළකා කඳවුර

සාම බළකා කඳවුරේ ඇති සන්නද්ධ රථ

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් ගුණරත්න මහතා සහ එම මහත්මිය ශ්‍රී ලංකා බළකා නිලධාරීන්ගෙන් තත්ත්වය විමසන අයුරු.

යසුෂි අකාශි ප්‍රභාකරන්ගෙන් තෑගි ලබාගත් අයුරු


“ඔවුන් කිසි දිනෙක වෙනස්‌ වන්නේ නැත.” – ප්‍රංශ ගත්කරු ඇල්පොන්සෝ කාර්

වන්නි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී විනෝ නෝගරතලිංගම්ගේ මහාවීර ප්‍රකාශය

මියගිය කොටි ඝාතකයන්ව සැමරීමේ දිනය පසුගිය ඉරිදාට යෙදී තිබිණි. ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සොහොයුරු විසින් මෙහෙය වන ස්‌විස්‌ කොටි වෙබ් අඩවිය සහ ගුවන්විදුලිය විසින් රටවල් කීපයක පැවැත්වූ ත්‍රස්‌තවාදීන් සැමරීමේ උත්සවවලට දැඩි ප්‍රචාරයක්‌ දෙනු ලැබීය. ඒ අතර ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් වූ විනෝ නෝගරතලිංගම් සහ සරවන බවන් විසින් කළ ප්‍රකාශය ද විය. මෙහිදී ප්‍රකාශයක්‌ කළ විනෝ නෝගරලිංගම් නමැත්තා අපේ අයිතීන් සහ ඉඩම් වෙනුවෙන් දිවි පිදූ මහා විරුවන් සැමරීම ද්‍රවිඩ ජනතාවගේ වගකීමක්‌ යෑයි කියා සිටියේය.

ඊළාම්වාදීන් 70000 ක්‌ සහභාගි වූ බවට ප්‍රචාරය කළ කැනඩාවේ පැවැති කොටි සමරුව

මහාවිරුවන් (ත්‍රස්‌තයන්) සැමරීම සම්බන්ධයෙන් අපි අද තර්ජනයකට මුහුණපා සිටින්නෙමු. එවන් තත්ත්වයක්‌ මත අපේ සටන්කාමීන්ගේ සමරුව නිහඬව සැමරිය යුතු යෑයි ඔහු තවදුරටත් පළ කළේය. (We all face
threat to commemorate our
maweeragal in our country is such
situation we all need to quietly
observe death anniversary of our
fighters in this Nation – vino
Nogarathalingam)

මේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයා අපේ සටන්කාමීන් යෑයි හැඳින් වූයේ කොටි ත්‍රස්‌තයන්වය. අනතුරුව ලංකාසිරි නමින් හඳුන්වන කොටි ගුවන්විදුලිය ඔස්‌සේ ප්‍රකාශයක්‌ කළ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සරවනබවන් නමැත්තා මුල්ලිවයික්‌කාල්හිදී දිවි පිදූ හතළිස්‌ දහසක්‌ අමතක කළ නොහැකි යෑයි සඳහන් කළේය. (We cannot forget the sacrifies of forty thousand lives at the mullivaikal) මේ පසුබිම මැද අනුරාධපුර සිරගෙදර සිටි කොටි ත්‍රස්‌තයන් හැටපස්‌ දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ මියගිය කොටි ත්‍රස්‌තයන්ව සැමරීමට දැරූ උත්සාහයේදී බන්ධනාගාර නිලධාරීන් සමග ගැටුමක්‌ ඇතිවිය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී කොටි සැකකරුවන් ළඟ සිටි ජංගම දුරකථන 19 ක්‌ සොයාගත් බව හෙළි විය. මෙහිදී නැඟෙන බරපතළ ප්‍රශ්නය නම් මොවුන්ට ජංගම දුරකථන සැපයුමේ කවුද සහ සිරගේ තුළ සිට ඔවුන් සිම් කාඩ්පත් ලබාගත්තේ කෙසේද යන්නයි.

අනුරාධපුර සිරගෙයි රඳවා සිටි මේ කොටි ත්‍රස්‌තයන් පිළිබඳව විවිධ පාර්ශ්වයන්ට මහත් කම්පාවක්‌ ඇතිවිය. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ නමැති පක්‍ෂයේ ප්‍රධානියකු යෑයි පවසන කුමාර් ගුරුපරන් නමැත්තා විගස ප්‍රකාශයක්‌ කරමින් සිරගෙදර සිටි කොටි සැකකරුවන් සතුව තිබුණේ ජංගම දුරකථන නවයක්‌ බව පවසා ඇත.

කොටි සැකකරුවන් ළඟ ජංගම දුරකථන නවයක්‌ තිබූ බව ගුරුපරන් දැනගත්තේ කෙසේද? යන්න ප්‍රශ්නයකි. එසේම මේ කොටින්ට ජංගම දුරකථන ලැබුණේ ඔවුන් සමග සබඳකම් පවත්වන කොටි ජාලයෙන් බව පැහැදිලිය. එම කොටි ජාලයට අනුරාධපුර බන්ධනාගාරය තුළින් සහයක්‌ නොලැබූ බව කිව හැකිද?

මෙහිදී බන්ධනාගාර බලධාරීන් ද නිදහසට කරුණු දක්‌වමින් දුරකථන සංඥ නිකුත්වීම අක්‍රීය කරන “ජෑමර්” යන්ත්‍ර ලබාගැනීමට අතිවිශාල මුදලක්‌ වැය වන බව පවසා තිබේ. එහෙත් “ජෑමර්” යන්ත්‍ර මෙරට ද නිපදවිය හැකි ශ්‍රී ලාංකික විශේෂඥයකු මෙරට සිටී. මෙයට කලකට පෙර අප සමග සංවාදයකට එක්‌වූ මේ විශේෂඥයා පැවසුවේ ඉතාමත් සුළු මුදලකින් “ජෑමර්” (Jammer) යන්ත්‍ර මෙරටදී නිපදවිය හැකි බවයි. එහෙත් ඔහුගේ සේවය ලබාගැනීමට බන්ධනාගාර බලධාරීහු ක්‍රියා කර නැත.

මෙහිදී ජනතාව වෙතින් නැඟෙන ප්‍රශ්නය නම් කොටින්ට ජංගම දුරකථන ලැබුණේ එර්දියෙන් ද යන්නයි. මේ තත්ත්වය මැද මෑතකදී පිහිටුවා ගත් “අපි ශ්‍රී ලාංකිකයන්” නමින් හඳුන්වා ගත් සංවිධානයක්‌ අනුරාධපුර බන්ධනාගාරයේ කොටි ත්‍රස්‌ත සැකකරුවන් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා නීතිවේදීන් කණ්‌ඩායමක්‌ සමග එහි ඇතුළුවීමට දැරූ උත්සාහය ව්‍යාර්ථ විය.

මෙම පාර්ශ්වය අනුරාධපුර සිරගෙයට ගියේ මේ කොටින්ගේ මානව හිමිකම් ගැන ක්‍රියා කිරීමට ද? කොටි බෝම්බ පුපුරවද්දී මොවුන් සිටියේ කොහේද? මෙලෙස ඇමරිකානු හමුදාව ගුන්තනාමෝබේ සිරකඳවුරේ රඳවා සිටින අල්කයිදා ත්‍රස්‌තවාදීන්ගේ සුවදුක්‌ බැලීමට පිටස්‌තරයන්ට ඉඩ දෙන්නේද?

කොටි ඝාතකයන්ගේ මානව හිමිකම් පිළිබඳ සෙවීමට විවිධ පාර්ශ්ව බිහිවී ඇති අවස්‌ථාවක එහි පසුබිම පැහැදිලිවේ.

මේ අතර කැනඩාව, ඔස්‌ටේ්‍රලියාව, ස්‌විට්‌සර්ලන්තය සහ බ්‍රිතාන්‍යය යන රටවල මියගිය කොටි ඝාතකයන් සැමරීමේ උත්සව පැවැත්විණි. කැනඩාවේ කොටි සමරුවට 70000 කට අධික පිරිසක්‌ පැමිණි බව කොටි වෙබ් අඩවි පැවසුවත් පැමිණ සිටියේ දහසකට නොඅඩු පිරිසකි. මොවුන් ශ්‍රී ලංකාවේ 2/3 ක ප්‍රදේශය ද්‍රවිඩයන්ට අයිති බවට දක්‌වන සිතියම් ද එහි සමරු උළෙලක්‌ වෙත ඉදිරිපත් කර තිබිණි.

එසේම ඕස්‌ටේ්‍රලියාවේ සිඩ්නි නුවර පැවැති කොටි සමරුවට ඊළාම් පොලිස්‌පති නඩේසන්ගේ සොයුරිය සහ කළු කොටි බළකායේ ප්‍රධානියකු වූ අමිතාබ්ගේ සොහොයුරන් ද පැමිණ සිටි බව හෙළි විය. මොවුන් ආරක්‍ෂක හමුදාව විසින් අතුරුදන් කළ බවට එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් විසින් පසුගිය සමයේ චෝදනා එල්ල කර තිබිණි.

කොටි ජාත්‍යන්තර ජාලයේ මෙවැනි ක්‍රියාකාරකම් ගැන හෙළිවෙද්දී මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියක්‌ වූ වැලරි පවුලර් විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යෑවූ රහස්‌ ලිපියකින් ද්‍රවිඩ සන්ධානයේ ප්‍රධානී ආර්. සම්පන්දන් කව්දැයි හෙළි කර තිsබේ.

සම්පන්දන් යනු “මට මුදල් පෙන්වන්න ක්‍රමයේ අයකු” යෑයි ඇය හඳුන්වා ඇත. (T.N.A. Leader as a show – Me – The – money man) මේ රහස්‌ ලියවිල්ල ඇමරිකානු බලධාරීන්ට යෑවීමට පෙර වැලරි පවුලර් තමා එවැනි දෙයක්‌ ලියන්නදැයි සම්පන්දන්ගෙන් හෝ නෝර්වේ අරමුදල් ලබන ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය නමැති එන්.ජී.ඕ. කම්පැණියෙන් සහ කර්තෘ සංදයෙන් විමසුවේ නැත. එහෙත් “දිවයින” ඉතිහාසයේ මුල් වරට සම්පන්දන්ගේ ද්‍රවිඩ සන්ධානය අප වෙත ලිපියක්‌ එවමින් ද්‍රවිඩ සන්ධානය සම්බන්ධයෙන් හෙළි කළ තොරතුරු පළ කිරීමට පෙර ඔවුන්ගෙන් විමසිය යුතු බවත් කර්තෘ සංසද ආචාර ධර්මතා පිළිපැදිය යුතු බවත් සඳහන් කර ඇත.

මෙන්න එදා
ද්‍රවිඩ සන්ධානයේ රඟපෑම….

මෙහිදී අපි සම්පන්දන්ගෙන් විමසන්නේ කොළඹ ද්‍රවිඩ පුවත්පතක්‌ විසින් ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක ආනන්ද සංගරීව ජීවතුන් අතර තියන්නේ මන්දැයි පළ කරන විට ද්‍රවිඩ සන්ධානය කොහේ සිටියේ ද සහ මාධ්‍ය ආචාරධර්මතා පිළිපැද්දේ ද යන්නයි.

එසේම කොටි සංවිධානයේ දේශපාලන ඒකකය ලෙස ද්‍රවිඩ සන්ධානය ක්‍රියා කළේ මෙරට බහුතරයෙන් විමසීමෙන්ද? ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයකුව සිටි කෙ-න්ද්‍රන් යාපනයේ සෙබළු 10000 ක්‌ පෙට්‌ටිවලින් කොළඹට එවන බවට පාර්ලිමේන්තුවේදී පවසද්දී අපි නිහඬව සිටිය යුතු යෑයි සම්පන්දන් කියන්නේද?

කොටි ජාත්‍යන්තර ජාලයේ 11 වැනියා ප්‍රංශයේ සිටින වී. කිරුබාකරන් යෑයි කැනඩා රහස්‌ පොලිසියේ විමර්ශන වාර්තාව පළ කළ අවස්‌ථාවේ කිරුබාහරන් ද එම පුවත්පත් ආයතනය නමැති එන්.ජී.ඕ. කම්පැනියට පැමිණිල්ලක්‌ යොමු කරමින් අපට එරෙහිව මාධ්‍ය තහනමක්‌ පනවන්නැයි ඉල්ලා සිටියේය.

මේ නිසා ද්‍රවිඩ සන්ධානය දැනගත යුතු ප්‍රධාන කාරණය නම් නෝවීජියානු නෝරාඩ් සංවිධානයේ අරමුදල් ලබන සංවිධානවලට හෝ කර්තෘ සංසදයේ උපදෙස්‌ පිළිබඳව ද අපි බැඳී නැති බවයි.

මේ අතර කොටි පරාජය කළ නොහැකි බව පැවසූ සිංගප්පූර් ව්‍යාජ යුද මහාචාර්යවරයා පසුගියදා යළි මතුවිය. ඔහු මෙවර කොළඹ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ශ්‍රවණාගාරයේදී ශ්‍රී ලංකාවේ අනාගත ආරක්‍ෂාව මැයෙන් දේශනයක්‌ පවත්වනු ලැබීය.

මෙහිදී ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාවක්‌ සකස්‌ කළ දරුස්‌මාන් ප්‍රමුඛ ත්‍රිපුද්ගල කණ්‌ඩායම ශ්‍රී ලංකාවට කැඳවිය යුතු යෑයි යනුවෙන් ඔහු කේවට්‌ට උපදෙසක්‌ ද දුන්නේය. ප්‍රභාකරන්ගේ සගයා වූ රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ ප්‍රධානියා යෑයි හඳුන්වන රුද්‍රකුමාරන්ව ද ශ්‍රී ලංකාවට කැඳවිය යුතු බව පැවසුවේ මොහුයි. මීළඟට ඔහු නෝර්වේ කොටි නායක නෙදියවන්ව ද එමානුවෙල් පියනම ද මෙරටට ගෙන්විය යුතු බව පවසනු නොඅනුමානය.

මේ ව්‍යාජ යුද මහාචාර්යවරයා සිය දේශනයේදී විදේශ අමාත්‍යාංශයට ද දැඩි දෝෂාරෝපණයක්‌ එල්ල කරමින් කොටි ජාත්‍යන්තරව මෙහෙය වන සාවද්‍ය ප්‍රචාරවලට ප්‍රතිචාර දැක්‌වීමට නොහැකිවී ඇතැයි කියා සිටියේය. (The foreign ministry could not
counter the Misinformation and
False propoganda)

එහෙත් මොහුගේ මේ චෝදනාවට ප්‍රතිචාර දැක්‌වීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ කිසිම නිලධාරියකු මෙතෙක්‌ ඉදිරිපත් වූයේ නැත. කොටි ඝාතක සමාගම සිය බිහිසුණු ක්‍රියාදාමයන් සිදු කරන අවස්‌ථාවේ විදේශගතවී කිසිම අයුරකින් ප්‍රකාශයක්‌ නොකළ මේ ව්‍යාජ යුද මහාචාර්යවරයා දැන් සැලසුම් කරන්නේ මෙරට ආරක්‍ෂක නිලධාරීන්ට උපදෙස්‌දීම සඳහා ධුරයක්‌ ලබාගැනීමයි. එසේ වුවත් මෙවන් කේවට්‌ටයන්ගේ දොස්‌තර ජැකිල් ඇන්ඩ් මිස්‌ටර් හයිඩ් චරිතවලට රජය රැවටිය යුතුද? සතුරන් මෙන් මිතුරන් හඳුනාගත යුතු යෑයි සුන් ත්ට්‌සු නමැති චීන යුද විශේෂඥයා සිය ග්‍රන්ථයේ දක්‌වා තිබිණි. කොටි සංවිධානය වරක්‌ ලැබූ පරාජයක්‌ කොටින්ගේ තාවකාලික පසුබෑමක්‌ යෑයි පැවසූ මේ ව්‍යාජ යුද මහාචාර්යගේ උපදෙස්‌ පිළිගනු ලැබුවොත් ශ්‍රී ලංකාවේ අනාගතය ආරක්‍ෂාව දැඩි හානියකට පත්වේ. ප්‍රභාකරන් විනාශ කළ යුතු යෑයි එදා සිටම අපි කියා සිටියෙමු. එහෙත් මේ කේවට්‌ට ව්‍යාජ යුද මහාචාර්යවරයා කිසි දිනෙක එවැන්නක්‌ පැවසුවේ නැත. ඔහු ඒ බව පැවසුවේ නම් එය සනාථ කරන්නැයි අපි අභියෝග කරන්නෙමු.

මේ පසුබිම යටතේ මෙයට වසර කීපයකට පෙර ශ්‍රී ලාංකික නැවකට කොටි ප්‍රහාර එල්ලවී විනාශවීම සම්බන්ධයෙන් ලන්ඩනයේ ලොයිඩ් නුවර රක්‍ෂණ සමාගමෙන් රක්‍ෂණය ලැබීමට තීරණය වී තිබියදී එය කඩාකප්පල් කළ තැනැත්තා ගැන ද හෙළි විය. කොළඹ වානිජ නෞකා කාර්යාලයේ අධ්‍යක්‍ෂවරයකු විසින් ශ්‍රී ලංකාවට අයත් එම නැවට ඩොලර් මිලියන ගණනක රක්‍ෂණය ලබාගැනීමට සැලසුම් කර තිබියදී මේ පුද්ගලයා නාවික හමුදාවෙන් ලබාගත් තොරතුරු සහිත වාර්තාවක්‌ එම රක්‍ෂණ සමාගමට යෑවීම නිසා එම රක්‍ෂණ මුදල අහිමි විය.

මේ අතර අග්නිදිග ආසියාවේ රටෙක පැවැති සමුළුවකට එම අධ්‍යක්‍ෂවරයා ද සහභාගි විය. රක්‍ෂණ මුදල අහිමි කළ තැනැන්තා ද එම අවස්‌ථාවට පැමිණ සිටියේය. “ඔබ නේද ශ්‍රී ලංකාවට හිමිවිය යුතු ලොයිඩ් රක්‍ෂණ මුදල අහිමි කළේ”යෑයි වාණිජ නායක අධ්‍යක්‍ෂවරයා විමසූ විට එම පුද්ගලයා නිහඬ විය.

මේ පසුබිම යටතේ ඔහු සම්බන්ධයෙන් තවත් තොරතුරක්‌ වාර්තා විය. ඉන්දුනීසියාවේ අෙච් බෙදුම්වාදීන් සිටින ප්‍රදේශය වෙත රහසිගතව පැමිණ සිටියදී මොහුව අත්අඩංගුවට ගැනුණි. එවර ඔහුව බේරා ගත්තේ ඉන්දුනීසියාවේ ජනාධිපති යුද්හොනෝගේ පුත් ඉගොස්‌ය.

මේ අන්දමේ තොරතුරු හෙළි වන අවස්‌ථාවේ පසුගිය දිනෙක අපි ලෙබනනයේ මරුවා සමග වාසය කරන ප්‍රදේශය යෑයි හඳුන්වන ටිරේ ප්‍රදේශයේ පිහිටි එක්‌සත් ජාතීන්ගේ සාම හමුදා මූලස්‌ථානයේ පිහිටි ශ්‍රී ලංකා හමුදා බළකාය වෙත පිවිසියෙමු. ඒ සඳහා ලෙබනන් විදේශ අමාත්‍යාංශයේ අවසරය ලැබිණි.

මේ සාම හමුදා බළකාය හෙවත් අන්වීල් මූලස්‌ථානය එක්‌ පැත්තකින් ඊශ්‍රායලයට ද අනික්‌ පැත්තෙන් හිස්‌බුල්ලා සංවිධානය වෙත ද මැදිවී සිටී. මේ ප්‍රදේශයේ මාර්ගයේ කොයි මොහොතේ බෝම්බ පිපිරෙන්නේ දැයි කිව නොහැක. ටිරේ (Tyre) ඉතාමත් අයහපත් ප්‍රදේශයක්‌. එක්‌සත් ජාතීන්ගේ සාම බළකාය ඊශ්‍රායලයට ඔත්තු සපයන බවට හිස්‌බුල්ලා සංවිධානය සැකකරනවා. ඊශ්‍රායලය සිතන්නේ හිස්‌බුල්ලා සංවිධානයට සාම බළකාය සහාය වන බව යෑයි බීරුට්‌ නුවර ආරංචි මාර්ග හෙළි කළේය. මේ වසරේදී ඊශ්‍රායල් ගුවන් යානාවක්‌ බෝම්බ හෙළීමෙන් සාම හමුදා නිලධාරියකු සහ ඔහුගේ බිරිය මරුමුවට පත්විය. එසේම මෑතකදී සාම හමුදා ප්‍රංශ යුද රථයකට ඇටවූ බෝම්බයක්‌ පිපිරීමෙන් භටයන් දෙදෙනකු තුවාල ලැබූහ. එසේ වුවත් එහි අනතුරුදායක තත්ත්වය නොතකා අපි සාම බළකා කඳවුරට ගියෙමු. එහෙත් ශ්‍රී ලංකා සාම බළකාය සිය ක්‍රියාදාමයන් මැනවින් ඉටු කරයි. සන්නද්ධ රට අටකින් සහ සුනඛයින් සිව් දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා බළකායේ නිලධාරීහු දස දෙනෙක්‌ ඇතුළු භටයන් 150 ක්‌ සේවය කරති.

ඔවුන්ට පැවරී ඇති රාජකාරිය නම් සාම බළකා මූලස්‌ථානයට ආරක්‍ෂාව සැපයීමයි. “අපේ බළකාය ශ්‍රී ලංකාවේ ගෞරවයත් සාම හමුදා ක්‍රමවේදයත් රකිනවා” අද වන තෙක්‌ කිසිදු සිද්ධියක්‌ සිදුවී නැහැ”යෑයි සාම බළකා කණ්‌ඩායමේ ප්‍රධානියා වූ ලුතිනන් කර්නල් එµa. බී. මීපාගල මහතා පැවසීය.

ඔහු ඇතුළු සාම බළකා කණ්‌ඩායමේ සේවා කාලය මෙම මස අවසන් වන අතර අලුත් හමුදා කණ්‌ඩායමක්‌ ලෙබනනය බලා යනු ඇත. මෙම එක්‌සත් ජාතීන්ගේ “අන්විල්” නමැති සාම බළකාය ක්‍රියාත්මක වන ප්‍රදේශය හිස්‌බුල්ලා සංවිධානයේ හමුදා බළයට යට වූවෙකි. මේ නිසා ඊශ්‍රායල් හමුදාව නිරතුරුවම ටිරේ ප්‍රදේශය ෙඩ්‍රාaන් යානා මගින් නිරීක්‍ෂණය කෙරේ.

අප පසුගිය සිකුරාදා අක්‌පිල් බළකා මූලස්‌ථානය වෙත පිවිසීමට දින කීපයකට පෙර එහි මූලස්‌ථාන ප්‍රදේශයේ ඊශ්‍රායල් ෙඩ්‍රාaන් නිරීක්‍ෂණ යානාවක්‌ කඩාවැටින. එහෙත් ඒ බව එක්‌සත් ජාතීන්ගේ සාම බළකායට දැන්වීමට ඊශ්‍රායල් බලධාරීහු ක්‍රියා කර නැත. සාම හමුදා බළකා කණ්‌ඩායමක්‌ එම යානාව කඩාවැටුණු ප්‍රදේශයට යැමට මොහොතකට පෙර ඊශ්‍රායල් හමුදාව එකී යානාවේ සියලු කොටස්‌ විස්‌මයජනක ලෙස ඉවත් කරගෙන තිබිණි.

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් ගුණරත්න මහතා ද සෑමවිටම ශ්‍රී ලංකා සාම බළකායේ තත්ත්වය නිරීක්‍ෂණය කරන අතර සිය දිවි නොතකා එම බළකාය සිටින අනතුරුදායක ප්‍රදේශය වෙත ගොස්‌ ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන්ගේ සහ සෙබළුන්ගේ සුවදුක්‌ විමසයි.

එක්‌සත් ජාතීන්ගේ සාම හමුදාව වෙත ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් ඇතුළත් කරගැනීම ව්‍යාර්ථ කිරීම සඳහා ඇමරිකානු කොටි ජාලය මහලේකම් බෑන් කී මූන් වෙත පෙත්සම් රැසක්‌ යෑවූ නමුත් ඇමරිකාවේ සිටින ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා එකී කොටි සැලසුම් ව්‍යාර්ථ කර එක්‌සත් ජාතීන්ගේ බලධාරීන් සමග ගිවිසුමකට එළඹිණ.

මේ අතර ප්‍රභාකරන් ඝාතකයා වෙතින් ස්‌වර්ණමය තිළිණ ලබාගත් ජපන් විශේෂ නියෝජිත යසුෂි අකාශි මේ සතියේ මෙරටට සම්ප්‍රාප්ත විය.

ඔහු මෙටට පැමිණ පැවසුවේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන ජනාධිපති කොමිසමේ වාර්තාව මහජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධියට පත් කළ යුතු බවයි. (Japan wants Sri Lanka
to publicize its war report)

එහෙත් ජපන් සෙබළුන් චීනයේ නැන්කින්හිදී සිදු කළ සංහාරයට අදාළ තොරතුරු හෙළි කිරීමට ජපන් රජය ක්‍රියා කළේද?

යසුෂි අකාෂි යනු ඝාතකයන්ගෙන් තෑගි ලබාගත් ෙද්‍රdaහියෙකි.

මේ අතර ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද අපරාධකරුවකු බවට ඇමරිකානු අධිකරණය ලවා ප්‍රකාශ කරගැනීමට ඇමරිකානු කොටි ජාලය දැඩි උත්සාහයක නිරත වේ. ඊට සමගාමීව එක්‌සත් ජාතීන්ගේ මහලේකම් වෙත පෙත්සම් තොග පිටින් යවමින් ශවේන්ද්‍ර සිල්වාව එක්‌සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ධුරයෙන් නෙරපා හරින්නැයි ද ඔවුහු ඉල්ලා ඇත. මේ පසුබිම යටතේ ශවේන්ද්‍ර සිල්වාගේ නීතිවේදීහු පසුගියදා ඇමරිකානු අධිකරණය වෙත සන්දේශයක්‌ යවමින් ඔහුට තානාපති වරප්‍රසාද මුක්‌තිය ඇති නිසා කිසිදු ලෙසකින් අධිකරණය වෙත පැමිණෙන්නේ නැතැයි කියා සිටියේය.

මෙලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාව ඇමරිකානු අධිකරණය වෙත ගෙනඒමට උත්සාහ කරන අලි බේදුන් නමැති නීතිවේදියාව කැනඩා කොටි ජාලය ඩොලර් මිලියන ගණනක්‌ ලබාදී ඇතැයි වාර්තා වී තිබේ.

මේ අතර එක්‌වරම “ඉන්ටර් නැෂනල්” නමින් වෙබ් අඩවියක්‌ මතුවිය. ශ්‍රී ලංකා රජය යුද අපරාධ කිරීම සඳහා නියෝග දුන් බවත් අලුතින් මතුවූ සාක්‍ෂිවලින් එය සනාථ වී ඇතැයි ද එහි සඳහන් විය. මේ සාක්‍ෂිකරු ශ්‍රී ලංකා හමුදාවේ හිටපු සාමාජිකයකු බවද ඉන් දැක්‌විණ. ඉන්ටර්නැෂනල් වෙබ් අඩවියෙන් මේ බොරු සාක්‌කිකරුවන් මතුවී පැය 24 ක්‌ ගතවීමටත් මත්තෙන් ඔස්‌ටේ්‍රලියාවේ සිටින තවත් කොටි හිතවාදියකු මතුවිය. ඔහු කොටි හඬ නැඟූ බ්‍රයන් සෙනෙවිරත්න නමැති ෙද්‍රdaහියායි.

(ඔස්ට්‍රලියාවේ වාසය කරන ඇන්ග්ලිකානු ශ්‍රී ලාංකිකයෙකු වන වෛද්‍ය බ්‍රයන් සෙනෙවිරත්න යුද අපරාධවල වගකීම රාජපක්‍ෂ සහෝදරවරුන් සතු යෑයි හෙතෙම කියා සිටියේය.)

කීර්ති වර්ණකුලසූරිය

other news:

අමිල ගුණරත්න
ඔස්ට්‍රලියාවේ වාසය කරන ඇන්ග්ලිකානු ශ්‍රී ලාංකිකයෙකු වන වෛද්‍ය බ්‍රයන් සෙනෙවිරත්න තහනම් කරන ලද කොටි සංවිධානයේ ප්‍රධාන පෙලේ ආධාරකරුවෙකුවූ ඇමෙරිකාවේ ගැලියන් සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධානී රාජ් රාජරත්නම්ගෙන් ඩොලර් ලක්ෂ ගණනක දීමනාවක් රහසිගතව ලබාගෙන ඇති බවට තොරතුරු හෙළිවී ඇත. මැලේසියාවෙන් පිටුවහල් කරන ලද බ්‍රයන් සෙනෙවිරත්නට සහ ඔහුගේ බිරිදට පාරිසරික හානි කිරීම පිළිබඳව බ්‍රිස්බන් උසාවියක නඩුවක් ද පවරා තිබුණි. පසුගිය වසරේ අත්අඩංගුවට ගනු ලැබූ රාජ් රාජරත්නම්, ව්‍යාපාරික රහස් සාවද්‍ය ලෙසින් භාවිතා කොට ධනය රැස් කළ බවට වන චෝදනාවන්ට වරදකරු බව මෑන්හැටන්හි ෆෙඩරල් අධිකරණය තීන්දු කොට තිබු අතර ඔහුට වසර 15 – 20 අතර සිර දඬුවමක් ලැබෙනු ඇතැයි අනුමාන කෙරේ. රාජ් රාජරත්නම්ගෙන් ලබාගත් මුදල් බ්‍රයන් සෙනෙවිරත්න වෙනත් පුද්ගලයෙකුගේ නාමයෙන් දකුණු අප්‍රිකාවේ ආයෝජනය කර ඇත.