Sat. Jan 18th, 2025
Spread the News

”වන සිවුපාවුන් වැනි මිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත”

යන ගීතයේ තේමා පාඨය අර්ථවත් කිරීමට එක් අවස්ථාවක් සොයාගැනීමට අවශ්‍යනම්, ජිවන සාක්ෂියක් අවශ්‍යනම් එවැනි යුග පුරුෂයෙක් සොයාගැනීමට අවශ්‍යනම්, කිනම් හෝ පුද්ගලයෙකුට තම චරිතය නිවැරදි කරගැනීමට අවශ්‍යනම්, නියම නායකත්වය සොයා ගැනීමට අවශ්‍යනම්, අනිවාර්යෙන් එවන් අවස්ථාවකදී නිබඳව තරුණ, මහළු, වැඩිහිට කිනම් පුද්ගලයෙකු තම නිවට නියාලු නායකයන් අමතකොට සුදත් ගුනසේකරයන් වැනි භුමි පුත්‍රයන් වෙත හැරී වැඳ වැටි නායකත්වය පිලිබඳ හා නියම ජාතිකත්වය පිලිබඳ ඔහුගෙන් උගත යුතුය.

”සර්ව ආගමික සර්ව ජාති” පුහු අරගල ඇතිකොට තරුණයන් මහා මගට ඇද දමා තම නිවට නියාළු දේශපාලනය කරණා ඒ මදිවට මහා ගොන් තඩි වස්සන් සේ උස් හඬින් ”උම් බැ ” කියමින් ”මමයි වීරයා , මමයි දක්ෂයා” කියනා ලඳ බොළඳ දේශපාලකයන් හට කුඩා පණිවිඩයක් ලෙසද රට ”ලේවිලක්” කිරීමට පවා තුඩු දිය හැකි ආකාරයෙන් ”නිකරුනේ අරගල කරණා ” අප වැනිම තරුණයන් වෙත සුදත් ගුණසේකර මහතාගේ කුඩා ලිපියක් ඉදිරපත් කරන්නේ සාමකාමී ජනසමාජයක් ඇති කිරීමට, ඒකීයත්වය රැකීමට වසර 20 ආසන්න කාලයක් විධායකට,පාර්ලිමේන්තුවට, සියළුම පක්ෂ විපක්ෂ නායකයන් හට අපට හැකි පමණින් උදවු උපකාර කොට ඔවුන්ගේ තුලද සමහර තැන්හිදී සැබෑ නායකත්වය හැදු හා කුරා කුහුඹුවෙකුගේ හෝ ජිවිතයට හානියක් හෝ මෙලෝ මිනිසෙකුට අතින් හෝ තට්ටුවක් නොකට, ඒ අප සාමජය විසින් එනම් ”ජාතික බෞද්ධ බලවේගයේ” තරුණ දු පුතුන්ගේ අත්දැකීම් වලින් හා ඔවුන්ව නියම නායකත්වය සදහා මෙහෙයවූ අප දිනපතා හිස නමා ගෞරවය කෙරු ආචාර්ය සුදත් ගුනසේකරයන්ගේ මෙසේ ඔබහට ඉදිරිපත් කරන්නේ ඔබ හා මා අතර දුරස්ථ භාවය වැඩි කරගැනීමට හෝ ඔබ වැරදිද මා/අප හරි කීමටද නොවේ. හුදෙක් අප විසින් කරනා මේ කුඩා සන්නිවේදනයෙන් ඔබගේ ”අරගලයේ” ,”උත්ගොසනයේ”, ”මහා විලාපයේ” හඬ සමකාමී වී සැබෑ අර්ථවත් වේ යැයි අපේක්ෂාවෙනි. කාරුණික සහෝදර සහෝදරියනි, අම්මේ තාත්තේ අපට ඇත්තේ එක් රටකි . එබැවින් ලක්මතාවත් ඇයට එරෙහි සතුරන් හා අප සියලන්මව ගොනාට ඇන්දවීමට දක්වන පුහු ආගම් මති මත්‍රාන්ත්‍ර, ආගම් කල්ලි කුට්ටන් කාරයන්, දෙස් විදෙශ් සතුරන් ඔබ දේස සීරුවෙන් බාලා සිටි. බොළඳ නොවන්න. මේ සත්‍ය සෙවීමට කාලයයි!!!

උනුන් උනුන් කොටවනා බොරු පුහු දේශපාලනික පාට කණ්ණාඩියෙන් අපි සැම එක්ව මිදෙමු !!!
ඔබ සැමට දළදා සමිදු පිහිටයි !!!
දෙශාභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට 2022-04-20

ආචාර්ය සුදත් ගුනසේකර මහතාගේ ලිපිය පහළින්

වර්තමාන අර්බුධයෙන් රට ගොඩ ගැනීමේ ඒකායන ක්‍රමය

ආචාර්ය සුදත් ගුණසේකර 19.4,2022.
අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථිර ලේකම්, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ  සභාපති (1991-1994) සහ මහනුවර සිංහල  බෞද්ධ ජේෂ්ඨ  පුරවැසියන්ගේ සංවිධානයේ  සභාපතී

  (මව් බිමට ආදරය කරණ පුරවැසියෙකුගෙන් මුලු රටටම අලුත් අවුරුදු තෑග්ගක්!)

වර්තමාන අර්බුධයෙන් රට ගොඩ ගැනීමේ ඒකායන නොවුනත් හොඳම ක්‍රමය පුළුල් ජාතික වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට එකඟවන නව ජනාධිපතිවරකු යටතේ පාර්ලිමේන්තුවේ සිටින සියළුම පක්ශ නායකයින් සහ අමාත්‍ය තනතුරුවලට අදාල  විශයන් පිළිබන්ද විශේෂඥ සහ ප්‍රයෝගික දැනුමක් ඇති පිටතින් ගන්නා විශිෂ්ට පුද්ගලයින් කීපදෙනකුගෙන් සමන්විත සර්ව පාක්ෂික අන්තර්කාලින ඇමති මන්ඩලයක් යටතේ තුන් (3)අවුරුදු කාලසීමාවකට, 2025 වනතුරු රට පාලනය කිරීමයි.

එසේ කිරීමෙන් එකිනෙකා අතර කුළල්කාගන්නා වර්තමාන පක්ශ අතර ජාතික වැඩපිළිවෙලකට එකඟත්වයක් ඇතිවීමෙන් පවතින දේශපාලන අස්ථාවරත්වයද සමනයවී,නව දේශපාලන සංස්කෘතියක් ඇතිවී සමාජ අසහනය දුරුවී, ආර්ථිකයද යහපත් වී,රටට සාමයද උදාවනු ඇත.
සවිස්තරාත්මකව පහතින් දැක්වෙන මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට දලදා සමිඳු ඉදිරිපිට දිවුරා පොරොන්දුවීමට සූදානම් නම්, එසේම එය කළ හැකියයි තමන්ට ආත්ම විශ්වාශයක් ඇත්නම් ගෝඨාභය රාජපක්ශ ජනාධිපතිවරයාටම වුවද තව දුරටත් ජනාධිපති වශයෙන් කටයුතු කළ හැක.

කෙසේ වුවද එසේ කිරීමට නම් ඔහු වටා සිටින ප්‍රධාන උපදේශක අතුලු කේවට්ටයින් සියල්ල වහාම ඉවත් කොට මේ සිංහල බෞද්ධ රටේ රාජ්‍ය නායකයකුගේ උපදේශකයින් වීමට අවශය දැනුම, විචාර බුද්ධිය සහ පරිනත බව ඇති රට පිළිගත් පැවිදි, ගිහි උගතුන් පිරිසක් ඒ සඳහා පත්කර ගත යුතුය.
මන්ද විපක්ශය ගෙන ඒමට අදහස් කරන විශ්වාශභංග  යෝජනාව ස්ථිරවශයෙන්ම  පරාජයවන බැවින් පාර්ලිමේන්තුවේ බහුතරය ආරක්ශාකරගතහොත් තව ටික කලක් මේ රජයම තිබිය හැකිබැවිනි…

එහෙත් පැහැදිළිව කවුරුත් වටහාගතයුතු කරුණක්

•මර්ධනයෙන් හෝ
• අර්බුධයේ නිර්මාතෘන්වන  ඇමතිකමක් දැරීමට කිසිම සුදුසුකමක් නැති අසාර්ථක අතීතයක් ඇති ආත්මාර්ථකාමී හොර මැර අයම විටින් විට මාරුකරමින් ඇමති මන්ඩල පත්කිරීමෙන් හෝ
•ජනාධිපතිවරයාගේ, ප්‍රධාන උපදේශක ඇතුලු කේවට්ටයින්ගේ මෙතෙක් ජනාධිපතිවරයා මනෝලෝකයකට ගෙනගොස් විනාශකරණළද උපදෙස් අනුව  තවදුරටත් ක්‍රියා කිරීමෙන් හෝ
• ඥානක්කා සහ තිරුපති දෙවියන්ගේ  උපදෙස් අනුව හෝ
• සජිත්, අනුර කුමාර වැනි බලය ලබා ගැනීම එකම අරමුණ කරගත් දවල් සිහින දකින රටේ පවතින ගැටලු වලට ඔවුන් යෝජනා කරන කිසිදු පිළියමක් ඉදිරිපත් නොකොට රජයට ගෙදර යනමෙන් හිස් සටන් පාඨ පමණක් කියමින් ඔවුන් කියන පරිදි පාර්ලිමෙන්තුව විසුරුවාහැර මැතිවරණයක් පැවැත්වීමෙන් හෝ පවතින අර්බුධ කිසිසේත්ම විසඳිය නොහැක

පාර්ලිමේත්ව විසුරුවා මැතිවරණයකට යාමෙන්ද එය විසඳිය නොහැක.

මන්ද දැනට රටතුල පවතින ආර්ථික,දේශපාලනික සහ සමාජ අසහනය අනුව විපක්ශ නායකයා සහ අනුර දිසානයක ඇතුලු ඇතම් අය කියන පරිදි මැතිවරණයකට යාමට මේ අවස්ථාව කිසිසේත්ම සුදුසු නොවේ. එය වූ කළී කබලෙන් ලිපට වැටීමකි.

මැතිවරණයක් පවත්වා අවසාන කිරීම සඳහා අවම වශයෙන් මාස 5 ක් වත් ගතවීම, රටතුල පවතින අර්බුධකාරි තත්වය නිසා සාධාරන මැතිවරණයක් පැවැත්වීමේ දුෂ්කරතා, මැතිවරණයකට වැයවන රුපියල් කෝටි 1500 පමණ විශාල වියදම සහ එය සොයාගැනීමේ ඇති අපහසුතාව, පවතින සමාජ අසහනය යටතේ පාක්ශිකයින් අතර මැතිවරණයකදි ඇතිවිය හැකි ගැටුම් නිසා විශාල ගණනක් මියයාමට වුවද ඇති ඉඩකඩ,මැති වරණයක් තිබ්බද කිසිම පක්ශයකට රජයක් පිහිටුවීමට ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් නොලැබීම නිසා අනිවාර්යෙන්ම එකිනෙකට පරස්පර අදහස් හා අරමුණු ඇති පිරිස් සමග හවුල් ආණ්ඩුවකට යාමට සිදුවීම නිසා බලලෝභී, ආත්මාර්ථකාමි දේශපාලකයින් ඕනෑම පාවාදිමක් කොට ආණ්ඩුවක් පිහිටුවනු ඇත.

එසේ වූ විට බෙදුම්වාදීන් සහ ජාතිවාදීන් අතට පාලන බලය නැවතත් යාම නිසා සිංහල බෞද්ධයින්ගේ අයිතිවාසිකම් තවත් අහිමිවීම සහ පක්ශ දේශපාලනය නමැති මළපුඩුවේ මේ රට තව තවත් හිරවී ඉන් මිදීමට ඇතී ඉඩකඩ මුළුමනින්ම ඇහිරීයාම  ආදී හේතු මැතිවරණයකට විරුද්ධව ඉදිරිපත් කළ හැක. එබැවින් බල ලෝභයෙන් උමතුවි ගිනිගෙන දැවෙන අනුන්ගේ රැවුලෙන් තම සුරුට්ටුව පත්තුකර ගැනීමට දඟලන බඩගෝස්තරවාදි බලලෝබී දේශපාලකයින් හැර සිහි මොලේ ඇති කිසිවෙකු මේ අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීමට එකඟ නොවනු ඇත.

මේ අර්බුධයෙන් රට ගොඩ ගැනීමේ ඒකායන ක්‍රමය

එමනිසා වර්තමාන අර්බුදය විසඳීමට ඇති  අවස්ථානෝචිත හා සුදුසු එකම ක්‍රමය මහජන මතයට කන්දී  ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වහාම ඉල්ලා අස්වී පවතින පාර්ලිමෙන්තුවට ව්‍යවස්ථාවේ 40 වන වගන්තිය අනුව නව ජනාධිපතිවරයෙකු පත්කොට ගැනීමට ඉඩ සලසා පාර්ලිමෙන්තුවේ සිටින සියලුම දේශපාලන පක්ශවල නායකයින්ගෙන් සහ ඉන් පිටතින් නව ජනාධිපතිවරයා විසින් තෝරාගණු ලබන දේශපාලනය, ආර්ථික විද්‍යාව,මේ රටේ කෘෂි කර්මාන්තය,කර්මාන්ත, මුල්‍ය, විදේශ ප්‍රතිපත්ති, පරිපාලනය, වෙළඳ හා වානිජ කටයුතු,සෞඛ්‍යය වැනි ශ්‍රේස්ත්‍ර පිළිබඳ විශේෂඥ දැනුමක් සහා ප්‍රයෝගික  දැණුමක් ඇති දේශප්‍රේමි  බුද්ධිමතුන් කීපදෙනකුගෙන් සමන්විත විධායක බලතල සහිත 17 දෙනකුගේ පමණ අන්තර්කාලීන කුඩා ඇමති මන්ඩලයකින් රට පාලනය කරන රජයකින් පමණි. (වර්තමාන ඇමති මන්ඩලයේ මෙන් මෙම නව ඇමති මන්ඩලයේ, මැටි  ඇමති, මිරිස් ඇමති, රතුලූණු ඇමති,වේවැල් ඇමති,පිත්තල ඇමති, එලවුළු ඇමති,පලතුරු ඇමතී, බතික් හා මැටි  ඇමති, හා බුලත් සහ හුණු ඇමති  වැනි විකාර උප ඇමති හා රාජ්‍ය ඇමති තවාන්ද නොමැත)

නව ඇමතිමන්ඩලය  ජනතා අපේක්ෂාවන්ට අනුකූලව සකස්කෙරුණු ජාතික ප්‍රතිපත්ති  මාලාවක්  ක්‍රියාත්මක කිරීමටද  එකඟ විය යුතුය. (කෙටුම්පතක් පහතින් දක්වා ඇත) ඊට එකඟ නොවන කිසිවෙක් එම ඇමති මන්ඩලයේ සිටීමට සුදුසුකම් නොලබයි. තවද 2025 මැතිවරණය දක්වා එම ඇමති මන්ඩලය පැවතිය යුතු බවද මම යෝජනා කරමි.පාර්ලිමේන්තුවේ සිටින සෙසු මන්ත්‍රී  සියලු දෙනාම අමාත්‍යංශ 17 ට අදාල  කමිටු 17 කට බෙදා එකී අමාත්‍යංශ වල කටයුතු අධීක්ෂණය කළ යුතුයැයිද තවදුරටත් මම යෝජනා කරමි.

දැන් අපි නිසැකවම අරාජිකවූ රටක්

මේ රජයේ අවිධිමත්, අදූරදර්ශී හා අක්‍රමවත් රාජ්‍ය පරිපාලනය සහ අක්‍රමවත් මුදල් පාලනය නිසා මේ වනවිටත් රට අරාජිකවී බන්කොලොත් වී හමාර බව ලන්කාවාසී ජනතාව මෙන්ම  මුළු ලෝකයම දැන් පිළිගෙන හමාරය. යමෙක් එය නැතැයි කියනවානම්, එය තම පස්චාත් භාගය හෙළුවෙන් බව නොදැන අහන්කාරයෙන් සහ මුග්ධභාවයෙන් මත්වී සෙබඩ ඉදිරියේ ප්‍රේමාන්විතයේ රංගනයක යෙදෙන මොණරෙකුගේ නැටුමක් වැනි යැයි කිව යුතුය.

ඕනෑම රජයක මූලික වගකීම් තුනක් ඇත

ඕනෑම රජයක මූලික වගකීම් වශයෙන් කෞටිල්‍ය විසින්ප්‍රකාශිත රක්ඛ (රටේ ආරක්ෂාව) පාලන (පාලනය) සහ යෝගක්ශේම(ජනතාවගේ සුභසෙත  සැළසීම) යන  පරමාර්ථ තුනම ඉටුකිරීමට මේ රජය දැන් සාකළ්යෙන්ම අපොහොසත් වී ඇත. ඒ අතර අද මුළු රටම ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතුයයි අරගල කරයි. ඒ සමගම දැනට සිටින අග්‍රාමාත්‍ය වරයාද ඉල්ලා අස්විය යුතුයයිද ඔවුහු කියත්. ඒ දෙකෙන් කුමක් සිදුවුවත් සියලුම ඇමතිවරුන්ගේ තනතුරුද ඒ සමඟම අහෝසිවේ  එවිට රට අරාජික වෙයි,මේ  වූ කළී අති භයානක තත්වයකි. එසේ වුවහොත් රට අරාජිකවීම වලක්වා ගැනීම සහ රටතුල අඛණ්ඩ පාලනය පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තුව වහාම රැස්වී දැනට රාජ්‍ය සභාවේ සිටින මන්ත්‍රී වරුන්ගෙන් මේ රටේ ජනාධිපති තනතුර දැරීමට වඩාම සුදුසු පුද්ගලයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන වගන්තිය අනුව, ජනාධිපතිවරයා වශයෙන් පත්කොට ගතයුතුය. එවිට ඔහුට දැනට සිටින ජනාධිපතිවරයාගේ ධුරයේ ඉතිරි කාලය ජනාධිපති වශයෙන් කටයුතු කළ හැක.

එසේ පත්වන නව ජනාධිපති වරයා රට අරාජික වීම වැළැක්වීම සහ රාජ්‍ය යාන්ත්‍රණය ස්ථාපිතකොට රටේ පාලනය සහ ජනතා සේවාවන් අඛන්ඩව පවත්වාගෙන යාම සඳහා ප්‍රථමයෙන් අමාත්‍ය මණ්ඩළයක් පත්කරගත යුතුය.ඒ සඳහා පවතින තත්වය යටතේ වඩාත්ම සුදුසු ක්‍රමයනම්රට පිලිගත් ජාතික වැඩපිලිවෙලක් ක්‍රියාත්මක  කිරිමට එකඟ වන සර්ව පාක්ශික අන්තර්කාලින අමාත්‍ය  මණ්ඩලයක් පත්කර ගැනීමය.

එබැවින් ඉහත සඳහන් පරිදි ජනාධිපතිවරයා  සහ අගමැතිවරයා යන දෙදෙනාම ඉල්ලා අස්වුවහොත් ප්‍රථමයෙන්ම,රට අරාජකවීම වලක්වා ගැනීම සහ රටතුල අඛණ්ඩ පාලනය පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තුව වහාම රැස්වී දැනට රාජ්ය සභාවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් මේ රටේ ජනාධිපති තනතුර දැරීමට වඩාම සුදුසු මහජන නියෝජිතයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන වගන්තිය අනුව ජනාධිපතිවරයා වශයෙන් පත්කොට ගතයුතුය.

ඒ සමඟම හදිසි ව්‍යවස්ථාවේ සංශෝධන

1) දැනට පවතින ව්‍යවස්ථාවේන් ජනාධිපතිවරයා සතු විධායක බලතලඅග්‍රාමාත්‍ය වරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලයට පවරාගැනීම
2)පාර්ලිමේන්තු මන්ත්‍රීන් නොවන, පක්ශයයකට අයත් නැති විශේෂඥයින්  පිටතින් ඇමති මණ්ඩලයට පත්කරගැනීමටව්‍යවස්ථාවේන්  ඉඩකඩ නොමැති නිසා පවතින ජාතික ලැයිතුව අහෝසිකොට පත්කල මන්ත්‍රීන් 6 දෙනකු හෝ 7 කු පත්කර  ගැනීම සඳහා ජනාධිපතිවරයාට බලය දීම  
3) ද්විත්ව පුර වැසියන්ට පාර්ලිමේන්තුමන්ත්‍රීවරයෙකු  හෝ වෙනත් කිසිම රාජ්ය සේවා තනතුරක් දැරීම තහනම් කිරීම
යන කරුණු තුනට

අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන සම්මත කර ගත යුතුය. අනතුරුව…

නව ජනාධිපති වරයා විසින් තුන් අවුරුදු කාලසීමාවකට උපරිම වශයෙන් 17 දෙනකුට නොවැඩි අන්තර්කාලීන සර්වපාක්ශික අමාත්‍ය මණ්ඩලයක් පත්කළ යුතුය. (මෙම ඇමති මන්ඩලයේ නියෝජ්‍ය ඇමතිවරුන් නොසිටිය යුතුය )
නව අමාත්‍ය මණ්ඩලය පහත සඳහන් පරිදි විය යුතුයයි මම යෝජනා කරමි.

 යෝජිත අමාත්‍ය මණ්ඩලය

ජනාධිපති; අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා, ආණ්ඩුවේ ප්‍රධානියා සහ සන්නද්ධ සේවාවන්හි ප්‍රධානියා
1අග්‍රාමාත්‍ය, රාජ්ය ආරක්ෂක,  බුද්ධශාසන හා සංස්කෘතික  කටයුතු
2 මුදල් හා රාජ්‍ය පරිපාලන
3 ඉඩම්, වාරිමාර්ග සහ පරිසර සංරක්ෂණය
4 කෘශිකර්මාන්ත, වැවිලි කර්මාන්ත සහ කුළුබඩු
5 කර්මාන්ත, බලශක්ති හා තාක්ෂණ  
6 අධ්‍යාපන සහ ක්‍රීඩා
7 අධිකරණ, නිතිය හා සාමය
8 සෞඛ්‍යය, ආයුර්වේද සහ සමාජසේවා
9 නිවාස, පලාත්පාලන හා ජලසම්පාදන
10 වෙලඳ හා නාවික  
11 විදේස සහ ජාත්‍යන්තර කටයුතු
12 ධීවර සහ සමුද්‍ර සම්පත්
13 කම්කරු හා රැකිරක්ෂා
14 ගමනාගමන, මහාමාර්ග හා ගුවන්සේවා  
15 ප්‍රවෘත්ති,ගුවන්විදුලි, රූපවාහිනී සහ ජනමාධ්‍ය
16`උඩරට ගැමි පුනරුත්ථාපන සහ කන්ද උඩරට (ජාතියේ හදබිම ) සංරක්ෂණය  
17 ස්වදේශ කටයුතු, ග්‍රාම සංවර්ධන හා රජයේ වැඩ

මා ඉහතින් සඳහන් කරණලද නව අන්තර්කාලීන ඇමතිමණ්ඩලය විසින් ක්‍රියාත්මක කළයුතු යෝජිත  ජාතික ප්‍රතිපත්ති මාලාවේ කෙටුම් පතක්ද පහතින්  දක්වමි.

අන්තර්කාලීන  ජාතික රජයේ ප්‍රතිපත්ති

1.මේ සෑම අමාත්‍යයා අමාත්‍යංශයකටම  රජයන් වෙනස්වීම අනුව වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති මාලාවක් තිබිය යුතුය.
2. ස්වාධීන අධිකරණයක් හා ස්වාධීන රාජ්‍ය සේවයක්.
3. රාජ්‍ය  සේවයේ දේශීය (ශ්‍රී.ළන්.පසේ).  මෙන්ම විදේශීය සේවා ශ්‍රී .ලන්.වි.සේ තනතුරු සියල්ලටම වෘත්තිය නිලධාරීන් පමණක් පත්කල යුතුය.දේශපාලකයින් සහ ඔවුන්ගේ දූ දරුවන්,ඥාතීන් සහ හිතවතුන් පත්කිරීම වහාම අවසන්කල යුතුය. මේ වනවිට පත්කොට ඇති එවැනි අය වහාම ආපසු ගෙන්විය යුතුය. රාජ්‍ය  සංස්ථා සහ මණ්ඩල ආදියටද එම ප්‍රතිපත්තිමය අනුගමනය කළයුතුය.
4. මෙරට, පිටරට සියළුම රාජ්‍ය සේවා ආයතන වලට සේවක සංඛ්‍යාව භාන්ඩාගාරයේ සැපයීම් සහ සේවා සංඛ්‍යාව දෙපාර්තමේන්තුවේ නියමයන් අනුව පමණක් සිදුකල යුතුය.
5. සමස්ථ රාජ්‍ය  සේවයට බඳවා ගැනීම් කලයුත්තේ තරඟ විභාග වලින් කුසලතා අනුව පමණි.
6.රාජ්‍ය මුදල් වැය කිරීම කල යුත්තේ රාජ්‍ය නිලධාරීන් විසින්,රාජ්‍ය ආයතන හරහා පමණි .දේශපාලකයින් හරහා විමධ්‍යගත  ආදී විවිධ ක්‍රම හරහා  රාජ්ය මුදල් බෙදා හැරීම සහ අවභාවිතය වහාම නතරකළ යුතුය.
7. එසේම කාර්යක්ෂම, අපක්ශපාති රාජ්ය සේවයක් ගොඩනැගීම සඳහා එය ජාතික, දිසා, සහ ප්‍රාදේශීය වශයෙන් දේශ පාලනීකරණය කිරිමද වහාම නතරකළ යුතුය.
8. සියළුම රාජ්‍ය සේවකයින්ගේ පත්වීම්,මාරුකිරීම් හා උසස්කිරීම් ආදිය රාජයසේවා රෙගුලාසි අනුව පමණක් සිදුකළ යුතුය.
9. සියලුම මැති ඇමතිවරුන් වසරක කාලයක් වැටුප් නැතිව සේවය කළ යුතුය.
10. 1977 ජේ.ආර්/රජිව් ගිවිසුම, 13 වන  ව්‍යවස්ථා සන්ශෝධනය සහ පලාත් සභා අහෝසි කිරීම.
11.ආණ්ඩුකාර නතුරුද අහෝසිකොට කාර්යාල වහාම වසාදමා එම කාර්යාල වල රජයේ නිලධාරීන් දිසාපති, ප්‍රාදේශීය  උපදිසාපති සහ වෙනත් එවැනි කාර්යාල වලට අනුයුක්ත කිරීම.
 12. ජනාධිපති, අග්‍රාමාත්‍ය, අගවිනිසුරු අමාත්‍ය මන්ඩල ලේකම්, ත්‍රිවිධහමුදාපතිවරු සහ පොලිස්පතිට හැර වෙනත් කිසිම රාජ්‍ය නිලධාරියෙකුට නිල රථ නොදිම.

13. තම රාජකාරියට වාහන අවශ්‍ය සියලුම රාජ්‍ය  නිලධාරින්ට එක් එක්  මට්ටමේ ක්ෂේත්‍ර  රාජකාරි සඳහා ඒ ඒ මට්ටමේ අමාත්‍යංශ,දෙපාර්තමේන්තු සහ උප කාර්යාලවල වාහන සන්චිතයක් බැගින් පවත්වා ගත යුතුය.
14. තම රාජකාරි කටයුතු සඳහා වාහනයක් අවශ්‍ය නිලධාරින්ට කලින් පැවති ක්‍රමයට වාහන ගැනීම සඳහා ණය මුදලක් දීම.
15. දේශපාලකයින්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය සහ සියලු අමතර වරප්‍රසාද අහෝසි කිරීම. එසේම ඔනුට හෝ ඔවුන්ගේ ඥාතීන්ට රජයේ කොන්ත්‍රාක්,මත්පැන්, වැලි, දැව බලපත්තර ආදිය දීම තහනම් කළයුතුය.
16. දේශපාලනය මහජන සේවයක් මිස දැනට කෙරෙන පරිදි රක්ෂාවක් හෝ ව්‍යාපාරයක්  හා ජාවාරමක්කොට නොගත යුතුය.
17. බලයේ සිටින එමෙන්ම දැනට බලයේ නැති ආණ්ඩුකාරවරුන් මැති ඇමතිවරුන් වැනි කිසිකෙනෙකුට ප්‍රභූ ආරක්ශාව නොසැපයිය යුතුය. එසේම ඔවුන්ගේ නිල රථ,හා නිල නිවාසද වහාම රජයට භාර දිය යුතුය.
18. මේ රටේ එක ජාතියක්, එක නීතියක් යන රාජ්‍ය  ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම
19. මේ රටේ ජාතිය ශ්‍රී ලාංකික අනන්‍යතාවය සිංහල  සිංහල  බෞද්ධ

අභ්‍යන්තර රාජ්‍යපාලනය

20. සුද්දා මේ රට හා ජාතිය විනාශකිරීමට ඇටවූ  මර උගුලක් වන දේශ පාලන පක්ෂ ක්‍රමය සහ පළාත් ක්‍රමයද අහෝසි කිරීම සහ ඒ වෙනුවට දේශපාලන පක්ශ නැති ස්වදෙශීය සංස්කෘතිය  පදනම් කරගත් දිසා රාජ්‍ය  පාලන ක්‍රමයක් ඇතිකිරීම.
21. රටේ අභ්‍යන්තර පාලනය දිසාපති, ප්‍රාදේශීය උප දිසාපති, කෝරාල සහ ගම්පති වරුන් යටතේ නැවතත් ක්‍රියාත්මක කිරීම
22. සෑම ග්‍රාම  සේවා කොට්ඨාශයකටම  ග්‍රාමීය සේවා මාධ්‍යයස්ථානයක් ගම් මට්ටමේ සියලුම විවිධ රාජ්‍ය නිලධාරින් එම කර්යාලයේ එකම වහලක් යටතට.
23. සෑම අන්තර් ජාතික ගිවිසුමකටම ජාතික රාජ්‍ය සභාවේ අනුමතිය අනිවාර්ය කිරීම.
24. ආර්ථික සංවර්ධනයට අදාල සංවර්ධන කටයුතුවලට හැර වෙනත් කිසිම කෙනෙකුට තීරුබදු රහිත  වාහන ආදිය ලබා නොදීම.
25. රටේ විදේශ මුදල් සංචිතය  වැඩිකර ගැනීම සඳහා මහ බැංකුවේ  ජාතික සංවර්ධන අරමුදලක් ආරම්භකොට විදේශවල සිටින සියලුදෙනාටම මාසිකව එම අරමුදලට තමන්ට හැකි මුදලක් එවනමෙන් ඇරයුම් කිරීම සහ එම ගිණුම් අයිතිකරුවන්ට ඒ සඳහාවිශේෂ පොලියක් ගෙවිම සහ වෙනත් වරප්‍රසාද ලබා දිම.
26. 1977 සිට මේ රටේ දේශපාලනය කල සියලු දෙනාගේම වත්කම් සොයා බලා වැරදි අන්දමින් උපයාගත් සෑම සතයක්ම (මෙරට පිට රට ඇති) සහ දේපල සහ මුදල් අපචාර පිළිබඳ වරද කරුවන්ට දැඩි දඬුවම්. දේපල රාජ සන්තක කිරීම සහ ප්‍රජා අයිතිය අහෝසිකිරීම ඇතුළු. එසේම මේ රටේ පුරවැසියන් රොහල්වල බෙහෙත් නැතිව මිය යද්දී වෛද්‍ය ප්‍රතිකාර සඳහා දේශපාලකයින් ඇමරිකාව,සිංගප්පුරුව  සහ ඕස්ට්‍රේලියාව වැනි රටවලට රජයේ වියදමින් ගොස් ලක්ෂ ගණනින් වැය කළ මහජන මුදල් ආපසු රජයට ලබාගැනීම.
27. දේශපාලකයින් විසින් පිටරට බැංකුවල තැන්පත්කොට ඇති මුදල් මේ රටට ගෙන්වා රාජසන්තක කිරීම.
28. සියලුම රජයන් විසින් රටට අහිතකර අන්දමින් එළඹ  ඇති සියළුම ජාත්‍යන්තර  ගිව්සුම් අදාල පාර්ශව සමඟ සාකච්චා කර අහෝසි කිරීම හෝ කොන්දේශි   රටට හිතකර අඳමින් සංශෝධනය කිරීම.

29. මේ රටේ ඉන්ධන ටිකවත් බෙදාගන්ට බැරිව දැනට ඉන්දියාව සතුකොට ඇති රන් බිජු දාන කිකිළියක් වැනි,ඉන්ධන බෙදාහැරීම  වහාම ලන්කා ඉන්ධන සන්ස්ථාවට ආපසු භාර දීම.
30. මේ රටේ කිසිම ජාතික සම්පතක් පිටරටකට විකිනීම මින්මතුවට තහනම් කිරීම.
31. මිනීමරුම්, ලමා අපචාර, මත්ද්‍රවය පිළිබඳ සහ දේශද්‍රෝහී සියලුම අපරාධ, වලට මරණ දඬුවම දිම වහාම ආරම්භ කිරිම.
32. මේ රටේ ජාතික අධ්‍යාපනයට විශාල හානියක් සිදුකර ඇති එසේම දැනටත් සිදු කරණ, ජනතාව සූරාකන, මනසින් විජාතික අනාගත පරම්පරාවක් බිහිකරන රට පුරා පිහිටුවා ඇති ඊනියා ජාත්‍යන්තර පාසැල් වසන්ගතය වහාම  අහෝසි කිරීම.
33. දැනට ඇති පරිදි 100 ඉක්මවන වාර්ශික රාජ්‍ය නිවාඩුදින ගණන ජාත්‍යන්තරය සාමාන්‍ය ගණනවන 12 හෝ ඊට ආසන්න ගණනකට අඩු කිරීම.

ඒ යටතේ

1සිංහල අලුත් අවුරුදු නිවාඩු                    2
2ජනරජ දිනය මැයි 22 :                         1
3 වෙසක් පෝය                                     2
4ජාතික වීර දිනය  (මැඉ 9)                      1  
5 පොසොන් පෝය (ජාතික දිනය)             1  බුද්ධාගම ලක්දිවට ගෙන ආ දිනය
6 ජාතික ගොවි කම්කරු දිනය  මැයි           1                  
7 ජාතික වීර දිනය                                   1
8  ජාතික පරිසර දිනය                              1
7 ජාතික ළමා  දිනය                                 1                  
8 ජාතික මව් වරුන්ගේ  දිනය                    1
9 ජාතික වැඩිහිටි  දිනය                             1

සෙසු සියළු පෝය දින සහ ඒ ඒ ආගම්වලට අදාල ආගමික දින අදාල ආගම් අදහන අයට පමණක් සීමා කිරීම. (මේ තුලින් ලෝකයේ වැඩිම රජයේ නිවාඩු දින ගණන ඇති අපගේ රටේ, දැනට වසරකට අහිමිවන මිනිස් දින කෝටිගණනක් රටේ සංවර්ධනයට යොදාගැනීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙණු ඇත.

34. රාජ්‍යද්‍රෝහී , දේශද්‍රෝහී හී අපරාධ, මත්ද්‍රව්‍ය පිලිබද   අපරාධ, සාපරාධි මිනිමැරුම්, ආගමික සිද්ධස්ථාන වලට සිදුකෙරෙන අපරාධ ආදීයට මරණ දඬුවම දීම.

මැතිවරණ ක්‍රමය

35. ප්‍රජාතන්ත්‍රවාදයබේරාගැනීමට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම.

දැනට පවතින  දිස්ත්‍රික්ක මන්ත්‍රී ක්‍රමය ,අනුපාත ක්‍රමය, බහු ආසන ක්‍රමය,මනාප ක්‍රමය අහෝසි කිරීම සහ පැරණි  ආසන ක්‍රමයට යාම. පක්ශයේ නායකයා විසින් අපේක්ෂකයින් තෝරන ක්‍රමය වෙනස්කොට පැරණි  මැතිවරණ කොට්ඨාශ ක්‍රමයට යාම සහ අදාල මැතිවරණ කොට්ථාශයේ ජනතාව විසින් තම අපේක්ෂකයා තෝරා ගන්නා ක්‍රමයක්  හඳුන්වා දීම. තවද කිසියම් පක්ෂයකට පාර්ලිමේන්තුවේ නියෝජනයක් ලැබීම සඳහා ප්‍රේමදාස ජනාධිපතිවරයා සුළු ජාතින් නැළැවීමට සඳහා වෙනස් කළ දැනට ලබාගතයුතු 3% ප්‍රතිශත නැවතත් 12% කළ යුතුය.

එසේම තම අපේක්ෂකයා  තෝරාගැනීමේ බලය ආසනයේ  ජනතාවටට දිය යුතුය. අපේක්ශකයෙකු වීම සඳහා අවම අධ්‍යාපනය, වත්කම්, චරිත සහ ප්‍රජා සේවයට ඇති පලපුරුද්ධ මෙන්ම ආසනයේ වසර 5ක අවම පදිංචිය  හෝ එම ආසනය තුල උපන් අයකු වීම අනිවාර්ය කළ යුතුය තවද කිසියම් නියෝජිතයකු තම වගකීම් නිසියාකාරව ඉටු නොකරන්නේ නම් ඔහු ඉවත් කිරීමට අදාල චන්ද කොට්ඨාශයේ චන්ද දායකයින්ට බලය දිය යුතුය. 

එසේම තම අපේක්ෂකයා  තෝරාගැනීමේ බලය ආසනයේ  ජනතාවටට දිය යුතුය. අපේක්ශකයෙකු වීම සඳහා අවම අධ්‍යාපනය, වත්කම්, චරිත සහ ප්‍රජා සේවයට ඇති පලපුරුද්ධ මෙන්ම ආසනයේ වසර 5ක අවම පදිංචිය  හෝ එම ආසනය තුල උපන් අයකු වීම අනිවාර්ය කළ යුතුය තවද කිසියම් නියෝජිතයකු තම වගකීම් නිසියාකාරව ඉටු නොකරන්නේ නම් ඔහු ඉවත් කිරීමට අදාල චන්ද කොට්ඨාශයේ චන්ද දායකයින්ට බලය දිය යුතුය.  

36. ක්‍රි .පූ.427 සිට මේ රටේ තිබුණු තුන් සිංහලේ නැවත පිහිටුවීම.
37. 1815 උඩරට ගිවිසුම අත්සන් කරනවිට තිබුණු සිංහ කොඩිය නැවතත් මේ රටේ ජාතික කොඩිය වශයෙන් පිළිගැනීම.
38. මුළු රටටම එක ජාතික ගීයක් සිංහලෙන් පමණක් ගැයීම.
39. රටපුරා අධිරාජ්‍යවාදී නස්ඨාවශේෂ වශයෙන් දක්නට ලැබෙන සියළුම පුද්ගල නාම, ස්ථාන, මන්මාවත්, චතුරස්සර නාම සිංහලෙන් ලිවීම සහ සජිත් ප්‍රේමදාස විසින් උදාගම් වැඩසටහන යටතේ රට පුරා නව ගම්මානවලට තබා ඇති අරාබි සහ ඉන්දීය නම් වෙනුවට, ඒවා මුල්බැසගැනීමට පෙර වහාම සිංහල නම් ආදේශකිරීම.
40.සමස්ත ලන්කාවාසීන් මෙන්ම මුළු ලොවම ලංකා රාජ්‍ය  සිංහල බෞද්ධ රටක් වශයෙන් පිලිගැනීම.
41. සියළුම ජනවර්ග, භාශා, ආගම් සහ ප්රාදේසීය නම්වලින් ඇති සියලුම දේශපාලන පක්ශ තහනම් කිරීම .  
42. 1505 -1848 දක්වා වසර 443 ක් තිස්සේ මේ රටත් සිංහල ජාතියත් පෘතුගීසි, ඕලන්ද සහ ඉංග්‍රීසි යන ප්‍රබල අධිරාජ්‍යවාදී ආක්‍රමණිකයන්ගෙන් ආරක්ෂාකරගත්  කන්ද උඩරට  වීර සිංහලයින්ගේ වෙනුවෙන් ද එසේම 1815 සිට 1948 දක්වා සටන් වලදී 100-1000 ගණන් මරා ඔවුන්ගේ  ඉඩකඩම් සියල්ල බලහත්කාරයෙන් අල්ලාගෙන ,තම ගම්දනවු වලින් පන්නා දමා ඔවුන් සතු සියළු දෙයම අහිමිකොට නැවත ඔවුන්ගෙන් කොල්ලකාගත් ඉඩම්වල ඉන්දීය වතුකම්කරුවන් ලක්ෂ ගනනින් පදිංචිකොට  ඔවුන්ගේ ඉඩම්ද අහිමිකොට තම උපන්බිමේම අනාථයින් බවට පත්කොට සදාකාලිකවම දරිර්ද්‍රබවේ  පතුලටම දමා ඔවුන්ට ඉංග්‍රීසින් විසින්  සිදුකරණ ලද අසාධාරනකම් වලට ද, 1948 සිට මේ දක්වාම කිසිදු රජයකින් යුක්තිය හා සාධාරණය ඉටුකොට නැත. එදා ඒ උඩරැටියන් නොසිටියේනම් අද සිංහල කියා ජාතියක් හෝ රටක් අපට  නැත.

එමනිසා ඒ වීර මුතුන්මිත්තන්ගෙන් පැවත එන උඩරට සිංහලයින්ට  දැන්වත් ඔවුන්ගේ අහිමිවූ ඒ අසාධාරනයන්ට සාධාරනය ඉටුකළ යුතුය.
මේ සඳහා අලුතෙන් පිහිටුවීමට යෝජිත උඩරට ගැමි සංවර්ධන හා කඳුරට (හදබිම ) සංරක්ෂණ අමාත්‍යාංශයක්  යටතේ විශේශ ජාතික වැඩ පිලිවෙලක් සකස්කළ යුතුය.

එහි මූලික අංග වශයෙන්

1. මු.ම. අඩි 5000 ට ඉහල සමස්ථ  භූමියම ( සිංහල රජකාලේ මෙන්) දැඩි සන්රක්ශිත හා ආරක්ශිත කලාපයක් වශයෙනප්‍රකාශ කිරීම (මෙම කොටසේ සියලුම වර්ගයේ ජනාවාස තහනම්කළ යුතුය.මෙම කොටසට අවශ්‍ය කම්කරුවන් ඊට බහැරින් ගෙන ආ යුතුය ).
2. අඩි 3500-5000 දක්වා විශාල පරිමාණයේ තේ වතු පමණි. ඒ තුලද තේ කර්මාන්ත ශාලා, සහ ඒවා පාලනය කිරීමට අත්‍යවශ්‍ය  ගොඩනැගිලි හැර වෙනත් කිසිම ජනාවාස නොසෑදිය යුතුය.
3. අඩි1000 -3500 අතර කොටසේ මිශ්‍ර වගා සහිත  අක් 2 ½ ගොවිපවුල් පදින්චිකිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළයුතුය.(මේ කොටසෙන් 3500-5000 අතර කොටසට අවශ්‍ය  කම්කරුවන් සැපයිය හැක )

මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක  කිරිමෙන් කඳුරට වන සම්පත් ආරක්ෂාවී භූ  ස්ථාවරත්වයද රැකෙන අතර  ජල පෝශක ප්රදේශ ආරක්ශා වීම මෙන්ම පාන්ශු සන්රක්ශනය වීම, තේ වගාව ආරක්ශා වීම, ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය විසඳීම මෙන්ම වතු දෙමල ප්‍රශ්නයද  විසඳෙනු ඇත.

43.පාර්ලිමෙන්තුවේ දැනට සිටින ජාතික ලැයිස්තු මන්ත්‍රීන්  29 අහෝසිකොට  ඉතිරි 196, 1977 ට පෙර තිබුණු 165 දක්වා අඩුකළ යුතුය.
44.මේ රටේ ආර්ථිකයේ කෘෂි කර්මාතයට සහ පශු සම්පත් සංවර්ධනයට  මුල්තැන් දිය යුතුය.
45 ඒ සමඟම  කෘශි කර්මාන්තයේ සියලුම අන්ශවලට නැවතත් රසායනික පොහොර ලබාදි රටේ ආහාර ස්වයන්පෝශිත භාව්ය සහ සුරක්ශිත භාවය ආරක්ශාකොට කෘෂි භෝග අපනයනය වැඩිකර ගැනීමට වහාම පියවර ගත යුතුය.
46බූද්ධාගම රාජ්‍ය ආගම කිරීම සහ අනෙකුත් සියලුම ආගම් ඇදහීමේ අයිතිය පමණක් තහවුරු කිරීම.

මේ සඳහා අලුතෙන් පිහිටුවීමට යෝජිත උඩරට ගැමි සංවර්ධන  හා කඳුරට (හදබිම ) සංරක්ෂණ  අමාත්‍යාංශයක් යටතේ විශේශ ජාතික වැඩ පිලිවෙලක් සකස්කළ යුතුය.

එහි මූලික අංග වශයෙන්

1. මු.ම. අඩි 5000 ට ඉහල සමස්ථ  භූමියම ( සිංහල  රජකාලේ මෙන්) දැඩි සන්රක්ශිත හා ආරක්ශිතකලාපයක් වශයෙන් ප්‍රකාශ  කිරීම (මෙම කොටසේ සියලුම වර්ගයේ ජනාවාස තහනම්කළයුතුය.මෙම කොටසට අවශ්‍ය කම්කරුවන් ඊට බහැරින් ගෙන ආ යුතුය).
2 අඩි 3500-5000 දක්වා විශාල පරිමාණයේ තේ වතු පමණි. ඒ තුලද තේ කර්මාන්ත ශාලා, සහ ඒවා පාලනය කිරීමට අතවශ්‍ය ගොඩනැගිලි හැර වෙනත් කිසිම ජනාවාසයක් නොසෑදිය යුතුය.
3 අඩි1000 -3500 අතර කොටසේ මිශ්‍ර වගා සහිත  අක් 2 ½ ගොවිපවුල් පදින්චිකිරීමේ ව්‍යාපායක්  ආරම්භ කළයුතුය. (මේ කොටසෙන් 3500-5000 අතර කොටසට අවශ්‍ය  කම්කරුවන් සැපයිය හැක )

මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිමෙන් කඳුරට වන සම්පත්ආරක්ෂාවී  භූ  ස්ථාවරත්වයද රැකෙන අතර  ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා වීම මෙන්ම පාන්ශු සංරක්ෂණය  වීම, තේ වගාව ආරක්ෂා වීම, ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය විසඳීම මෙන්ම වතු දෙමල ප්‍රශ්නය විසඳෙනු ඇත.

(ශ්‍රී ලන්කා පරිපාලන සේවයේ, ප්‍රාදේශීය  ආදායම් නිළධාරි, අතිරේක දිසාපති,දෙපාර්තමෙන්තු ප්‍රධානි ,සංස්ථ ප්‍රධානි,විවිධ අමාත්‍යාංශය ලේකම් වරයෙකු, වෘතීය සංගම් ප්‍රධානියෙකු සහ විශ්ව විද්‍යාල කතිකාචාර්ය වරයකු වශයෙන් වසර 40 ක් පමණ කාලයක් තුල මා ලැබූ අත්දැකීම් වලට අමතරව සමාජයේ විවිධ තරාතිරමේ ගිහි පැවිදි පැතිකඩක් සමඟ සාකච්චා කිරිමෙන් ලබාගත් තොරතුරු සහ ජපානය,තායිලන්තය.ඉන්දියාව, එන්ගලන්තය සහ ඇමෙරිකාව වැනි රටවල සංචරය කිරීමෙන්  ලබනලද අත්දැකීම්ද මෙම ලිපිය සකස්කිරීමට උපකාරවිය) 

ජාතික බෞද්ධ බලවේගයේ තවත් සමාජ සත්කාර්යක්

Protected by Security by CleanTalk