මහ කොමසාරිස්ගේ පොරොන්දුවෙන් දින දෙකක් ගතවීමටත් පෙර ඉන්දීය ධීවරයෝ මුලතිව් මුහුදටත් එති

Spread the News

gopalb135 ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉන්දීය ධීවරයන් අනවසරයෙන් උතුරු මුහුදට පැමිණීම වළක්වන බවට පොරොන්දු වී දින දෙකක් ගතවීමත් සමගම ඉන්දීය ධීවරයෝ මුලතිව් මුහුදු ප‍්‍රදේශයද 8 දා රාත‍්‍රී ආක‍්‍රමණය කළ බව මුලතිව් ධීවරයෝ පැවසූහ.

ඉන්දීය ධීවරයන්ගෙන් මෙතෙක් විශාල හිරිහැරයක් පැවතියේ යාපනය හා මන්නාරම මුහුදු තීරයට වූවත්, පසුගිය දින දෙක ඇතුළත ඉන්දීය ටෝලර් යාත‍්‍රා 60 කට වැඩි සංඛ්‍යාවක් මුලතිව් මුහුදු ප‍්‍රදේශයට පැමිණි බව මුලතිව් ධීවරයෝ කියා සිටියහ.

නාවික හමුදාවේ යාත‍්‍රා පැමිණෙන විට ඉන්දීය ධීවරයන්ගේ යාත‍්‍රා මුලතිව් මුහුදු සීමාවෙන් ඔබ්බට යාත‍්‍රා කිරීම නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට නොහැකි වූ බවද මුලතිව් ධීවරයෝ පවසති