මානව හිමිකම් සමුළුව මැද සෝල්හයිම් යළි මතුවීම

Spread the News

මානව හිමිකම් සමුළුව මැද සෝල්හයිම් යළි මතුවීම
source:
එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ද්‍රවිඩ සිවිල් වැසියන් 40,000 ක්‌ මියගිය බව කියද්දී කැලම් මැක්‌රේ එය 70,000 ක්‌ කළේය. හිටපු බී. බී. සී. වාර්තාකාරී ප්‍රැන්සිස්‌ හැරිසන් එය 147,000 ක්‌ දක්‌වා වැඩි කළේය. දැන් කොටි ඩයස්‌පෝරාව ද්‍රවිඩ ළදරුවන් ලක්‍ෂ තුනක්‌ මරාදමා ඇතැයි සාවද්‍ය ප්‍රචාරයක්‌ අරඹා ඇත. ළදරුවන් තුන් ලක්‍ෂයක්‌ මැරූ බවට දක්‌වන සාවද්‍ය චෝදනාව මාර්තු 10 දා ජිනීවා නුවර පවත්වන  කොටි රැලියේ තේමාව වී තිබේ.

මානව හිමිකම් සමුළුව ඊයේ (3දා) ආරම්භ විය. සමුළුව ආරම්භ කිරීමට පැය 48 ක්‌ තිබියදී බ්‍රිතාන්‍යයේ චැනල් ෙµda රූපවාහිනියේ අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ අන්කරප්ටඩ් ටෘත් නමින් වචන 20,000 ක ග්‍රන්ථයක්‌ ප්‍රකාශයට පත් කළේය. එකී ග්‍රන්ථය කොටි ඩයස්‌පෝරාව ඊයේ ජිනීවා නුවරදී බෙදා හැර ඇත.

මේ ග්‍රන්ථයට දායක වී ඇත්තේ ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් හියුමන් රයිට්‌ස්‌ වොච් සහ තවත් රාජ්‍ය නොවන සංවිධානයි.

මැක්‌රේ මේ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළේ ජිනීවා මානව හිමිකම් සමුළුවට අමුද්‍රව්‍යයක්‌ ලෙසයි. වන්නි මෙහෙයුම අවසානයෙන් පසුත් ශ්‍රී ලංකා හමුදාව නිරුවත්ව දෑත් බඳිනු ලැබූ සිරකරුවන් මරා දැමූ බවත්, ලිංගික ක්‍රියා සිදු කළ බවටත් මැක්‌රේ චෝදනා කළේ එකී සිදුවීම් සියෑසින් දුටුවාක්‌ මෙනි.

එසේම රජය ද්‍රවිඩ සිවිල් වැසියන්ව යුද මුක්‌ත කලාපයේ රැස්‌කර ෂෙල් ප්‍රහාර එල්ල කළ බවටත් ද්‍රවිඩ සිවිල් වැසියන්ට ආහාර පාන දුන්නේ නැති බවටත් මැක්‌රේ තවදුරටත් සිය ග්‍රන්ථයේ දක්‌වා තිබේ.

එහෙත් මේ සාවද්‍ය තොරතුරුවල මූලාශ්‍ර කැලම් මැක්‌රේගේ නොව කොටි ත්‍රස්‌තවාදීන් සමග එක්‌ව ක්‍රියා කළ නෝර්වේ පීපල්ස්‌ ඒඩ් සංවිධානයේ බෙන්ජමින් ඩික්‌සි, ටිම් මාටින් යන වන්නියේ සිටි දමිල් වානි සහ ජර්මනියේ සිට ක්‍රියාත්මක වන ඡේ. ඩී. එස්‌. සංවිධානය බව හෙළි වී ඇත.

පසුගිය කාලය මුළුල්ලේම මැක්‌රේ ශ්‍රී ලංකාවට එරෙහිව වීඩියෝ පට නිර්මාණය කළේය. නෝµයර් සෝන් සහ කිලිං µSල්ඩ් වැනි චිත්‍රපටවලින් ඔහු ශ්‍රී ලංකා හමුදාව වරදකරු කිරීමට උත්සාහ කළේය.

මම ශ්‍රී ලංකාවේ නායකයන්ව යුද අධිකරණයට ගෙන යන්නෙමි යෑයි ඔහු කැනඩාවේදී මුරගෑවේය.

මැක්‌රේ මෙලෙස වහසිබස්‌ දොඩද්දී කොටි ඩයස්‌පෝරාව ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩ ළදරුවන් 300,000 ක්‌ ඝාතනය කළ බවට සාවද්‍ය ප්‍රචාරයක්‌ දියත් කරනු ලැබීය. එසේම තමිල්නාඩුවේ කොටි හිතවාදීන්ව ජිනීවා නුවරට ගෙන අවුත් මාර්තු 10 දා ශ්‍රී ලංකාවට එරෙහි උද්ඝෝෂණයට සම්බන්ධ කරගත යුතු බවද ඔවුහු කියා සිටියේය.

මේ පසුබිම මැද ඇමරිකාවේ ටැමිල්ස්‌ ෙµda ඔබාමා නමැති කොටි හිතවාදී සංවිධානය ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි වෙත හදිසි සංදේශයක්‌ යවමින් උතුරු නැගෙනහිර ජනමත විචාරණයක්‌ පැවැත්වීමට ක්‍රියාකරන්නැයි ඉල්ලා ඇත.

ඒ සමගම ඉන්ටර්නැෂල් ක්‍රයිසස්‌ නමැති රාජ්‍ය නොවන සංවිධානයේ නායිකා ලුවිසේ ආබර් නිවේදනයක්‌ කරමින් ශ්‍රී ලංකාවේ යුද අපරාධකරුවන් සෙවීමට එක්‌සත් ජාතීන්ට ඉඩදිය යුතු බව කීවාය.

ඊට සමගාමීව මුලතිව්හි වැඩබලන අධිකරණ වෛද්‍ය සින්නයියා සිවරූබන් විදෙස්‌ මාධ්‍ය අමතමින් පිළිස්‌සුණු තුවාල සහිත කාන්තා ඇටකටු නවයක්‌ සොයාගත් බව පළ කළේය.

එකී ප්‍රකාශය විදෙස්‌ මාධ්‍ය ප්‍රචාරය කළේ විශාල සමූහ මිනීවළක එකී කාන්තා ඇටකටු තිබූ බව යනුවෙනි. එහෙත් මෙකී ප්‍රදේශය පැවැතියේ කොටි පාලනය යටතේයි. ඒ සම්බන්ධ රොයිටර් වාර්තාවේ මෙසේ සඳහන් විය.

2009 පෙබරවාරි 9 දා සිරුරු වළ දැමූ බව ප්‍රදේශයේ තිදෙනකු පැවැසීය. එකී සිරුරු හමුදා මල්ටි බැරල් ප්‍රහාරයකින් මියගිය අයගේයි. මෙතැන සිට මීටර් 200 ක්‌ ඈතින් සමූහ මිනීවළක්‌ තිබෙනවා.

මින් සනාථ වන්නේ රොයිටර් වාර්තාකරු සාක්‍ෂි පවා සොයාගෙන ඇති බවයි. මින් සනාථ වන්නේ මානව හිමිකම් සමුළුව ආරම්භ වන අවස්‌ථාවේ මුලතිව්හි ඇටකටු මතුවීම හා සාක්‍ෂිකරුවන් ඉදිරිපත් වීමයි.

ඒ සමගම අල් ජසීරා රූපවාහිනියද මුලතිව්හි ශ්‍රී ලාංකීය පවුලක්‌ විශාල සමුහ මිනීවළක්‌ සොයාගත් බවට ප්‍රචාරයක්‌ දියත් කළේය.

මෙය පුදුමයක්‌ නොවේ. මානව හිමිකම් සමුළුව ආරම්භ වීමත් සමග ඉදිරි කාලයේදී උතුරු නැගෙනහිර තවත් මිනී වළවල් සොයා ගැනීමට ඉඩ ඇත. එහෙත් මෙකී ප්‍රදේශ පාලනය කළ කොටි මරා වැළලූ සිවිල් වැසියන් හා ආරක්‍ෂක හමුදා භටයන් ගැන කිසිවකුත් හඬ නගන්නේ නැත.

මුලතිව් හමුදා කඳවුරේ දහසකට අධික භට පිරිසක්‌ සිටියහ. මේ හමුදාභට පිරිස සමූලඝාතනය විය. ඔවුන්ව මරා වළ දැමුවේද මුලතිව් ප්‍රදේශයේයි.

එහෙත් හමුවන සෑම ඇටකටු තොගයක්‌ම සිවිල් වැසියන්ගේ බවට චෝදනා එල්ල වේ.

මේ නිසා පැහැදිලි වන්නේ විවිධ අභිරහස්‌ පාර්ශව උතුරේ පිරිස්‌ ලවා පොළොව හෑරීමට ක්‍රියා කිරීමයි.

ද්‍රවිඩ ළදරුවන් 300,000 ක්‌ මැරූ බවට ජිනීවාහි සාවද්‍ය ප්‍රචාරයක්‌ දියත් කරන්නේ නම් කොටි ඩයස්‌පෝරාවේ දීන වැඩපිළිවෙළ මින් සනාථ වේ.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ද්‍රවිඩ සිවිල් වැසියන් 40,000 ක්‌ මියගිය බව කියද්දී කැලම් මැක්‌රේ එය 70,000 ක්‌ කළේය. හිටපු බී. බී. සී. වාර්තාකාරී ප්‍රැන්සිස්‌ හැරිසන් එය 147,000 ක්‌ දක්‌වා වැඩි කළේය.

දැන් කොටි ඩයස්‌පෝරාව ද්‍රවිඩ ළදරුවන් ලක්‍ෂ තුනක්‌ මරාදමා ඇතැයි සාවද්‍ය ප්‍රචාරයක්‌ අරඹා ඇත.

ළදරුවන් තුන් ලක්‍ෂයක්‌ මැරූ බවට දක්‌වන සාවද්‍ය චෝදනාව මාර්තු 10 දා ජිනීවා නුවර පවත්වන කොටි රැලියේ තේමාව වී තිබේ.

එහෙත් ඇමරිකාව විසින් ඉන්දියාව සම්බන්ධව ප්‍රකාශයට පත් කළ වාර්තාවෙන් ඉන්දීය රජය බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කළ බවට දක්‌වා තිබේ.

එහෙත් කිසිදු රටක්‌ ඒ ගැන ප්‍රකාශයක්‌ කර නැත. මේ පසුබිම මැද ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ සිදුවන්නේ ඒකපාක්‌ෂික ක්‍රියාදාමයක්‌ බව පැහැදිලිය.

මෑතකදී ඇමරිකානු අධිකරණය තීන්දු කළේ ඇමරිකාවට ලෝක පොලිස්‌කාරයා වීමට නොහැකි බවයි.

එහෙත් ආරක්‍ෂක ලේකම් ජෝන් කෙරී ශ්‍රී ලංකාවට තර්ජනය කළේය.

මේ පසුබිම මැද යුද අපරාධ සම්බන්ධව ඇමරිකානු යෝජනාව සමග එක්‌ වී ක්‍රියා කරන ලෙස ජාතික සාම මණ්‌ඩලය රජයෙන් ඉල්ලා ඇත. ඉන් රජයට කියන්නේ වන්නි මෙහෙයුමේ සියලුම හමුදා නායකයන්ට නඩු දැමිය යුතු බවයි.

මානව හිමිකම් සමුළුව වෙත ඇමරිකාව ගෙන එන යෝජනාව මාර්තු 20 දා ප්‍රකාශයට පත් කෙරේ. යෝජනාව ඉදිරිපත් වන්නේ මාර්තු 26 දායි. ඡන්ද විමසීම මාර්තු 28 දා පැවැත්වේ.

දැනටමත් කොටි ඩයස්‌පෝරාව තීන්දු දී ඇත. මේ තීන්දුව කැකිල්ලේ තීන්දුවකි.

කොටි රූකඩයක්‌ ලෙස ක්‍රියාකළ ද්‍රවිඩ සන්ධානය නිදහස්‌ය. එහෙත් කොටින්ට එරෙහිව කොටි පැරද වූ හමුදාව වන්දි ගෙවිය යුතු යෑයි නවි පිල්ලේ කියයි.

ලෝක ඉතිහාසය තුළ ජයග්‍රාහකයන් පරාජිතයන්ට වන්දි ගෙවිය යුතු බවට නියම වන්නේ මානව හිමිකම් සමුළුව තුළය.

එහෙත් ප්‍රභාකරන් මානව හිමිකම් උල්ලංඝනය කරද්දී ඔහුට එරෙහිව එකම යෝජනාවක්‌වත් ඉදිරිපත් වූයේ නැත. මේ අතර නෝවිජියානු හිටපු අමාත්‍ය එරික්‌ සෝල්හයිම් නැවත වරක්‌ මතු වී ඇත. ඔහු ග්‍රන්ථයක්‌ ප්‍රකාශයට පත් කරමින් දස දහස්‌ ගණනක්‌ ද්‍රවිඩයන් මිය ගිය බවත් දැන් හෝ පසුව යුද අපරාධ චෝදනා අධිකරණයට යොමු වන බවත් ප්‍රකාශ කර ඇත. මින් සනාථ වන්නේ කොටි පැරද වූ හමුදාවට එරෙහිව සියලු සතුරන් එක්‌ වී ඇති බවයි.

කීර්ති වර්ණකුලසූරිය