Sat. Jan 18th, 2025
Spread the News

මානව හිමිකම් සැසියේදී “දිවයින” නම රැව්දෙයි
කීර්ති වර්ණකුලසූරිය
“දිවයින” පුවත්පත පිළිබඳව ඊයේ (23 දා) ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී පිළිරැව් දී ඇත. මානව හිමිකම් සැසිවාරයට ඊයේ (23 දා) වාචික වාර්තාවක්‌ ඉදිරිපත් කළ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසෙන් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ට එරෙහිව “දිවයින” පුවත්පතේ තොරතුරු පළවී ඇතැයි කියා සිටියේය.
මේ හැර යුද අපරාධ ගැන සාක්‍ෂි දෙන අයට එරෙහිව පියවර ගන්නා බවට ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා ද ප්‍රකාශ කර ඇතැයි හෙතෙම පැවසීය.
ශ්‍රී ලංකා රජය තමාට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඇරයුම් කර ඇති බව පැවසූ සෙයිද් රාද් හුසේන් මේ මස අගදී තමා අමාත්‍ය ජී. එල්. පීරිස්‌ මහතාව නිව්යෝර්ක්‌ නුවරදී හමුවන බව ද පැවසීය.
යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලයට සහාය වන ලෙස තමා නැවත වරක්‌ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බව ද ඔහු කියා සිටියේය.

Protected by Security by CleanTalk