Sat. Jan 18th, 2025
IMage Pin Page
Spread the News

මාර සේනාවක් ගැන විටින් විට සන්නට ලැබේ. මාරයාට හසුවීමක් ගැනද කියනු ලැබේ. ඇත්තටම මෙහි යථාර්තය කුමක්ද ?

“ලොව මාර වසඟයේ පවතී” යනු සුප්‍රසිද්ධ වූ කියමනක්. එනම් ලොවම මාරයාට හසු වී ඇත.

ඒ කොහොමද ?

තේරෙන භාෂාවකින් කියතොත් මුළු විශ්වයම හෞතික වූ ක්‍රියාවලින් සමන්විත වුවක්  වුවත් එහි වූ ඇතැම් ක්‍රියාවලින්ට ආත්ම කියා දැක්වීම එක් ආකාර මාර වසඟයකි. උදා; මිනිසා යනු ආත්මයකි හෝ ආත්මයක පැවැත්මක් මිනිසා වේ. දෙවියා යනු ආත්මයකි. ආත්මයක පැවැත්මක් දෙවියා වේ. සත්වයා යනු ආත්මයකි. ආත්මයක පැවැත්මක් සත්වයා වේ.

ඇයි එසේ නොවේද ?

නමුත් මිනිසා යනුත් හෞතික ක්‍රියාවලින් රැසක එකතුවකි. සත්වයා යනුත් බෞතික ක්‍රියාවලින් රැසක එකතුවකි. දෙවියා…….

මිනිසා යනු තනිකරම හෞතික වූ ක්‍රියාවලින් ගොඩක්. සත්වයා යනු තනිකරම හෞතික වූ ක්‍රියාවලින් ගොඩක්. ඒ බව විද්‍යාව සනාථ කොට ඇත. බෞතික ක්‍රියාවන් රැසක් ඇති ඒකකයකට මිනිසා යන ආත්ම “සංකල්පය” දී ඇත්තේ ඔබ විසින්ය. හෞතික ක්‍රියාවලින් රැසක් ඇති ඒකකයකට ඔබම ආත්ම සංකල්පයක් ලබාදී දී ඇත. එවිට මේ ආත්ම යනු කිසිසේත්ම නොමැති දේකට දුන් අදහසක් හෙවත් සංකල්පයක් පමණි.

හෞතික ක්‍රියාවලියකින් හෙවත් බෞතික වූ ක්‍රියාවලියක් නිසා ආශාවක් උපදී. හෞතික ක්‍රියාවලීයකින් ද්වේශයක් උපදී. නවීන විද්‍යාවම බලන්න. එතන ඇත්තේ හෞතික ක්‍රියාවලින්ගේ වෙනසක් පමණි. හෞතික ක්‍රියාවලියක් නිසා වන ආශාවක් එවිට ආත්මයක ආශාවක් වන්නේ කෙසේද ? බෞතික ක්‍රියාවලියකින් වන ද්වේශයක් ආත්මයක් විසින් කරනා ද්වේශයක් වන්නේ කෙසේද ? ඒ කිසිම තැනක ඔබට ආත්මයක් සොයාගත නොහැකිය. සොයාගත හැකිනම් ඒ ගැන අපට ලියන්න.

ක්‍රියාවක් හෞතික වූ විට ඊට ආරම්භයක් ඇත. අවසානයක් ඇත. ආරම්භයත් , අවසානයත් අතර ඇත්තේ පැවැත්මකි. සදාකාලික වූ පැවැත්මක් ක්‍රියාවක නැත. ආරම්භයක් ඇත්නම් සියලු හෞතික ක්‍රියාවකටම අවසානයක් තිබිය යුතුමය. නිදහසක් \ විමුක්තියක් ලබා ගත හැක්කේ ක්‍රියාව හෞතික නම් පමණි. යම් වැඩපිළිවෙලකින් බෞතික වූ ක්‍රියාව නැවැත්විය හැකි නම් හෞතික ක්‍රියාවන් රැසක් පමණක්ම වූ නමුත් ඔබ සිතන ආත්මය නමැති ඒකකයද සහමුලින්ම නැවැත්විය හැකිය.  එවිට ඔබ සිතන “ඔබ” නැත. ඔබ අහෝසි වී යයි. ඔබ අහෝසි වීම නිසා “ඔබට ලෙඩ වීමක් , ඔබ මහලු වීමක් , ඔබ මරණයට පත්වීමක්” ගැන ආයේ කවර කතාද ? ඒවා සියල්ලමත් ඒ සමගම අහෝසි වී යයි.

නමුත් ක්‍රියාව බෞතික නොවී ආත්මයක් නම් ආත්මයකින් විමුක්තියක් ගත හැකි ක්‍රමයක් ලොව නැත. එවිට “සදාකාලික වූ ආත්මය” යන සංකල්පය ගැන පුදුම විය යුතු නැත.

හෞතික ක්‍රියාවන් රැස ආත්මයක ක්‍රියාවක් යයි ගැනීම හෙවත් නොමැති දෙයක් ඇත යයි විශ්වාස කිරීම පළමු මාර වසඟයයි. ඔහු හෝ ඇය එවිට මාරයට හෙවත් සාතන් හට හසු වී සිටි.

……

ස්තුතියි !

වෛද්‍ය ධම්මික විජේරත්න.   

Protected by Security by CleanTalk