මාස දෙකක් ඇතුළත කුරගල නිදහස්

Spread the News

මාස දෙකක් ඇතුළත කුරගල නිදහස්

අද දහවල් බොදු බල සේනා සංවිධානය, ජමියතුල් උලමා සංවිධානය, පුරා විද්‍යා දෙපාර්තමෙන්තුව හා ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ. ඒ මතබේදයට ලක්ව ඇති, මේ වන විට මුස්ලිම් පිරිසක් විසින් අනවසරයෙන් ඉදිකිරීම් කරගෙන පදිංචිව ඇති බලංගොඩ ඓතිහාසික කුරගල පුදබිම සම්බන්ධයෙන් තීරණයකට එළඹීම සදහායි. පසුව එම ස්ථානයට සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ද කැදවන ලදි. පුදබිම සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් හුවමාරු වූ අතර බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් දැඩි ලෙස කරුණු දක්වමින් පවසා සිටියේ කුරගල පුදබිම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ගැසට් කර ඇති බවත් ඊට අයත් අක්කර 52 කින් යුතු භූමිය වහා නිදහස් කරන ලෙසත්ය. උන්වහන්සේගේ දැඩි වාග් ප්‍රහාරයන් හමුවේ පුරාවිදු බලාධාරීන් මෙන්ම ආරක්ෂක අංශ නිලධාරීන්ද නිරුත්තර විය. තව දුරටත් නිහඩව සිටිය නොහැකි වූ අදාල නිලධාරීන් ලබන අප්‍රේල් 30 වැනිදාට ප්‍රථම කුරගල පුරා විදු භූමිය නැවත පුරාවිද්‍යා දෙපාර්තමේතුව යටතට පවරා ගන්නා බවට පොරොන්දු විය.

කුරගල පුද බිමේ මේ වන විට රැදී සිටින ඉස්ලාම් භක්තියන් පිරිස එහි රැදී සිටින්නේ අනවසරයෙන් බවත්, එහි කිසිදු නීතිමය තත්ත්වයක් නොමැති බවත්, ජමියතුල් උලමාවරුන්ගේ සංවිධානයේ නියෝජිතයන්ද පිළිගත් අතර හැකි ඉක්මනින් එහි රැදී සිටින තම අනුගාමිකයන් පිරිස එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරන බවටද පොරොන්දු විය. ඒ අනුව ලබන අප්‍රේල් 30 වැනිදා වන විට අනවසරයෙන් ඉදිකර ඇති සියළුම ඉදිකිරීම් ඉවත් කළ යුතු අතර එසේ නොකළහොත් ඒ සදහා තමන් මැදිහත් වන බවට ආරක්ෂක අමාත්‍යාංශ ඉහළ නිලධාරින් ද පොරොන්දු වී තිබේ. ඒ අනුව ඓතිහාසික කුරගල අපේ උරුමය තව දෙමසක් ඇතුළත සුවහසක් බොදුනුවන්ගේ වන්දනය සදහා විවෘත වනු ඇත. එළඹෙන මැයි මාසයේ වෙසක් උළෙල කුරගල පුදබිමේදී උත්කර්ශයෙන් පවත්වන බවට බොදු බල සේනා සංවිධානය ප්‍රකාශ කරන අතර ඒ සදහා සහභාගී වන ලෙස සියළුම දෑ හිතකාමී දූ පුතුන්ට ආරාධනා කර සිටී.

මේ අප කාලයක් තිස්සේ අසන්නට පුල පුලා බලා සිටි සුබ පණිවිඩයයි. මේ එක් සංවිධානයක, පුද්ගල කණ්ඩායමක ජයග්‍රහණයක් නොව, මුළු මහත් ජාතියම ලැබූ උත්කෘෂ්ඨ විජයග්‍රහනයකි. ජාතියක් වශයෙන් අපි සියළුදෙනා හදපත්ලෙන්ම සතුටු කදුළු හෙළිය යුතු මොහොතකි. පුරා දශක හයකට අධික කාලයක් තිස්සේ අපට අහිමිව තිබූ මේ පින් බිමේ අයිතිය යළි දිනාගැනීම සදහා නන් අයුරින් දායක වූ සියළුම ජාති හිතෛෂීන්ට මුළු මහත් ජාතියේ නාමයෙන් අපි හිස නමා ආචාර කරමු. අන්‍යාගමික පාර්ශව වල කෙණෙහිළිකම් මැද මේ පින් බිමේ උරුමය රැක ගැනීම වෙනුවෙන් දිවි කැප කළ කුරගල භාරකාර හිමිවරුන්ටත්, ඒ වෙනුවෙන් නන් අයුරින් ඇප කැප වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු ප්‍රදේශවාසීන්ටත්, නීතිමය කටයුතු වෙනුවෙන් මැදිහත් වූ පාර්ශව වලටත්, කුරගල උරුමය වෙනුවෙන් ජාතිය දැනුවත් කරවීම උදෙසා පුවත්පත්, ලිපි සම්පාදනය කරමින් වෙහෙස වූ මාධ්‍යවේදීන්ටත්, වීඩියෝ වාර්ථා වැඩසටහන් නිර්මානය කරවමින් ජාතියේ ඇස් ඇරවූ සොයුරන්ටත්, අන්තර්ජාලය හා ෆේස්බුක් මාධ්‍ය හරහා ජාතිය දැනුවත් කෙරූ, ඒවාට අදහස් දක්වමින්, දිරිගන්වමින් තව තවත් ප්‍රචාරය කරවූ දෑ සසුන් හිතකාමී ජාතියේ දූ පුතුන්ටත්. අපේ ඓතිහාසික බොදු උරුමය රැකගැනීම වෙනුවෙන් තනි තනිව කැපවූ ජාතිමාමක සොයුරු සොයුරියන්ටත්, භික්ෂූන් වහන්සේටත්, ස්වේච්ඡා සංවිධාන ක්‍රියාකාරීන්ටත්, ඓතිහාසික කුරගල පුදබිමේ අයිතිය වෙනුවෙන් අති දැවැන්ත කාර්යභාරයක නිරත වූ බොදු බල සේනා, සිංහල රාවය පෙරටු කරගත් ජාතික සංවිධාන ජාලයටත්, ඒ වෙනුවෙන් තම ජීවිතය කැප කර ඇති ජාතියේ පිනට පහළ වූ අභිත හිමිවරුන් ඇතුළු දුටුගැමුණ, වෙහෙරමහදෙව් පරපුරේ සුජාත දූ පුතුන්ටත්, නම් සදහන් කළ නොකළ සියළුම දෑ හිතකාමීන්ටත්, අපි යළි යළිත් හිස නමා ආචාර කර සිටිමු. මුලු මහත් ජාතියේ නාමයෙන් යළි යළිත් කෘතඥතාවය පුද කර සිටිමු.

එක්සත්ව, එක්සිත්ව නැගිටිමු. අපේ ලේ උරුමය වෙනුවෙන් ඇප කැප වෙමු.