Spread the News

මා එල්ටීටීඊය අනුමත කරනවා විරුද්ධ වුණේ ප්‍රතිපත්තිවලට පමණයි

ආනන්ද සංගරී කියයි

දිනසේන රතුගමගේ

එල්. ටී.ටී.ඊ. සංවිධානය තමන්ද අනුමත කරන නමුත් ඒ අවස්‌ථාවේදී ඔවුන් අනුගමනය කළ ප්‍රතිපත්තිවලට පමණක්‌ තම න් විරුද්ධ වූ බව ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා පෙරේදා 18 දා වවුනියාවේදී පැවැසීය.

වවුනියාවේ පිහිටි ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ කාර්යාලයේදී අදහස්‌ දැක්‌වූ ආනන්ද සංගරී මහතා තවදුරටත් කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය මේ අවස්‌ථාවේදී එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයන්ට එරෙහි වුවත් තම පක්‌ෂය හරහා එල්.ටී.ටී.ඊ.යේ කීප දෙනකුටම නාම යෝජනා ලබාදීමට තමන් ඉඩදුන් බවයි.

දෙමළ ජාතික සන්ධානය මේ වනවිට අහිංසක දෙමළ වැසියන්ගේ එකම හතුරා බවට පත්ව ඇති අතර රනිල් වික්‍රමසිංහටත් – චන්ද්‍රිකා කුමාරතුංගටත් දේශපාලනයේදී එකට කටයුතු කිරීමට හැකි වූවත් දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ට සෙසු දෙමළ දේශපාලන පක්‌ෂ සමග සහයෝගයෙන් කටයුතු කිරීමට නොහැකි වීම දෙමළ වැසියන්ගේ අභාග්‍ය බවද පැවැසීය.

දෙමළ ජාතික සන්ධානය එකිනෙකා සමග එක්‌ව කටයුතු කරන බව සාමාන්‍ය දෙමළ වැසියන්ට ඒත්තු ගන්වමින් ඔවුන්ව රවටමින් කටයුතු කරන බවද පක්‌ෂය තුළ ඇති අර්බුද වසා ගැනීමට විශාල උත්සාහයක නිරත වන බවද කියා සිටියේය.