මැදපෙරදිග යළි කැළඹෙයිද ? source:
2011 නොවැම්බර් මස 11 10:15:35 | මහින්ද හත්තක
ඊශ‍්‍රායෙල් කැබිනට් මණ්ඩලය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහරදීමේ යුද සැලැසුමක් අනුමත කළ බව පසුගිය සතියේ ජනමාධ්‍ය මගින් ප‍්‍රකාශයට පත් කෙරිණ. ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙල ව්‍යර්ථ කිරීමට නිතරම උත්සාහ කළ ඊශ‍්‍රායෙලය මෙවැනි ප‍්‍රහාරයකට සුදානම් වන බව ප‍්‍රකට කරුණක් වුවද ඒ ගැන ස්ථිරවම ප‍්‍රසිද්ධියට පත් වූ පළමු අවස්ථාව මෙයයි. කලින් රහසිගතව එවැනි සූදානමක් තිබුණ ද ඊශ‍්‍රායෙලයේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා වන එක්සත් ජනපදය එවැන්නකට සහාය පළ නොකළ නිසා අත් හිට වූ බවටද වාර්තා පළ විය. එම නිසා මෙවර එවැනි ප‍්‍රහාරයක් ගැන තොරතුර දැන ගැනීමට ඉඩ සලසා ඇත්තේ එක්සත් ජනපදයේ අනුමැතිය නැතිව ප‍්‍රහාරයකට සුදානම් බව පළ කිරීමට හෝ ඊට එක්සත් ජනපදයේ අනුමැතිය ඇති බව හැඟවීමට විය හැකිය. ඊශ‍්‍රායෙල් රජය කි‍්‍රයාත්මක වන ආකාරය ගැන හොඳින් දන්නා නිරීක්‍ෂකයින් සඳහන් කරන ආකාරයට මීට පෙර ඊශ‍්‍රායෙලය සැලසුම් කොට ක‍්‍රියාත්මක කරන ලද සැලැස්මක් කලින් හෙළි වීමට කිසිදු අවස්ථාවක් නොවුවත් මෙවර ඒ ගැන කල් තියාම ජනමාධ්‍යවලට දැන ගැනීමට සැලැස්වීමේ කිසියම් යටි අරමුණක් තිබිය හැක. කෙසේ වුවත් ඊශ‍්‍රායෙලය 1981 දී ඉරාකයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් යැයි සැලකෙන ස්ථානයකට හා 2007 දී සිරියාවේ එවැනිම මධ්‍යස්ථානයකට පහර දුන්නේ සම්පූර්ණයෙන්ම රහසිගතවය.
එම නිසා ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහරදීමට සුදානම් බව කල් තියාම හෙළි කිරීමේ එක අරමුණක් විය හැක්කේ එවැනි ප‍්‍රහාරයක් වැළැක්වීම සඳහා ජනමතය ගොඩ නැගීමක් විය හැක. එමෙන්ම ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙල පිළිබඳව අන්තර් ජාතික පරමාණු බලශක්ති ආයතනයේ නිරීක්‍ෂණ කණ්ඩායමක් සකස් කළ වාර්තාව එහි පාලක මණ්ඩලයට මේ සතියේ බදාදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී ප‍්‍රහාරයක් ගැන තොරතුරු ජනමාධ්‍යයට ලබාදීම ද වැදගත්ය. ප‍්‍රකාශ කිරීමට පෙර එම වාර්තාවේ සඳහන් සමහර තොරතුරු ජනමාධ්‍යයේ පළ වූ අතර ඉන් අවධාරණය වුයේ ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් තැනීමට මෙන්ම එවැනි බෝම්බයක් මිසයිලයක මාර්ගයෙන් නිසි ඉලක්කයකට යැවීමට අවශ්‍ය තාක්‍ෂණය වැඩි දියුණු කරමින් සිටින්නේය යන්නයි. එම නිසා ඊශ‍්‍රායෙලය පවසන ආකාරයට දැන් එළඹ ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙල නතර කර දැමීමේ අවසාන අවස්ථාවටය. එය ගිලිහී ගියොත් ඉරානය න්‍යෂ්ටික බෝම්බ නිෂ්පාදනය කිරීම වැළැක්වීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. එක්සත් ජනපදය හා බි‍්‍රතාන්‍ය දරන්නේ ද ඊට සමාන මතයකි. කි.මී 2800ක දුරකට යැවිය හැකි මිසයිලයක් අත්හදා බැලූ ඊශ‍්‍රායෙලය පසුගිය සතියේදි නේටෝ ගුවන් හමුදා සමග එක්ව දුර දිග ගුවන් ප‍්‍රහාර එල්ල කිරීමේ අභ්‍යාසයක් පැවැත් වූ බවද වාර්තා වේ.
ඉරානය න්‍යෂ්ටික අවි සතු කර ගැනීම මැද පෙරදිග සාමයට බලවත් තර්ජනයක් සේ දකින එක්සත් ජනපදය ඊට පිළියමක් සේ යෝජනා කරන්නේ ඉරානයට එරෙහිව වඩාත් දැඩි සම්බාධක පනවා එම රජය බිඳවැටීමට සැලසීමය. එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය දැනටමත් එක්සත් ජනපදයේ හා බි‍්‍රතාන්‍යයේ ඉල්ලීම අනුව අවස්ථා හතරකදී සම්බාධක පනවා ඇත. ඊට අමතරව එක්සත් ජනපදය බි‍්‍රතාන්‍යය හා යුරෝපා සංගමයේ රටවල් ඉරානය හා කෙරෙන වෙළඳ ගනු දෙනු සම්බන්ධයෙන් සම්බාධක රැසක් ක‍්‍රියාත්මක කරවයි. එම නිසා තවත් සම්බාධක පැනවීම යන්නෙන් අදහස් වන්නේ ඉරානය සමග පවත්වන සියලූ ආකාරයේ ගනුදෙනු සම්පූර්ණයෙන්ම නතර කිරීමය. නොඑසේනම් ඊශ‍්‍රායෙලය යෝජනා කරන ආකාරයට හමුදාමය පියවරක් ගැනීමය. එක්සත් ජාතින්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ අනුමැතිය ඇතිව හෝ නැතිව එවැනි ප‍්‍රහාරයක් එල්ල කිරීමට එක්සත් ජනපදය හමුවේ නේටෝ රටවල් පසුබට නොවන බව ලිබියාවේදී පෙන්වා දුන් බවද අමතක කළ යුතු නැත. ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය, යේමනය හා දැන් සෝමාලියාව යන රටවල සතුරු ඉලක්කවලට නියමුවන් රහිත ගුවන් යානා වලින් ප‍්‍රහාර එල්ල කරන එක්සත් ජනපදයට මෙය අලූත් තත්ත්වයක් විය නොහැක.
දැනට ඉරානය සම්බන්ධයෙන් පනවා ඇති සම්බාධක හතර ආරක්‍ෂක මණ්ඩලයෙන් සම්මතකර ගැනීමේදී එහි නිශේධ බලය හිමි රටවල් දෙක වන රුසියාව හා චීනය යෝජනා සම්මතකර ගැනීමට එරෙහිව නිෂේධ බලය යෙදවූයේ නැත. ඒ රටවල් දෙකම ඉරානය සමග සමීප වෙළඳ සම්බන්ධතා පවත්වන නමුත් එක්සත් ජනපදයෙන් යෝජනා කළ සම්බාධකවලට එරෙහි නොවුයේ සමහර විට ඒ තුළින් ඉරානය සාකච්ඡුාමය විසඳුමකට එකඟ කරවා ගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු නිසා විය හැක. එහෙත් මෙවර රුසියාව හා චීනය, ඉරානය කෙරේ තවත් සම්බාධක පැනවීමට එකඟ වන්නේ නැත. එමෙන්ම අන්තර්ජාතික පරමාණු බලශක්ති ආයතනයේ වාර්තාව ප‍්‍රසිද්ධ නොකළ යුතුයැයි කියා සිටිති. එවැනි වාර්තාවක් එළි දැක්වීම නිසා ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙල නතර කිරීමට සාකච්ඡුා මාර්ගයෙන් අවස්ථාවක් ලබාගත නොහැකි බව රුසියාව පවසයි. අන්තර්ජාතික පරමාණු බලශක්ති ආයතනය සමග සහයෝගයෙන් කටයුතු කළ යුතුයැයි චීනය ද පවසා ඇත. කෙසේ වුවත් ලිබියාවේ ගඩාෆි පාලනය ඉවත් කිරීමට නේටෝ ගුවන් ප‍්‍රහාර යොදාගත් ආකාරය ගැන තාමත් මතකයේ පවතින රුසියාව හා චීනය, ඉරාණයට තවත් සම්බාධක පැණවීමට හා සන්නද්ධ බලය යෙදවීමට එකඟ නොවනු ඇතැයි බොහෝ දුරට අනුමානය කළ හැක.
තම න්‍යෂ්ටික වැඩ පිළිවෙල සාමකාමී කටයුතු එනම් බලශක්තිය නිපදවීම සඳහා වන බව අවධාරණය කරන ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් තැනීමේ අරමුණක් නැතැයි කියයි. න්‍යෂ්ටික පැතිරයෑම වැළැක්වීමේ ගිවිසුමේ සාමාජික රටක් වන ඉරානය ඊශ‍්‍රායෙලයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙල ද අන්තර් ජාතික පරමාණු බලශක්ති ආයතනයේ නිරීක්‍ෂණයට ලක්විය යුතුයැයි පෙන්වා දේ. එමෙන්ම මැද පෙරදිග න්‍යෂ්ටික අවි වලින් තොර කලාපයක් බවට පත් කිරීමේ යෝජනාවකට තමන් හැම විටම සුදානම්යැයි ද ඉරානය පවසයි. සහතික නොකළ වාර්තා අනුව ලොව පස්වැනි න්‍යෂ්ටික බලවතා වශයෙන් හැඳින්වෙන ඊශ‍්‍රායෙලය න්‍යෂ්ටික පැතිරයෑම වැළැක්වීමේ ගිවිසුමේ සාමාජිකත්වය ලබා ගෙන නැත. එමෙන්ම අන්තර්ජාතික පරමාණු බලශක්ති ආයතනයේ නිරීක්‍ෂකයන්ට තම න්‍යෂ්ටික මධ්‍යස්ථාන විවෘත කරන්නේද නැත. ඊශ‍්‍රායෙලයේ ප‍්‍රහාරක ශක්තිය තර කිරීම සඳහා අවශ්‍ය කෙරෙන තාක්‍ෂණය, උපකරණ හා මුල්‍ය පහසුකම් ලබා දීමට එක්සත් ජනපදය හැම විටම සුදානම්ය. බොහෝ නිරීක්‍ෂකයන් පවසන ආකාරයට ඊශ‍්‍රායෙලය සතු න්‍යෂ්ටික අවි ලබා දී ඇත්තේ ද එක්සත් ජනපදයෙනි.
ෂා රජුගේ පාලනය බිඳ වැටීමෙන් පසු එක්සත් ජනපදය හා ඊශ‍්‍රායෙල් විරෝධී ස්ථාවරයක සිටින ඉරානය ඒ රටවල් දෙකම දකින්නේ මැද පෙරදිග තම ආධිපත්‍යයට ඇති තර්ජනයක් සේය. ෂාගේ පාලනය බිඳ වැටීමත් සමග එක්සත් ජනපදයට ඉරානයේ තෙල් සම්පත් අහිමි වීමද බරපතල කාරණයකි. ඉරානය අනුගමනය කරන එක්සත් ජනපද හා ඊශ‍්‍රායෙල් විරෝධී ප‍්‍රතිපත්තිය මැද පෙරදිග සාමාන්‍ය ජනතාව අතර ජනප‍්‍රියවීම සෞදි අරාබිය වැනි එක්සත් ජනපදය කෙරේ නැඹුරු වූ පාලකයන් දකින්නේ තමන්ට එරෙහිව ඇති බලවේගයක් සේය. මැද පෙරදිග බොහෝ රටවල පසුගියදා ඇති වූ ජනතා නැගිටීම ද මේ පාලකයන් දකින්නේ තර්ජනයක් ලෙසිනි. බහරේනයේ පාලකයාට එරෙහිව ෂියා ආගමික බහුතරය ගෙන ගිය අරගලය සෞදි හමුදාව යොදා මර්දනය කළේ ඉරාන බලපෑම යටපත් කිරීමට යැයි පැවසිණ. පලස්තීනයේ හමාස් සංවිධානයේ අනුග‍්‍රාහකයා ලෙස හඳුන්වන්නේ ඉරානයයි. එම නිසා න්‍යෂ්ටික වැඩ පිළිවෙලක් ඇතත් නැතත් ඉරානයේ පාලනය වෙනස් කිරීමට එක්සත් ජනපදයට හා ඊශ‍්‍රායෙලයට දැඩි අවශ්‍යතාවක් පවතින බව නොරහසකි.
ඇත්තෙන්ම එක්සත් ජනපදයට හා ඊශ‍්‍රායෙලයට එරෙහි ස්ථාවරයක සිටි මැද පෙර දිග පාලකයන් එකින් එකා ඉවත් කිරීමට ඔවුන්ට හැකිවිය. ඉරාකයේ සදම් හුසේන්, ලිබියාවේ ගඩාෆි ඉන් මුල් තැන ගත්හ. ඒ ආකාරයටම ඉරානයේත් පාලනය වෙනස් කිරීමට මේ රටවලට දැඩි අවශ්‍යතාවක් පවතින බව පැහැදිලිය. දැනට ඉරානයේ ගිනි කොණදිග ප‍්‍රදේශයේ කැරලිකරුවනට සහාය ලබා දීම ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙලට සම්බන්ධයැයි සැලකෙන විද්‍යඥයන් හා අනෙකුත් පුද්ගලයින් ඝාතනය හා පැහැරගෙන යෑම සිදු වුවත් ඉරානය තවමත් අස්ථාවර කිරීමට ඔවුන්ට හැකි වුයේ නැත. එමෙන්ම ඉරානයේ පාලකයන් ද දිගු කලක් තිස්සේ එක්සත් ජනපද හා ඊශ‍්‍රායෙල් ප‍්‍රහාර අපේක්‍ෂාවෙන් සිටි නිසා හදිසියේ එල්ල කරන ප‍්‍රහාරයකින් විශාල ජයග‍්‍රහනයක් අත්කර ගැනීමට හැකි වෙතැයි සිතිය නොහැක. අනෙක් අතට ඉරානය ද ප‍්‍රති ප‍්‍රහාර එල්ල කළ හොත් මැද පෙර දිග තත්ත්වය වඩාත් ව්‍යකූල විය හැක. එහි තවත් ප‍්‍රතිඵලයක් විය හැක්කේ ඉරාකය හා ඇෆ්ගනිස්ථානයට අමතරව තවත් යුද පිටියක් විවෘත වීමය. ආර්ථික අර්බුදවලට මුහුණ දී සිටින රටවල් ඊට විසඳුමක් වශයෙන් යුද්ධය තෝරා ගැනීම ඉතිහාසය පුරාම දක්නට ලැබුණු සත්‍යයක් වුවත් මෙවැනි යුද්ධයක් හට ගැනීම පෙර කවදාටත් වඩා හානිකර විය හැක.
ග‍්‍රීසියත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පිටුපායිද?
ග‍්‍රීසියේ රාජ්‍ය ණය අර්බුදය සම්බන්ධයෙන් යුරෝපා සංගමය, යුරෝපා මහ බැංකුව හා අන්තර්ජාතික මුල්‍ය අරමුදල සමග පසුගිය ඔක්තෝබර් 26 වැනි දින ඇති කර ගත් ගිවිසුම අගමැති ජෝර්ජ් පපන්ඩි‍්‍රයෝ ජනතාවගේ අනුමැතිය සඳහා ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීමට තීරණය කළේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදාය අනුව රජය එහි ජනතාව වෙනුවෙන් තවත් පාර්ශවයක් සමග ඇති කර ගන්නා ගිවිසුමක් ජනතාවගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පැරණි සමයේ ග‍්‍රීසියේ පැවති ඍජු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සමීප පියවරක් වශයෙන් අගය කළ යුතු වුවද ප‍්‍රංශය හා ජර්මනිය යන ”ප‍්‍රජාතන්ත‍්‍රවාදි රටවල” හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විරෝධය හමුවේ එය ඉවත්කර ගැනීමට ග‍්‍රීක අගමැති පපන්ඩි‍්‍රයෝට සිදුවිය. ඒ වෙනුවට ඔහුට පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට සිදු වූ අතර ඉන් ඔහු ජය ගත්තේය. එහෙත් ඔහුට අගමැති තනතුරේ රැුඳී සිටීමට අවස්ථාවක් ලැබුණේ නැත. ප‍්‍රංශයේ ජනාධිපති සාර්කාසිගේ හා ජර්මනියේ චාන්සලර් මර්කෙල්ගේ බලපෑම මත ජනමත විචාරණය ඉවත්කර ගැනීමට සිදු වූ ආකාරයටම ඔහුට අගමැති තනතුරෙන් ද ඉවත් වීමට සිදුවුයේ ජාතික සමගි රජයක් පිහිටුවීම සඳහාය.
ග‍්‍රීසියේ ජනතාව මත දැඩි බදු බරක් පැටවෙන මෙම ගිවිසුම ජනමත විචාරණයක් සඳහා ඉදිරිපත් කිරීමට අගමැති පපන්ඩි‍්‍රයෝට සිදු වුයේ ජනතාවගේ විරෝධය නිසාය. රාජ්‍ය ණය ගෙවීමට නොහැකිව බංකොලොත් වීමට ආසන්නව සිටින ග‍්‍රීසියට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් යුරෝ බිලියන 130ක ගලවා ගැනිමේ ණය මුදලක් ලබා දීමට එකඟ වුයේ මූලික වශයෙන් ප‍්‍රතිපත්ති තීරණ හතරක් පදනම් කර ගෙනය. ඒ අනුව ආදයම් බදු සීමාව යුරෝ 12,000 සිට 5,000 දක්වා අඩු කිරීම වැට් බද්ද සියයට 19 සිට 23 දක්වා ඉහළ දැමීම සියලූ සේවකයන්ගේ වැටුප සියයට 30 කින් අඩු කිරීම හා විශ‍්‍රාම ගැනීමේ වයස් සීමාව අවුරුදු 61 සිට 65 දක්වා වැඩි කිරීමට පියවර ගත යුතුය. ඊට අමතරව විශ‍්‍රාමික වැටුප් සියයට 20 සිට 40 දක්වා ප‍්‍රමාණයකින් කපා හැරීමට ද ග‍්‍රීක රජය එකඟවිය. වසර හතරක් තිස්සේ ආර්ථික අවපාතයකට මුහුණ දීමෙන් තම ජීවින තත්ත්වය පිරිහී ඇති ග‍්‍රීක ජනතාව දුෂ්කර පියවර යනුවෙන් හැඳින්වෙන මෙම ප‍්‍රතිපත්තිවලට එකඟවූයේ නැත. ඊට එරෙහිව දිනපතාම පාර්ලිමේන්තුව ඉදිරියේ විරෝධතා උද්ඝෝෂණ පැවැත්වූ අතර දින දෙකක් තිස්සේ රටම අකර්මණ්‍යකළ මහා වැඩ වර්ජනයක් ද ක‍්‍රියාත්මක විය. අගමැති පපන්ඩි‍්‍රයෝට යුරෝපා බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම ජනමත විචාරණයට ඉදිරිපත් කිරීමට සිදු වුයේ එම නිසාය.
එහෙත් යුරෝපා සංගමයේ බලවත්ම රටවල් දෙක වන ප‍්‍රංශය හා ජර්මනිය ඊට තදින් විරුද්ධ විය. ඒ එම යෝජනාව නිසැකයෙන්ම ජනමත විචාරණයෙන් පරාජය වීමේ අනතුරක් තිබු නිසාය. තම විරෝධයේ පළමු පියවර වශයෙන් කලින් යුරෝපා සංගමය සමග අත්සන් කර තිබූ ණය ප‍්‍රමාණයෙන් මීට සති දෙකකට පෙර ගෙවීමට නියමිතව තිබූ යුරෝ බිලියන අටක මුදල රඳවා ගැනිණ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඉදිරි සති කීපය තුළ ආපසු ගෙවීමට නියමිත ණය මුදල් ගෙවීමට ග‍්‍රීක රජයට නොහැකි වීමට ඉඩ තිබිණ. ඇත්තෙන්ම මෙම ජනමත විචාරණය පැවැත්වීමට නියමිත වූයේ යුරෝපා මහ බැංකුව සමග ඇති කරගත් ණය ගිවිසුම පිළිබඳව වුවද ප‍්‍රංශ ජනාධිපති සාකොසි හා ජර්මන් චාන්සලර් මාකෙල් එය විග‍්‍රහ කළේ යුරෝ මුදල් ඒකකය හා යුරෝපා සංගමය තුළ රැුඳී සිටින්නේ ද යන්න ගැන පවත්වන ජනමත විචාරණයක් සේය. ජනමත විචාරයෙන් රජය පරාජය වුවහොත් ග‍්‍රීසිය එම ආයතනවල සාමාජිකත්වයෙන් ඉවත්විය යුතුය. ග‍්‍රීක අගමැති පපන්ඩි‍්‍රයෝට ජනමත විචාරණය පිළිබඳ අදහස අතහැර දැමීමට සිදු වුයේ එම නිසාය.
ඉන් අනතුරුව ඔහු පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගැනීමේ යෝජනාවක් ජය ගත් නමුත් බලයේ රැුඳී සිටීමට අවස්ථාවක් ලැබුණේ නැත. විපක්‍ෂයේ සිටින නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය සමග ජාතික එකමුතු රජයක් පිහිටුවීමට බලපෑම එල්ලවිය. එහෙත් අගමැති පපන්ඩි‍්‍රයෝගේ නායකත්වය යටතේ සභාග රජයකට එකතුවීමට නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායක අන්ටෝනිස් සමාර්ස් එකඟවූයේ නැත. ණය මුදල් ලබා ගැනීමේ ගිවිසුම ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රධාන විපක්‍ෂය වන නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය සමග සභාගයකට එකඟවීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වූ නිසා අගමැති පපන්ඩි‍්‍රයෝට තනතුරෙන් ඉවත්වීම හැර වෙනත් විකල්පයක් වූයේ නැත. ලබන වසරේ මුල භාගයේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණය තෙක් මෙම සභාග රජය පවතින අතර ඔවුන් ණය ගිවිසුම පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගත යුතුය.
යුරෝපා මහ බැංකුව සමග ඇතිකර ගත් ගිවිසුම යටතේ සිදු වන්නේ ග‍්‍රීක රජය ප‍්‍රංශ හා ජර්මන් බැංකු වලින් ලබාගත් ණය ගෙවීමට යුරෝපා මුල්‍ය ආරක්‍ෂණ අරමුදල යටතේ මුදල් ලබා දීමය. එය ඇත්තෙන්ම එම බැංකු බංකොලොත්වීම වැළැක්වීමට ගත් පියවරකි. ඒ වෙනුවෙන් ග‍්‍රීක රජය ඉහතින් දැක් වූ ආකාරයට සිය වියදම් කපා හැර බදු ආදායම් වැඩිකර ගත යුතුය. එහි අනිවාර්ය ප‍්‍රතිඵලය වන්නේ සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය වඩාත් පිරිහීමය. මෙම ණය ගිවිසුමට ජනතාවගෙන් විරෝධය එල්ල වන්නේ ඒ නිසාය. එහෙත් තම ව්‍යවස්ථා සම්පාදකයින්ට බලපෑම් කිරීමට ඇති ක‍්‍රමයක් වන ජනමත විචාරණයක් පැවැත්වීමට යුරෝපා සංගමයේ ප‍්‍රබල රටවල් එකඟ වන්නේ නැත. ඇත්තෙන්ම ග‍්‍රීසියේ ව්‍යවස්ථාදායකය තුළ සිටින ජනතා නියෝජිතයන් පවා ජනමතයට ගරු කිරීමට සුදානම් නැත. පපන්ඩි‍්‍රයෝ විශ්වාසය දිනා ගැනිීමේ යෝජනාව ජය ගත්තේ එම නිසාය. ඉන් පැහැදිලි වන්නේ නූතන ආර්ථික බලවේගය හමුවේ ජනතා නියෝජිතයන් තව දුරටත් එසේ නොවන්නේය යන්නයි.
http://lankadeepa.lk/images/ads/lankadeepa_inside_600x50.swf