Spread the News

මැල්කම් රංජිත් පියතුමා CIA ඔත්තුකරුවෙක්ද ?

SOURCE:

“මිෂනරි ඔෆ් චැරිටි” නමින් පවතින රාජ්‍ය නොවන සංවිධානයක් මගින් පවත්වාගෙන ගිය ළමා නිවාසයේ ලියාපදිංචි කල ප්‍රමාණයට වඩා ළමුන් රඳවා තබා ගැනීමට අමතරව අංග විකල ලමුන් සහ ගැබිනි කාන්තාවන් රඳවා තබාගැනීම සම්බන්ධ සිද්ධි දාමයට පසුව, කාදිනල් මැල්කම් රංජිත් පූජකතුමන් අදාල නෛතික ක‍්‍රියාදාමය අභියෝගයට ලක් කරමින් නත්තල් සමය තුළ රජය කිසිදු නත්තල් උත්සවයකට ඔවුන් සම්බන්ධ නොවන බව තර්ජනය කිරීම ලක් රජයට නාස් ලනුවක් දමා බටහිර බලවේග වලට අවශ්‍ය ලෙස මෙල්ල කරවීමට වෙර දරණ CIA මෙහෙයුමක් වියහැකි යැයි හෙළ විජය ජාතික ව්‍යාපාරයේ සභාපති සමීර චන්ද්‍රසිරි මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ඔහු විසින් අප වෙත එවා ඇති සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

“පසුගිය දිනවල මැල්කම් රංජිත් පියතුමා රටේ නීතියටත් ස්වාධිපත්‍යයටත් බලපෑම් එල්ල කල බව අප සියළු දෙනා දුටිමු. රටක් ලෙස ගත් කළ සියළු දෙනාට පොදු එක් නීති පද්ධතියක් තිබිය යුතු අතර එක් එක් අයට නීතිය සහ ස්වාධිපත්‍යය අභියෝගයට ලක් කිරීමට ඉඩ දිය නොහැක.

නමුත් ”මිෂනරි ඔෆ් චැරිටි” නමින් පවතින රාජ්‍ය නොවන සංවිධානයක් ළමුන් 30 දෙනෙකු ලියා පදිංචි කොට 65 දෙනෙකු රඳවා තබාගෙන ඇති අතර ඊට අමතරව අංග විකල ළමුන් සහ ගැබිනි කාන්තාවන් රඳවා තබාගෙන ඇත. එම ළමුන් පිටරටවලට ලබා දීමේ වැඩ පිළිවෙලක් පැවති බවට තොරතුරු වාර්තා වී තිබුණු අතර එසේ ළමුන් පිට රටවලට ලබා දුන්නේ නම් ඔවුන්ට සිදු වූයේ කුමක්ද?

රටේ සියල්ලන්ට පොදු නීති මූලධර්මයන්ට අනුකූලව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මූලික වී මෙම නීති විරෝධී ළමා මධ්‍යස්ථානය නීතිය හමුවට පමුණුවා ඇත. එම සිද්ධි දාමයෙන් පසුව කරලියට පැමිණෙන්නේ කාදිනල් මැල්කම් රංජිත් පූජකතුමන් අදාල  නෛතික ක‍්‍රියාදාමය අභියෝගයට ලක් කරමින් නත්තල් සමය තුළ රජය කිසිදු නත්තල් උත්සවයකට ඔවුන් සම්බන්ධ නොවන බව තර්ජනය කිරීමයි. මෙතුලින් කතෝලික සභාව ශී‍්‍ර ලංකා රජය, නීතිය සහ ස්වාධිපත්‍ය එලිපිට අභියෝගයට ලක්කරන ආකාරය මනාව පැහැදිලි වුනු අතර ඇතැම් ඇමතිවරුන් මේ පිළිබඳව සමාව ගැනීමට පවා පෙළඹුනු බව වාර්තා විය. අනෙක් අතට රජයේ නත්තල් උත්සව වර්ජනය කරන්නට නත්තල  යනු රජයේ ව්‍යාපෘතියක්ද ? යන්න කතෝලික සභාවෙන් ප‍්‍රශ්න කල යුතුව ඇත.

රටේ 7% ක පමණ ප‍්‍රතිශතයක් වන කතෝලික පිරිසේ මෙම ක‍්‍රියාකාරීතවය කතෝලික ප‍්‍රබලයන්ගේ බලය විදහා පෑමක්ද ? නැතහොත් උද්දච්චකමක් ද ? යන්න කල්පනා කළ යුතුව ඇත. රජයේ වගකිව යුතු තනතුරු දරන අමාත්‍යවරුන් මොවුන්ගෙන් සමාව අයදින තත්වයකට පත්වන්නේ ඇයි ?

ඉතිහාසය පුරා ගත් කල 1505ට පෙර කතෝලික, කි‍්‍රස්තියානි ප‍්‍රජාවක් මේ රටේ ජීවත් නොවූ බව අප දනී. එලෙස කතෝලිකයින් බවට පත් වූයේ අපේම මහ ජාතියේ වල කැපීමට දායක වූ සුද්දන්ට ගැතිකම් කල අයවලූන් වන අතර, එක් අතකින් ගත් කල එය මහා පාවාදීමකි. ඉන් පසු රටේ පාලනය ගෙන යෑමට සහය වීමට ඉඩ ලැබුනේ අපගේ වීරයින් පවුල් පිටින් පාවාදුන් බලලෝභී ජාති භ‍්‍රෂ්ඨයන් හටයි.

එදා එසේ වුවද, අද වනතුරුත් එම කණ්ඩායමේ ප‍්‍රබලයින්ගේ රටට අහිතකර ක‍්‍රියාකලාපයන් එදා මෙදා තුර නොවෙනස්ව පවතී. ඒ බව පසුගිය යුද්ධ කාලයේදී අපට මනාව පසක් විය. ශ‍්‍රී ලංකාව ගත් කළ කෝටි 2කට ආසන්න ජනගහනයක් වෙසෙන කුඩා දූපතකි. මෙයින් 7% ක් පමණ වන කොටසකට මින් පෙර කිසි දිනක නොවූ විරූ ආකාරයකට කාදිනල් නිලයක් පිරිනැමෙන්නේ මන්ද යන්න විශාල ගැටළුවකි. කාදිනල් නිලයක් පිරිනැමීමට මෙම අති බහුතර බෞද්ධ රාජ්‍ය තුළ සිටින කතෝලික ප‍්‍රජාවගේ ඇති සුවිශේෂත්වය කුමක්ද ? බුදු දහමේ ලෝක කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති ලංකාවට කාදිනල් කෙනෙකු කුමකටද ?

ලංකාවට කාදිනල් තනතුර ලබා දුන්නේ,
01. ශ‍්‍රී ලංකාව දේව රාජ්‍යක් කිරීමට අවශ්‍ය බලතල හා පහසුකම් ලබාදීමක් උදෙසාද ?
02. කාදිනල්වරයාට අවශ්‍ය ආකාරයට ලක් රජයට බලපෑම් එල්ල කරවීමටද ?
03. ලක් රජයට නාස් ලනුවක් දමා බටහිර බලවේග වලට අවශ්‍ය ලෙස මෙල්ල කරවීමට වෙර දරණ CIA මෙහෙයුමක් ලෙසද ?

කතෝලික සභාව 2006දී විරුද්ධ වූ අවිචාර අන්‍යාගම්කරණයට එරෙහි පනතට 2011 වනවිට පක්‍ෂව ඇත. 2006දී විරුද්ධ වීමටත් 2011දී පක්‍ෂ වීමටත් ඔවුනට බලපා ඇති හේතු සාධක කවරේද ? රටේ අන් සියල්ලන් මේ පනතට එකඟ උනත් රජය මෙම පනත සම්මත නොකලේ මොවුන්ගේ අදිසි බලපෑම් වලට යට වී නොවේ ද ?

මොවුන්ගේ ක‍්‍රියාකාරීතවය පසුපස, ඉතිහාසය පුරාවට සුද්දන්ට ගැතිකම් කොට රට ජාතිය පාවාදීමට කටයුතු කළා මෙන් පැහැදිලිවම ඇත්තේ ප‍්‍රබල CIA මෙහෙයුමක්ම ද ?

සමීර චන්ද්‍රසිරි,
සභාපති
හෙළ විජය ජාතික ව්‍යාපාරය”