දරුවකුට තාත්තා කියන්නේ තවත් මිනිහෙක් නොවෙයි.
කන්න දුන්නා හෝ නොදුන්නා හෝ ජීව විද්‍යාත්මක පියා පියාම තමයි.
කලාතුරකින් හැරෙන්න සෑම පිය කෙනෙක්ම අඹුදරුවන්ට කන්න දීම සඳහා කුලී වැඩක් හෝ කරනවා.
කුඩා කාලයේ සිට අපව උස මහත් කර කායික මෙන්ම මානසික පෝෂණය ලබාදී යහපත් පුරවැසියන් ලෙස අප සමාජයට මුදාහැරීමේ දායකත්වයට පිදෙන කෘතඥතාව යක් ලෙස අපි කුඩා කාලයේ දී පමණක් නොවේ නොවේ වැඩිහිටියන් ලෙස ද දෙමව්පියන්ට වැන්දා.
ඒ වැඳීම වහල් කමක් ලෙස දකින්නේ ජීව විද්‍යාත්මකව මොළයක් කියා අවයවයක් හිස් කුහරය තුළ තිබුණත්, ඔය කියන මොළය තුළ මිනිස්කම කියන උත්තරීතර ගුණාංගයන් ගෙන් තොර වූ අක්මුල් සිඳගත් අපතයින් පමණයි. එවැනි අපතයින් තමන්ගේ දෙමව්පියන් දකින්නෙත් සතුන් ලෙසයි.
නමුත් ඉන්දියාවේ හින්දු බැතිමතුන් ගවයාට වඳින්නේ මෝඩ භක්තිය නිසා නොව තමන් සමග තමන්ගේ නිවසේම ජීවත්වෙමින්, පිරිමි සතා ගොවිතැනට උදව් කරන අතර පොහොර හා ගොම (දර වෙනුවට ආදේශකයක්) ලබා දෙන අතර ගැහැනු සතා දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ පෝෂණය සඳහා කිරි ලබා දෙන නිසා, ඊට කෘතඥතාව පළ කිරීම තමන් අදහන ආගමේම කොටසක් ලෙස සළකා මානව ශිෂ්ටාචාරයේ ප්‍රගමනය වසර දහස් ගණනක් තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන ආවා.
ගවයකුට මේ ආකාරයෙන් ගරු කරන්න තරම් මිනිසා මනුෂ්‍යත්වයෙන් නිහතමානී වීම වහල් කමක් හෝ අමන කමක් සේ දකින්නේ මිනිස්කමට විරුද්ධව ඉතිහාසය පුරාම කැරලි ගැසූ “ආත්මයෙහි” දැළි ගාගත් එලොවටත් නැති මෙලොවටත් නැති මිනිසුන්.
මාගේ දෙමව්පියන් අද ජීවතුන් අතර නැති නමුත් රාත්‍රී නින්දට පෙර පින්තූරයට වැඳ නමස්කාර කරන්නේ, මා නිවහල් චින්තන යෙන් යුත් රටට දැයට හිත කාමි පුද්ගලයෙකු වීමට අවශ්‍ය සියලුම කොන්දේසි සපුරා දුන් නිසයි.
මේ හේතුව නිසාම මට සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ කොටස්කරුවකු වීමට වාසනාව ලැබීම ගැන නිහතමානීව සතුටු වෙනවා.
– තෙවැනි ඇස-
28.11.2023