Spread the News

“චාල්ස් ඩාවින්ගේ පරිණාම වාදයට අනුව සෑම සත්වයෙක්ම අරගල කරන්නේ තමන්ගේ පැවැත්ම සඳහායි.

සතුන් අතර පැවැත්ම සඳහා කරන අරගලයයි, මිනිසාගේ පැවැත්ම සඳහා කරන අරගලයයි දෙකම එකක් නොවෙයි.

හැම සතෙක්ම තව සතෙකුගෙන් වෙනස් වන්නේ ජීව විද්‍යාත්මකවයි.

මිනිසා වානරයන්ගෙන් පරිණාමය වූ බව ඇත්ත. එහෙත් අද මිනිසා යනු දියුණු මනසක් ඇති බලසම්පන්න අතීත ශිෂ්ටාචාරයන්ට උරුමකම් කිය හැකි අපූරුම නිර්මාණයක්.,”

(මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා)

2023.02.24
පාලිත මහත්මයාණෙනි,

එවන ලද ලිපි පිටපත් කීපය බැලුවෙමි.
ඒ සම්බන්ධව සමස්ථ මේ රටේ බිඳ වටීවේ මූලය පැහැදිලි කර ලිපියක් ලියමින් සිටින අතර තුර මාහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා මහතාගේ

“චාල්ස් ඩාවින්ගේ පරිණාම වාදයට අනුව සෑම සත්වයෙක්ම අරගල කරන්නේ තමන්ගේ පැවැත්ම සඳහායි.”

“මිනිසා වානරයන්ගෙන් පරිණාමය වූ බව ඇත්ත.”
යන ලිපිය බැලූ විට මගේ ඔළුව ගිනි ගත්තා; එහි පළ වූ කොටසක් ඉහත උපුටා දකවා ඇත.
එහි ඇති

“මිනිසා වානරයන්ගෙන් පරිණාමය වූ බව ඇත්ත.”

යන වැකිය තමයි එයට හේතුව.

.මේ කීම සම්පූරණයෙන් ම අසත්‍යය යි. කිසිදු විද්‍යාත්මක පදනමක් නැත. චාල්ස් ඩාවින්ගේ පරිනාමවාදය අසත්‍යය යි.

මේ කීම මෙහෙම කිව්වාට මේ කරුණු වලට වගකීමෙන් උත්තර දිය යුතු ය. මට තියන ප්‍රශ්නය බුදු සසුනේ උන්නතියට ම සිංහල බෞද්ධ පදනම ගැන කතා කරන THE CEYLON DIARY NEWS හි මෙවැනි ලිපියක් පළ කිරීම තුලින් වන්නේ අසමතුලිතතාවයක් ඇති වීමකි.

මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට ප්‍රථම, එයට පදනම ලෙස මතු කියන කරුණු දක්වනවා.

මම උසස් පෙළට හැදෑරුවේ ගණිත විෂයයන්; මුලින් ජීව විද්‍යා විෂයයන් ( සත්ව විද්‍යාව, උද්භිද විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව)මාස හතරක් පමණ හදාර ගෙන යන විට මට සාමාන්‍ය පෙළට ගණිතය ඉගැන්වූ ගණිත ගුරුතුමාගේ සහ තවත් ගුරුවරුන් ගේ ඉල්ලීමට හා මාගේ ද කැමැත්ත මත ජීව විද්‍යා පංතිය හැර ගණිත (maths ) විෂයන් හැදෑරීමට පටන් ගත්තා. මම හැදෑරූ විෂයන්ගෙන් මට පහසු ම විෂය වූයේ ගණිතය බැවින් මම එය කැමැතෙන් ම භාර ගත්තා. මම ගණිත විෂයන් හැදෑරුවත් බුදු දහම පිළිබඳව සිතින් බැහැර වූයේ නැත. ඒ කාලයේ මා කියවන්න ලැබුණු පොත් අතර විශේෂයෙන් බට්‍රම් රසල්ගේ (Bertrand Russel), “බටහිර දර්ශන ඉතිහාසය” නැමති ග්‍රන්තය කියවන්න ලැබුණා. පූජ්‍ය නරාවිල ධම්මරතන නාහිමියන්ගේ සහ පූජ්‍ය හැඩිපන්නල පඤ්ඤාලෝක නාහියන්ගේ ” භාරතීය දර්ශනය” නැමති ගත මට මහත් උපකාර වුණා.

සමාජවාදයට මාගේ නැබුරුවක් තිබූ බැවින් මේ කාලයේ මට මාක්ස්-ලෙනින් වාදය පිළිබඳව ගැඹුරින් අධ්‍යනය යොමු වූ කාලයක්. ඒ කාලය 1987-88 වකවානුව බැවින් මාක්ස්- ලෙනින්වාදී පොත් කියවීම, එම පොත් ලඟ තබා ගැනීම අතිශයින්ම භයානකයි. මම දන්න කියන ගෙදරක වී .අයි.ලෙනින්ගේ කෘති වෙළුම් වගයක් තිබී මට ගන්න පුළුවන් වුණා. වී.අයි ලෙනින්ගේ එවකට මුද්‍රණය කර තිබූ කෘති වෙළුම් වල සියලු මුල් මුද්‍රරණය තමයි මට ලැබුණේ.
මාක්ස් ලෙනින් වාදය හදාරණවානම් අනීවාර්යයෙන්ම ලෝක ඉතිහාසය කියවන්නේ හෝ හදාරන්නේ නැතිව එය කරන්න අමාරුයි. ඊලගට මට සිදු වූයේ අවුරුදු හය දහසක පමණ ලෝක ඉතිහාසය සංෂිප්ත ලෙස හැදෑරීමටය.
ඊලගට මාකස්වාදය, ද්‍රව්‍ය වාදී වුවත් කාල් මාක්ස්, ජීව විද්‍යාත්මක (එවකට තිබූ ජීව විද්‍යාව) පදනමක සිට ගෙනයි ඔවුගේ දර්ශනය ගොඩ නගා ඇත්තේ.
එකී ඇතැම් ජීව විද්‍යාත්මක සංකල්පයන් සත්‍ය නො වූවත් එවකට ලොව ප්‍රචලිත වී තිබූ බලවත් වාදයන් බව කිව යුතු ය.

එම වාදය නම් චාල්ස් ඩාවින්ගේ පරිනාම වාදය යි. ඔන් ද ඔරිජින් ඔෆ් ස්පයිසස්’’ (On the Origin of Spices (1859) ස්වභාවික වර්ණාත්මක ක්‍රියාවලිය යන ඩාවින්ගේ සංකල්පය න්‍යායක් ලෙස බොහෝ උගතුන් පිළිගැනීමට පාත්‍ර වී ඇත.

ඊට පසු කාලයේ කාල් මාක්ස්ගේ සමකාලීන ඔහුගේ දීර්ඝකාලීන මිත්‍රයා වන පෙඩ්රික් එංගල්ස් විසින් 1847 “කොමියුනිස්ට් වාදයේ මූලධර්ම” ලිපිය ද 1848 කාල් මාක්ස් සහ පෙඩ්රික් එංගල්ස් දෙදෙනා විසින් කොමියුස්ට් පක්ෂයේ ප්‍රකාශනය ද එළිදක්වනවා. කාල මාක්ස් විසින් 1967 “පාග්ධනය” කෘතිය මුල් කොටස පළ කරනවා. අතර කාල් මාක්ස්ගේ ඇවෑමෙන් ප්‍රඩ්රික් එංගල්ස් විසින් “ප්‍රාග්ධනය” කෘතියේ දෙවන කොටස සම්පූර්ණ කර ඇත.

කාල් මාක්ස් “ප්‍රාග්ධනය” තම ගතෙහි චාල්ස් ඩාවින්ගේ පරිනාමවාදය තුලින් පෙන්වන සංකල්ප පිළිගන්නා අතර වානරයාගෙන් ශ්‍රමය පාදක කර ගෙන තව දුරටත් ක්‍රමික විකාශනයක් ලෙස වත්මන් මිනිසා දක්වා මානව ඉන්ද්‍රිය වැඩී ගිය බවය කාල් මාක්ස් කියා සිටිනවා. මාක්සගේ සහ මාක්ස්වාදී චින්තකයන්ගේ අදහස චාල්ස් ඩාවින්ගේ සංකල්ප වල ඌන පූරණය “ප්‍රාග් ධනය” ලිවීමෙන් සිදු වූ බවය.

පසුව පෙඩ්රික් එංගල්ස් විසින් 1876 දී “වානරයාගේ සිට මිනිසා දක්වා පරිවර්තනය වීමේදී ශ්‍රමය ඉටු කළ කාර්යය කොටස” යන ලිපිය මුලින්ම ජර්මන් භාෂාවෙන් පළ කරනවා. පෙඩ්රික් එංගල්ස් මෙයින් සෘජුව ම කියන්නේ වානරයාගෙන් මිනිසා සම්බභවය වූ බවත් එයට ශ්‍රමය විසින් විශේෂ කාර්යයක් ඉටු කළ බව ය.

මාක්ස්- ලෙනින් වාදයේ ද්‍රව්‍යවාදී ය. විඤ්ඤාණ වාදය ප්‍රතික්ෂේප කරයි. නාස්තික දෘෂටික ය. මාක්ස් සහ එංගල්ස් විසින් ගොඩ නගන ලද ද්‍රව්‍යවාදී න්‍යායයන් වී.අයි ලෙනින් විසින් ඉදියට ගෙන එන ලදී. දැනට යුක්රේනය ලෙස හදුන්වන භූමියෙහි උපන් ලියෝන් ට්‍රොස්කි විසින් මාක්ස්-ලෙනින් වාදය තවත් ශක්තිමත් කරන ලදී. ලියෝන් ට්‍රොස්කි ලෙනින්ගේ සෝවියට් රතු හමුදාවේ ප්‍රධනියා ය. එය ට්‍රොස්කි වාදය ලෙස හදුන්වත්. මේ සියල්ල ඉලක්ක ගත වී ඇත්තේ කොමියුනිස්ට් වාදය වෙත ය.

කොමියුනිස්ට් වාදය ද්‍රව්‍යවාදය මත පිහිටා ඇත. ද්‍රව්‍ය්‍ර වාදය නම් බුදු රදුන් වදාළ උච්ඡේදවාදය යි. උච්ඡේදවාදය කර්මය, කර්ම විපාකය, නැවත ඉපදීම, පින්, පව් පිළිගන්නේ නැත.

මාක්ස් -ලෙනින් වාදය පිහිටා අත්තේ ද්‍රව්‍යවාද්‍ය මත ය. කාල් මාක්ස් විසින් ගොඩ නගන ලද ද්‍රව්‍යවාදී චින්තනයේ අත්තිවාරම නම් චාල්ස් ඩාවින්ගේ “පරිනාමවාදය” සහ මාක්ස් විසින් එක් කළ “ශ්‍රමය” යන සංකල්පය ය. දෛලෙන්තික හෙවත් ද්වන්ද්වාත්මක භෞතිකවාදය තුලින් කාල් මාක්ස් එය විග්‍රහ කරයි. මේ සියල්ලට ම හේතු (අසත්‍ය වූ) ගොඩ නැගුනේ පරිනාමවාදයෙන් ගොඩ නැගුන “වානරයාගෙන් මිනිසා සම්භවය වූවා”යැයි කියන මතය පාදක ගෙනය. කාල් මාක්ස් සහ එ‍ංගල්ස් එයට වානරයාගේ වෙනස් කම් ශ්‍රමය හේතුවෙන් ක්‍රමික වෙනස්කම් ඇති වී වර්තමාන මිනිසා දක්වා ඇති වූ බව කියත්.

පසු කාලයේ එම්. නේතුර්හ්( ජීව විද්‍යාඥයා) විසින් “මිනිසගේ සම්භවය” නම් කෘතිය තුලින් ජීව විද්‍යාත්මකව මිනිසා වානරයාගෙන් පැවත එන බවට ඉතා විශාල වූ ජීවව්ද්‍යාතමක යැයි මත තුලින් කතා කර ඇත. මේ සම්බන්ධව ලියා ඇති දැවැන්තත ම කරුණු ගෙනහැර පෑමක් කර ඇත.
මෙය ද “මිනිසා වානරයාගෙන් පරිනාමය වූ යැයි යන මතය ගෙන හැර පෑම කර ඇත.
මේ සියල්ල අඳුරේ අතපත ගෑමක් බව කිව යුතු ය.

මම 1987 සිට මාක්ස්-ලෙනින් වාදය අධ්‍යනය කෙළෙමි. ලියෝන් ට්‍රොස්කිගේ මූලික පොත් ද පරිශීලනය කෙළෙමි.
මේ සියලු මඟ වැටී ඇත්තේ කෙලවර කොමියුනිස්ට් වාදයට බැවින් එය නාස්ථික දෘෂ්ටිය පෝෂණය කරයි.
මාක්ස් උත්සාහ කර ඇත්තේ දුක් විදින ජනතාව ගැන අනුකම්පාවෙන් ඔවුන්ගේ ජීවන පැවැත්ම වෙනස් කිරීමට වුවද ඒ මඟ සත්‍ය මත පිහිටා නැත. ඔහු ගැන හැර පාන න්‍යායන් ලෝක ධර්මතාවයේ සත්‍ය නොවේ.
රටක ජනතාව පෙළන රාජ්‍ය පාලනය, අප කිසි ලෙසකින් ඇනුමට නො කරමු. මාක්ස්ගේ එවැනි විග්‍රයන් හා පිටු දැකීම් වැරදි යයි අපි නො කියමු.

“වානරයාගෙන් මිනිසා පරිනාමය වූවා”යැ යි යන මතය ලෝක ව්‍යාප්ත වීමෙන් නිර්මල අවිහිංසා වාදී තථාගත බුදුරජුන්ගේ දහම ගරු කර ගත් බෞද්ධ ජනතාවගේ පෘතජ්ජන මනසට ද බලපෑම් එල්ල විය.
එය ලංකාවාසී ජනතාවට ද මහත් විලෝපයක් කර ඇත. පුනර්භවය පිළිබඳව සියලු විග්‍රයන් අඩු නැතිව දේශනා කොට ඇති බුදු දහම නිසියාකාරව ජන විඤ්ඤාණය ස්පර්ශ නො කළ බැවින් ලංකාවාසී බෞද්ධ කුල වාසීන් ද “වානරයාගෙන් මිනිසා පරිනාමය වූවා” යැයි කීම නිසා (ඔවුන් ) අතරමං විය.

තථාගත බුදු රජුන් විශවාස නැති විය. බුදු රජුන්ගේ දේශනාව නො පිළිගන්නා තත්වයට ජනතාව පත් විය. ධර්මය කෙරෙහි සැක කිරීමට පෙළඹිණ.
පුනර්භවය විශ්වාශ නැති විය. කර්මය, කර්ම විපාකය ගැන සැකය ඇති විය. පින පව ගැන අවබෝධය හීන විය. පුනර්භවය විශවාශ නො කිරීමෙන් පවට භය නැති වීමත් බුදු රදුන්ගේ විමුක්ති මාර්ගය වෙනුවට මාක්ස්, එංගල්ස්, ලෙනින්, ට්‍රොස්කි, මාඕ සේතුං, පිදෙල් කැස්ත්‍රො, චේ ගුවේරා, ආදීන් අනුගමනය කළ කොමියුනිස්ට් ව්‍යාපාරය විමුක්‍තිය යැයි අදහන්නට වූහ.
ගිහි ජනතාව පමණක් නො ව ඇතැම් භික්ෂූන් වහන්සේලා ද බුදු සසුනෙන් බැහැර කොමියුනිස්ට් විමුක්තිය පසු පසු ගියහ. දැනුදු ඇතැම් භික්ෂූන් වහන්සේලා ඒ මඟ යත්.

මෙහි වරද කොතන ද? වරද කගෙ ද?
ජනතාව අතරට බුදු දහම නිසියාකාරව ලබා නො දීම සහ ජනතාවගේ ශ්‍රද්ධා සිත හීන වීම මෙයට හේතු බව කිව යුතු ය.
ජනතාවගේ ශ්‍රද්ධ සිත අතීතයේ දසක කීපයක සිට බලපතල ලෙස හීන වෙමින් පැවතුණ බව හොදින් අධ්‍යනය කිරීමෙන් වටහා ගත හැකිය. මෙයට හේතු ගණනාවකි.
එක් ප්‍රබල හේතුවක් තමයි ” මිනිසා වානරයාගෙන් පරිනාමය වූවා” ය යන මිත්‍යා මතය, අධ්‍යාපනය තුලින් සහ සන්නිවේදන මාධ්‍ය තුලින් මෙරට ළමා පරපුරට සහ වැඩිහිටි ප්‍රජාව වෙත ලබා දීම.

යම් මිසදිටු අදහසක් සමාජ ගත වනවානම් ඊට වාඩා වේගයකින් සම්දිටු දහම ව්‍යාප්තියට උත්ත්සාහ කොට ජන විඥානය ආරක්ෂා කිරීම ගිහි පැවැදි වගකිව යුත්තන්ගේ වගකීම ය.ඒ සඳහ පරවාදය මනා ලෙස ම අධ්‍යනය කළ යුතු ය. පරවාද හාස්‍යයයට ලක් කිරීම කිසිසේත් ම නො කළ යුතු ය. සාධාරණ ලෙස හේතු යුත්ත ව පරවාදය ඛණඩනය කළ යුතු ය. කරුණ කිව යුතු ය. තම මතය ඉගැන්විය යුතු ය. ඒ සියල්ල සත්‍යයට එකඟ ව පැවැතිය යුතු ය.

1987-1988,1989,1990, වසරවල ඇති වූ දේශපාලන සහ සංනද්ධ කැරැල්ල අපට හොදින් මතකය.
එම කැරැල්ල, බෞද්ධයන් සිටින සහ බහුතර සිංහල බෞද්ධ රාජ්‍ය බලය තිබූ රටකට කෙසේ නම් ගැලපේ ද? එම කැරැල්ල අතිශයින් ම ජතතාවට පීඩාව ගෙන දුන් අවාසනාවන්ත සිදු වීමකි. එම කැරැල්ල රජයෙන් මර්දනය කළ ආකාරය ද සිහියට ගත යුතු ය. එම කාලයේ ඒ හේතුවෙන්, අවම වශයෙන් හැට දහසක් (60 000) පමණ මෙරට වැසියන් ඝාතනය වූ බව එක්සත් ජතීන්ගේ සංවිධානය පවසත්. ඇතමෙක් අසූදහසක් පමණ බව පවසත්.
1971 ඇති වූ දේශපාලන හා සංනද්ධ කැරැල්ල ද එවැනි ම ඛේදවාචයකි. එම කැරැල්ල මර්දනය කිරීමේ දී පසළොස් දහසක් පමණ පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.

මේ දේශපාලන සහ සංන්නද්ධ කැරළි දෙක ම රටට අහිමි කළ ජීවිත මිල කළ නො හැක. දේපොල විනාශය ද බෞද්ධ කුල පදනමට සිදු වූ හානිය බරපතල ය.

කාල් මාක්ස් කොමියුනිස්ට් ප්‍රකාශනය එළිදක්වන විට “දාස් කැපිටල්ල්” ප්‍රාග් ධනය ලියන වකවානුව වන විට බුදු දහම බටහිර රට වලට ව්‍යාප්ත වී නොතිබුණි. යමෙක් කියන්නේ නම් මාක්ස් බුදු දහම අධ්‍යනය කළේ යැයි කියා ඒ කීම හේතු වියුත්ත ය. ඒ කාලයේ බුදු දහම බටහිර රටවල ව්‍යාප්තියට, අවම වශයෙන් එක සඟියක් (සූත්‍ර පිටකයේ නිකායක්) හෝ තිබුණු බවට කිසිදු ශාක්ෂියක් නැත. කාල් මාක්ස්ට කතෝලික පල්ලියේ බලපෑමට රාජ්‍ය පාලනය සහ ඒ ඒ රටවල ජනතාව බලවත් ලෙස ගොදුරු වී ඇති බව අවබෝධ විය.


මේ හේතුවෙන් ආගම යනු ජනතා පීඩක ආණ්ඩු පවත්වා ගෙන යාමට පාලකයන්ට උපකාර වූ හොඳ මෙවලමක් බව මාක්ස්ගේ වැටහීම විය. ආගම සම්බන්ධයෙන් මාක්ස්ගේ කියවීම නිර්දය විවේචනයට ලක් කෙළේ ය. ඔහු සියලු ආගම් ප්‍රතික්ෂේප කළ අතර ආගම යනු කොමියුනිස්ට් වාදයේ ප්‍රතිගාමී බලයක් බැවින් සපුරා බැහැර කළ යුතු බව අවධාරණය කළේය. එය පෙඩ්රික් එංගල්ස් , ලෙනින්, ට්‍රොස්කි, ආදීන් ද ඒ මඟ යන සියලු අනුගාමිකයෝ ද තරයේ පිළිගත් හ. එපණක් නොව කොමියුනිස්ට් රාජ්‍යක කොමියුනිස්ට් දේශපාලන ව්‍යාපාරයක ආගම් නො පැවැතිය යුතු බව ද පිළිගනිත්.
බුදු දහම ද ඒ ගොඩට ම බහා ඇත. එය බරපතල අපරාධයක් බව කිව යුතු ය.

ඒ වරද මෙරට කොමියුනිස්ට් වාදය ගරු කළ ගත් දේශපාලන ව්‍යාපාරවලින් මුක්ත නො වීය.
“මිනිසා වානරයාගෙන් පරිනාමය වී ඇත යැයි කීම , මෙයට ප්‍රධාන සාධකයක් බව කිව යුතු ය.

1989 වසරේ සිට මෙය මැනවින් තේරුම් ගත්, මම තථාගත ත්‍රිපිටක පෙළ දහම ද අටුවා, ටීකා සහිත ධර්ම සංග්‍රහ ග්‍රන්ථ අධ්‍යනය කිරීමට ආරම්භ කළෙමි. මේ සඳහා මට වටිනා පෙරාපු දඹරන් හා සමාන ධර්ම ගුරු උත්තමයකුගේ උපකාර සැළසිණි. ඒ ගුරුවර සවාමින් වහන්සේ නම් අති පූජනීය ගාල්ලේ මහින්ද ස්වාමිද්‍රයන් වහන්සේ ය. ඒ ගුරු ස්වාමිද්‍රයන් වහන්සේගේ ගුරු ස්වාමින් වහන්සේ නම් ලංකා රාමඤ්ඤ මහා නිකායේ ගාල්ල දිසා පාලක නායක ස්වාමින්ද්‍රායාණන් වහන්සෙ ලෙස වැඩ විසූ ආභිධම්මික රාජකීය පණ්ඩිත ගාල්ලේ වාචිස්සර ස්වාමින්ද්‍රයන් වහන්සේ ය. මේ ස්වාමින්ද්‍රයණන් වහන්සේ සිංහල විසුද්ධි මාර්ගය සහ අභිධර්ම චන්ද්‍රිකාව ලියූ අතිපූජනීය මාතර ධම්මවංශ ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ සමකාලික සවාමින්ද්‍රයණන් වහන්සේ නමකි.

ගුරු උපදේශ සහිතව අභිධර්මය හැදෑරිම තුලින් මට තිබූ සියලු ප්‍රශන් එකින් එක ලිහී ගොස් රසායන විද්‍යා, භෞතික විද්‍යා, ජීව රසායන, Microbiology ක්ෂුද්‍ර ජීව විද්‍යාව සම්බන්ධව කියවෙන, බුදු දහම සම්බන්ධව සියලු ප්‍රශ්න නිරාකරණය විය.

චාල්ස ඩාවින්ගේ පරිනාම වාදය හිස් ප්‍රලාපයකි. මෙහෙ ම කිවාට කවුරුව ත් පිළිගනීවි ද? මා ගැන කට උල්කර ගෙන අහක බලා නො ගනීවි ද?
මෙරට තරුණ පිරිස අනාගතයේ අමාරුවේ වෙටෙන බව පැහැදිළිව දකින මම මෙයට විසදුමක් ලෙස, බුදු දහම අවිශ්වාස කිරීමට මඟ සලසන හා කොමියුනිස්ට්වාදී දේශපානයට තරුණ තරුණියන් යොමු වීම හේතු වන චාල්ස් ඩාවින්ගේ පරිනාමවාදය අසත්‍ය බව ඔපපු කර පෙන්වීම අවශ්‍ය බව තේරුම් ගතිමි.
චාල්ස් ඩාවින්ගේ පරිනාමවාදය ඛණ්ඩනය කර පොතක් ලියා එය ඉංග්‍රීසියට පරිවර්තනය කොට ඔක්ස්පර්ඩ්, කේම්බ්‍රිජ්, හාව්ඩ් කැලිෆෝනියා, පැට්‍රිස් ලුමුම්බා ආදී විශ්ව විද්‍යාල වලට යැවීම මාගේ බලාපොරොත්තුව විය.

ඩාවින්වාදය අසත්‍යයැයි කී පළියට ලෝකයේ උගතුන් පිළිගන්නේ නැත. ඩාවින් සහ ඊට පසුව ඔහුගේ පරිනාම මතය පිළිගෙන එම මතයට පක්ෂව කරුණු ගෙනහැර පා උගතුන් විසින් ලියන ලද විශාල ලෙස එකතු කිරීම් ද රාශියක් ඇත.
මේ සියල්ල අධ්‍යනය කළ යුතු ය. එ කරුණු ද එකින් එක ප්‍රතිභාහනය කළ යුතු ය. DNA, සහ RNA පිළිබඳව ද ඩාවින්වාදයට ඈඳා ගත් මත ඇත. ඒවා කිසිදු වැදගැම්මක් ඇති සත්‍ය නොවන නමුත් ඛණ්ඩනය කර ඔප්පු කර පෙන්වන තුරු මනස් තුල විරාජමානව පවතිනවා ඈත. මාක්ගේ කියුම් ද බිඳ හෙලිය යුතු ය.

මේ සඳහා ඒ සියලු මත වලට කරුණු කීමට ඒ පොත් සියල්ල කියවිය යුතු ය. ඒ සඳහා ඒ පොත් පමණක් නොව ඒ පොත් ලිවීමට මූලාශ්‍ර ලෙස පාදක කර ගත් පොත් සියල්ල අධ්‍යනය කළ යුතු ය. ඒ අධ්‍යනය සඳහා කාලය ද සම්පත් ද අවශ්‍යය ය. කියවන ගමන් ඒ සඳහා සටහන් යොදා ගත යුතු ය. මේ සියල්ල කළ යුත්තේ ඔවුන්ගේ මතයන්ට කරුණු කීමට ය. ඊට පසු අපගේ මතය සත්‍යවාදී ලෙස කිය යුතු ය. ඒ මතය සනාථ වන ලෙස කරුණු සාධක ද නොබිදිය හැකි ලෙස ස්ථාවර කළ යුතු ය.

මෙය බලාපොරොත්තු වුවත් මෙය කර ගැනීමට අවකාශ නැති විය. සතුරු කරදර සහ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මේ කටයුත්ත සිතින් අහෝසි වී ගොස් තිබිණි. මෙයට මානසික නිදහස ගැනිනීමට විවේකය අවශ්‍යය ය. මේ සඳහා සියලු දෙයින් බැහැර වී නිදහසේ කටයුතු මෙහෙයවා ගත යුතු ය.

චාල්ස් ඩාවින්ගේ පරිනාම වාදය සහ මිනිසා වානරයන්ගෙන් පරිණාමය වූ බව ඇත්ත.
යන වදන අසත්‍ය වූ පදනම් විරහිත ප්‍රකාශයක් බව අවධාරණය කරම්හ.

තථාගත බුදුරජුන්ගේ ධර්ම විනයට සපුරා පටහැනි මත ප්‍රකාශයකි. තථාගත බුදුරජුන්ගේ අරි අට මඟ අහුරාලීමක් බව කරුණා පෙරදැරිව දැනුවත් කරමි.

සම්මා සම්බුදු සරණයි

ආරියතිලක