වර්තමානයේදී පකිස්‌තාන ජනගහනයෙන් 97% ක් මුස්‌ලිම් වුව අතීතයේදී ඉන්දියාව හා සම්බන්ධ වූ මේ භූමි ප්‍රදේශයේ සුවිශේෂ බෞද්ධ ඉතිහාසයක් පැවතිණි. අතීත බෞද්ධ නටබුන් පකිස්‌තානයේ මෙන්ම ඇµaගනිස්‌ථානයේද විසිර පවතී. ග්‍රීක ඉන්දු ශිෂ්ටාචාරය කාලයේ විශේෂයෙන්ම කුෂාන් රජුගේ කාලයේ මෙන්ම මහා අශෝක අධිරාජ්‍යයාගේ කාලයේ මේ ප්‍රදේශයේ බුදු සමය බැබළිණි. වයඹදිග පකිස්‌තානය විශේෂයෙන්ම කයිබර් පත්තුන්ක්‌වා ප්‍රදේශය (ඇµaගනිස්‌ථානයට මායිම් වන කොටස) ගන්ධාරය ලෙස ප්‍රකට විය. වර්තමාන ස්‌වැට් නිම්නය පුරාම බෞද්ධ නටබුන් විසිර ඇත.
ස්‌වැට් නිම්නයේ ජහනබාද්හි පිහිටි වසර 1500 ක් පැරැණි ගලෙහි කොටන ලද බුදු පිළිමයක් තලෙබාන් අන්තවාදීන් විසින් විනාශ කරන ලද්දේ 2007 වසරේදීය. මේ විනාශ වූ බෞද්ධ උරුමය සුරකින්නට ඉතාලියේ සිට 49 හැවිරිදි ලුකා ඩයිවේරි පැමිණ ඇත. අඩි 20 ක් උසැති මෙම ගලෙහිම නෙළනලද පිළිමයේ මුහුණෙහි සහ උරහිස් ප්‍රදේශයට ඩයිනමයිට් දමා පිපිරවීමට උත්සාහ කර ඇත. මුහුණ විනාශ වී ඇතත් උරහිස්‌වලට හානියක් සිදුව නැත. ඇත්තෙන්ම ටිබෙටයට බුදුදහම හඳුන්වාදුන් පද්මසම්භව හිමියෝද උපන්නේ ජහනබාද් ප්‍රදේශයේය. 80 දශකයේ අගභාගයේදී විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු ලෙස ස්‌වැට් නිම්නයේ සංචාරය කළ මේ ඉතාලි පුරා විද්‍යාඥයා මේ අතීත බෞද්ධ උරුමය ගැන හොඳ අවබෝධයකින් සිටී. එම නිසා නැවතත් ඔහු මේ උරුමය සුරකින්නට පැමිණ ඇත.
පකිස්‌තානය පුරාම මුස්‌ලිම් අන්තවාදය උඩුදුවා ඇති හෙයින් මේ පැරැණි නටබුන් ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් විශාල ආයාසයක් දැරිය යුතුය. ථෙරවාදී බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේද නිධන් හෑරීම, පුරාවස්‌තු කොල්ලකෑම බහුල වී ඇත්නම් ස්‌වැට් නිම්නයේ බෞද්ධ පුරාවස්‌තු ගැන කවර කතාද? නිර්මල ථෙරවාදී දහම විනාශ කරමින් තමන්ගේ මතය සැබෑ ධර්මය යෑයි ප්‍රකාශ කරණ ඇතැම් උපාසක චණ්‌ඩාලයන් නිසා විවිධ ප්‍රශ්න මතුව ඇත. ඇතැම් “කෝතාලික” වර්ගයේ භික්‍ෂූන් නොඑසේ නම් දේවදත්ත නිකායේ භික්‍ෂූන් ධර්මය මෙන්ම ශාසන ඉතිහාසයද වෙනස් කරමින් ව්‍යාජ මතවාද පතුරවති. වඳුරඹ ප්‍රදේශයේදී පසුගියදා බෞද්ධ නැගිටීමක් සිදුවිය. බොදු බල සේනා සංවිධානයේ මැදිහත්වීම මත මෙම ජන නැගිටීම සිදුවූයේ තමා සෝවාන් යෑයි කියාගන්නා උපාසක චණ්‌ඩාලයකුට එරෙහිවය. අන්‍යාගමික ආක්‍රමණ යොහොවඃ කල්ලි ඡේසු ජීවමානයි කල්ලි මෙන්ම දෙවියන්ගේ අණින් ලෙඩ සුව කරන්නේ යෑයි කියන කල්ලි කණ්‌ඩායම් හා සමාන, භයානකම පිරිසක් ලෙස මෙම බෞද්ධ වේෂයෙන්ම ඉඳ තමන් සෝවාන් යෑයි කියා ගන්නා කණ්‌ඩායම් හැඳින්විය හැක. ඇතැම් අසරණ බෞද්ධයෝද මේ කල්ලි කණ්‌ඩායම් පිටුපස ගොස් අසරණ වෙති. මීට වසරකට දෙකකට උඩදී කොළඹ පැවැති යාඥ මෙහෙයකට සහභාගි වී හදිසියේ රෝගාතුරව මියගියේද බෞද්ධ කාන්තාවන් දෙදෙනකු බව අප අමතක කළ යුතු නැත.
අපවත් වී වදාළ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් රට පුරා ගමන් කරමින් පුරා පැය තුනක් ධර්ම දේශනා පවත්වමින් ජනතාවට ධර්මය ගැන මෙන්ම රට ජාතිය ශාසනය මුහුණ දී ඇති ප්‍රශ්න පිළිබඳව කරුණු හෙළි කළහ. එනිසා ජාතිය අවදි විය. විශේෂයෙන්ම නාගරික බෞද්ධයන්ට මේ අන්‍යාගමික ආක්‍රමණය ගැන, සිංහල බෞද්ධයා කොන්වීම ගැන අවබෝධ විය. ජාතියේ අවාසනාවට 2003 දෙසැම්බර් 12 වැනිදා රුසියාවේ පිටර්ස්‌බර්ග් නගරයේදී උන්වහන්සේ අපවත් වූහ. අවසානයේ අපවත් වූ සෝම හිමියන්ගේ හඬ ජීවත් වූ සෝම හිමියන්ගේ හඬට වඩා ප්‍රබල විය. එනිසා රට පුරා බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවිය. මේ නිසාම භික්‍ෂූන් වහන්සේලාට පාර්ලිමේන්තුවට වැඩම කිරීමට හැකිවිය. කාලයක් යද්දී මේ බෞද්ධ ප්‍රබෝධය ක්‍රමයෙන් මැකීයන්නට වූ අතර භික්‍ෂු දේශපාලනයට මෙන්ම මහා සංඝරත්නයටද විවිධ මඩ ප්‍රහාර එල්ල විය. පසුගිය කාලය පුරාම එල්ල වූ විවිධ පුවත් හා මඩ ප්‍රචාර නිසා චීවරයේ ගෞරවය වුවමනාවෙන්ම නිග්‍රහයට ලක් කිරීම සඳහා යම් පිරිසක් උත්සාහ දරන්නේ දැයි සැකයක් මතුවිය.
ඇත්තෙන්ම සමහර භික්‍ෂූන් වහන්සේලාගේ ක්‍රියාකලාපයන්ද මෙයට හේතු විය. පෘථග්ජනයින් වන භික්‍ෂූන් අතරම විවිධ දුර්වලතා අඩුලුහුඬුකම් දක්‌නට ඇත. එය සාමාන්‍ය මනුෂ්‍ය ස්‌වභාවයකි. කෙසේ නමුත් මේ වැරැදි පිළිබඳව ඇතැම් මාධ්‍ය මගින් වුවමනාවටත් වඩා උලුප්පන්නේද යන්න සැක සිතේ.
කවරක් නමුත් එදා සෝම හිමියන්ගේ අපවත් වීමෙන් පසු කරලිය බැසි සමහර භික්‍ෂූන් අද සමන්ත භද්‍රවී ජනතාව ථෙරවාදී බුද්ධාගමෙන් ඈත් කරන්නටත් ශාසනික සම්ප්‍රදායන්ට පහරදීමටත් උත්සාහ කරති. ඇත්තෙන්ම මෙවැනි ක්‍රියා කෙළින්ම වසර 2300 ක් තිස්‌සේ “සිරිවර්ධන” නමැති පුද්ගලයා තමා සෝවාන් අයකු යෑයි කියමින් සාමාන්‍ය ජනයා මුළාකරනවා හා සමානව රට පුරා මෙලෙස ථෙරවාදී සම්ප්‍රදාය විකෘති කරන ගිහි පැවිදි පුද්ගලයන් 15 දෙනකු පමණ සිටින බවට ආරංචි පැතිර ඇත. ගාල්ලේ සිටින ඊනියා “සෝවාන්” පුද්ගලයෙක් ලංකාවේ ඇති සියලුම බුදුපිළිම වැරැදි බව ප්‍රකාශ කරමින් ඔහුම බුදුපිළිම නිපදවන බව පැවසේ. සමහර පුද්ගලයන් පිළිම වන්දනාව ප්‍රතික්‍ෂේප කරමින් බණ දෙසන බවටත් ප්‍රචාර පැතිර යයි. ඇත්තෙන්ම පිළිම වන්දනාව ප්‍රතික්‌ෂේප කරන්නේ මුස්‌ලිම්වරුන්ය.
වසර දෙදහස් හයසියයක් තිස්‌සේ පවතින නිර්මල බුදුදහමට එදා පටන් අද දක්‌වාම නොයෙකුත් තර්ජන එල්ල විය. ඡේතවනාරාමය අසල තිර්ථකාරාමයක් ඉදිකිරීම වැළැක්‌වීම පිණිස බුදුන් වහන්සේට කොසොල් රජු බැහැදකින්නට යන්නට සිදුවිය. එලෙසම අදත් බෞද්ධ නාමයෙන් පෙනී සිටින තීර්ථකයින්ට එරෙහිව පාරට බසින්නට “බොදු බළ සේනාවට” සිදුව ඇත. විශේෂයෙන්ම පසුගියදා කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පූජ්‍ය කිරම විමලජෝති හිමියන්ගේ සභාපතිත්වයෙන් හා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥණසාර හිමියන්ගේ ලේකම්කමින් පිහිටුවනු ලැබූ බොදු බළ සේනා සංවිධානයේ පසුගිය සති කිහිපයේ ක්‍රියාකාරිත්වය නිසාම ඊනියා මිසදිටු බලවේග වලට එරෙහිව රටේ බෞද්ධ ජනතාව තුළ විශේෂ හැඟීමක් මෙන්ම උනන්දුවක් ද ඇතිව තිබේ. නිහඬව සිටීමෙන් හෝ බකන්නිලාගෙන සිටීමෙන් ශාසනය රැකගත නොහැක. ඒ සඳහා යම් කැපකිරීම් කළ යුතුව ඇත. එම නිසාම බෞද්ධයන් යොනිසෝම නිසියාකාරයෙන් එනම් එළඹසිටි සිහියෙන් ක්‍රියාකළ යුතුව ඇත.
චතුර පමුණුව