Spread the News

මුලතිව් කොටි සමරුවට උසාවියෙන් තහනමක්‌

චමින්ද සිල්වා – නෝමන් පළිහවඩන

මියගිය කොටි සාමාජිකයන් සිහිකර මුලතිව් වෙල්ලිමුල්ලිවයික්‌කාල් හි අද (18 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ සැමරුම් උත්සවයට දින 14 ක තහනමක්‌ පැනවීමට මුලතිව් මහෙස්‌ත්‍රාත් සම්සුදීන් මහතා විසින් පෙරේදා (16 වැනිදා) නියෝගයක්‌ ලබා දී ඇත.

දෙමළ ජාතික මහජන පෙරමුණ නම් සංවිධානයක්‌ මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සැමරීම සඳහා මුලතිව් වෙල්ලිමුල්ලිවයික්‌කාල් ප්‍රදේශයේ උත්සවයක්‌ සංවිධානය කිරීමට යන බවට පොලිසියට ලද තොරතුරක්‌ මත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

තහනම් සංවිධානයක්‌ සැමරීමෙන් මහජන සාමය කඩවීමක්‌ ඇතිවිය හැකි බවට පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන මහෙස්‌ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී ඇත. මුලතිව් මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නාමල් පෙරේරා මහතාගේ උපදෙස්‌ මත අධිකරණයට කරුණු වාර්තා කිරීමට මුලතිව් පොලිසියේ නිලධාරීන් කටයුතු කර තිබේ.