Spread the News

මුස්‌ලිම් කොංග්‍රසය රජයේ ප්‍රධානීන් හමුවන තීරණ

රනිල් ධර්මසේන

අලුත්ගම හා බේරුවලදී පසුගිය දිනවල ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මෙතෙක්‌ රජය ගත් ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආණ්‌ඩුවේ ප්‍රධානීන් හමුවීමට ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය තීරණය කර ඇත.

ඒ අනුව ජනපතිවරයාත් ආරක්‍ෂක ලේකම්වරයාත් පොලිස්‌පතිවරයාත් හමුවීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙක්‌ “දිවයින” ට පැවසීය.

ගැටුමට හේතුපාදක වූ කරුණු හා පක්‍ෂයට ලැබුණු තොරතුරු ද ආරක්‍ෂක අංශ වෙත ලබාදීමට කටයුතු කරන බව හෙතෙම කීය.

දේපළ හානි සිදුවූවන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන බවත් හානි වූ දේපළවලට නිසි තක්‌සේරුවක්‌ අවශ්‍ය බවත් මන්ත්‍රීවරයා කීය.