මුළු රටේම ධීවර ගැටලූ විසඳීමට අවශ්‍ය පිඹුරුපත් සකසනවා – අගමැති මහින්ද රාජපක්ෂ

Spread the News

p8 1 2Courtesy Divaina : ගන්දර දෙවිනුවර – එස්. කේ. කේ. ගුණතිලක සහ ලූණුගම්වෙහෙර තලල්ලේ – ප‍්‍රඥාරත්න ව්දානගමාච්චි

උතුරේ සිට දකුණ දක්වාත් මුළු රටේමත් ධීවර ගැටලූ විසඳීමට අවශ්‍ය පිඹුරුපත් රජය සකස්කර තිබෙනවා යැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉකුත්  6 දා පැවැති ගන්දර ධීවර වරාය ඉදිකිරීමේ සමාරම්භක උත්සවය අමතා පැවසීය.

එහිදී වැඞ් දුරටත් කතා කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට හමුවේ තැබූ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ පැහැදිලිවම ධීවර ප‍්‍රජාවගේ දියුණුව අපේක්ෂාකර තිබෙන බව ඔබ දන්නවා. මුළු රටේම ධීවරයන් නඟාසිටුවමින් ඔවුන්ගේ පවුල් ශක්තිමත් කිරීමත් එහි අන්තර්ගත වෙනවා මේ හැමදේටම අවශ්‍ය අඩිතාලම වැටෙන්නේ ධීවර කර්මාතයට අවශ්‍ය පහසුකම් සැපයීම තුළින් බවයි අපි විශ්වාස කරන්නේ.

ගන්දර ප‍්‍රදේශයේ ඔබ වසර ගණනාවක සිටම බලා පොරොත්තුවක්ව පැවැති ධීවර වරායේ ඉදිකිරීම් අවසන් වනවිට ඒ තුළින් ධීවර ප‍්‍රශ්න රාශියක් නිමා වෙයි කියා අපි සිතනවා. ධීවරයා රැකගතයුතු යැයි කියන ස්ථාවරයේ අපි හැමවිටම සිටිනවා. මේ නිසා ඉතිහාසය දන්නා අය දන්නවා අපි හා ධීවරයා අතර තිබෙන බැඳීම කොතෙක්ද කියා. අපි විශේෂ යෙන්ම රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා දැඩි විශ්වාසයක් ඇතිව මේ ප‍්‍රදේශයේ ධීවර ජනතාවගේ සුබ සිදධිය වෙනුවෙන් කටයුතු කිරීම ගැන සතුටු වෙනවා.

ඉන්දීය සාගරයේ වර්ග කිලෝමීටර් පන් ලක්ෂයක් පමණ අපට තිබෙනවා. රට තුළ වැව් අමුණු ජලාශ‍්‍රිතව මිරිදිය ධීවර කර්මාන්තය ක‍්‍රියාත්මක වෙනවා. නමුත් මෙහෙම සම්පත් තියාගෙන අපි තවමත් ධීවර කර්මාන්තයෙන් ස්වයංපෝෂිත වෙලා නැහැ. රටේ ජනතාවගේ පෝෂණය ආහාර, විදේශ විනිමය රැුකියා මෙන්ම ජීවන උපාය මාර්ග වර්ධනය කර ගැනීමට ධීවරයා ගැන රජයක් විදියට අපි සැම විටම අවධානය යොමු කරන්නේ ඒ නිසයි.

ලංකාව තුළ වැඩිම ධීවර වරාය ප‍්‍රමාණයක් සාදා තිබෙන්නේ 2005 සිට 2015 දක්වා අපගේ ආණ්ඩු කාලයේදීයි. ඒ කාලයේදීත් අද වගේම ධීවරයන් වෙනුවෙන් දෙන්නට හැකි උපරිම සහන ලබා දුන්නා ධීවරයන්ට අවශ්‍ය තාක්ෂණ දැනුම ලබා දුන්නා. දැන් අපට අවශ්‍ය එතැනින් ඉදිරියට ධීවර ඔබ රැුගෙන යන්නයි.

2013 වසරේදී මේ වරායන් හදන්න අපි සැලසුම් සකස්කර තිබුණා නමුත් බලයට පත්වුණ යහපාලන ආණ්ඩුව අපි ආරම්භ කළ දේවල් අවසන් කළේ නැහැ. ඔවුන් කළේ අපි හදපු ඒවායින් පළි ගැනීමයි. මත්තල ගුවන්තොටුපළේ වී ගබඩාවක් ඇති කළා. වරායවලටත් කළේ එහෙමයි. අපේ ආණ්ඩු කාලයේදී 2005සිට 2015 දක්වා ධීවරයන් ආදායම් බදුවලින් නිදහස් කළා යහ පාලන රජය 2016දී නැවතත් ධීවරයන් ගෙන් ඒ බදු අය කළා අපි පසු ගිය අයවැයෙන් නැවතත් ධීවරයන්ට එම බදු සහනය ලබා දී තිබෙනවා.

අනවසර ඉන්දීය ධීවරයන්ගේ ගැටලූව නිසා අපේ ධීවරයන් දිගු කලක සිටම පීඩා විඳිනවා දශක ගණනාවක සිට පිළියම් සෙව්වත් ගැටලූ මතුවෙනවා මේ පිළිබඳව ඉන්දීය අගමැති නරේද්‍ර මෝදි මහතාගේ අවධානයට යොමු කළා ඉන්දියාව සමග සාකච්ඡා කර විසඳුම් ලබා ගැනීමට අපි උනන්දුවෙන් පසුවෙනවා. මේ ගැන ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා සෘජුවම සම්බන්ධවී සිටිනවා.

ධීවර වරායක් ඉදිකලාම එය නිසි ලෙස පවත්වාගෙන යෑම අවශ්‍යයි. එහෙම නැත්නම් වැඩක් නැහැ. වරායක් හදන්න දරන වියදමට ප‍්‍රතිලාභ ලැබෙන්නේ නැත්නම් වැඩක් නැහැ. වරාය කටයුතු සැලසුම් කිරීමේදී වර්තමානයේදී මෙහෙයුම් කළ හැකි යාත‍්‍රා ප‍්‍රමාණය අනාගතයේදී නවතා තැබිය හැකි යාත‍්‍රා ප‍්‍රමාණය ගැනත් අපගේ අවධාන යොමුවිය යුතු බව අපි විශ්වාස කරනවා.

ගන්දර ධීවර වරාය ඉදිකළ පසු බහුදින යාත‍්‍රා 300ක් 400ක් නතර කළ හැකි වෙනවා කුඩා යාත‍්‍රාද වැඩිපුර නතර කළ හැකියි.

ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා

ගන්දර ධීවර වරාය සෑදීම සඳහා 2014 දී සැලසුම් සකස් කළත් එදා බලයට පත්වූ රජය එය කළේ නැහැ. එදා රුපියල් ලක්ෂ 5000 කින් මෙය කරන්නට හැකිව තිබුණා. දැන් මේ වරාය හදන්න ලක්ෂ 7000ක් වැය වෙනවා. මෙය 2023 වසර වනවිට නිම කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම උත්සව සභාව අමතා අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාද කතා කළ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන නිපුන රණවක, වීරසුමන වීරසිංහ යන මන්ත‍්‍රීවරුන් හා මහජන නියෝජිතයන් රැසක්ද සහභාගි වූහ.

More News:

Fisheries Sun Children | ධිවර සුර්ය දරුවෝ | පුරාණ සිංහලයේ සමුදුර ආරක්ෂකයෝ: ධීවරයන්ගේ හෙළ බොදු උරුමය ධිවරයන්ගේ පරම කුල අයිතිය යුධ ස්වෙච්චා හමුදාවේ හිටපු ලුන්තිනන් කර්නල් විජේසුන්දර මුදලිගේ අශෝක මහතා සමග සාකච්චාව මෙහයවිම සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න විසින්. මෙම සාකච්චාව වයසට ගිය වැඩිහිටි කුඩා දරුවන් සඳහා නොවේ.