Spread the News

මූන්ගේ වාර්තාව විහිළුවක්

නාගදීප රජමහ විහාරාධිපති හිමි

source link:

සුභාෂිනී සේනානායක

මූන්ගේ වාර්තාව විහිළුවක් නාගදීප රජමහ විහාරාධිපති හිමි සුභාෂිනී සේනානායක ත්‍රස්තවාදීන්ගේ බිහිසුණු ක්‍රියා සියැසින් නොදුටු ජගත් මහලේකම් බෑන් කී මූන් මේ රටේ සිදුකළ මානුෂීය මෙහෙයුමට එරෙහිව වාර්තා ඉදිරිපත් කිරීම හාස්‍යයට කරුණක් බව උතුරු පළාත් ප්‍රධාන සංඝනායක නාගදීප රජ මහා විහාරාධිපති නවඳගල පදුමකිත්ති නාහිමියෝ පවසති. යාපන අර්ධද්වීපයේ රැඳී සිටි එකම ස්වාමීන්වහන්සේ තමා බවත් ත්‍රස්තවාදීන් සිදුකළ භීෂණය තමන් වහන්සේ සියැසින් දුටු බවත් පවසන උන් වහන්සේ බිහිසුණු ත්‍රස්තයන් සිදු කළ භීෂණය නොදුටු ජගත් මහ ලේකම්වරයා මෙවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව කනගාටුවන බව ද කීය. මෙහි දී අදහස් දැක් වූ නාහිමියෝ මේ රටේ ජනතාවට ස්ථිරසාර සාමයක් උදාකිරීම පිළිබඳව තමන් වහන්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පුණ්‍යානුමෝදනා සිදුකරන බවද පැවැසූ අතර රට මුදාගත් පින්කමේ නාමයෙන් කිසිදු ජාත්‍යන්තර බලවේගයකට ජනාධිපතිතුමාට එරෙහිව යාමට නොහැකි වන බව ද කීහ.