පෝදා සිතුවිලි
මෙත් බෝසතුන් විවරණ ලැබූ ඉල් පෝය
source:
“ඉල්” යන වචනය සිංහල භාෂාවෙන්ම ප්‍රභවය වූ වචනයකි. හීල – සීතල යන අර්ථය ගෙන දෙයි. වස්‌සාන කාලය අවසන් වී සීතල කාලය හෙවත් හේමන්ත සෘතුව ආරම්භ වන්නේ ඉල් මාසයේදීයි. සම්බුද්ධ ශාසනය පිළිබඳව වැදගත් කාරණා රාශියක් මේ පොහොය දිනය හා සම්බන්ධ වේ. වස් පිංකම් මාලාවේ අවසානය, මෙත් බෝසතුන් විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත සේවය, සැරියුත් මාහිමියන්ගේ පිරිනිවන් පෑම, ශ්‍රී ලංකාවට දකුණු අකු ධාතුව සමග ධාතූන් වහන්සේලා වැඩමවීම මේ අතර වැදගත්ය.
වස්‌සාන සමය හෙවත් වස් සාර මාසය ඈත අතීතයේ සිට බෞද්ධයා බොහෝ පිංකම් කරන කාලයකි. ප්‍රථම තුන් මාසයේදී පුංචි පුංචි පිංකම් කොට චීවර මාසයේදී ඉතා උසස් ලෙස සිවුරු පූජා කිරීමේ කඨින මහා පිංකම සිදු කරයි. කඨිනාස්‌තරණය විනය කර්මය කළ හැකි අවසාන දිනය ඉල් පුර පසළොස්‌වක පොහොය දිනට යෙදේ.
පළමුවෙන් සම්බුදු සසුනේ පැවිදි වූ හැට දෙනා වහන්සේ ඇමතූ බුදුරාජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දූත කණ්‌ඩායම පිටත් කර හැරියේ සම්බුද්ධත්වයට පත්වී එළැඹෙන පළමු ඉල් පුර පසළොස්‌වක පෝදාය.
එදා මගධයේ ගංගා නම් ගංගා නිම්නයෙන් පිටත්වූ සම්බුදු සසුනේ ධර්ම දූත තෙරවරු අද වන විට ගම් නියම්ගම් පසුකොට ලෝකයේ බොහෝ රටවල් සිසාරා ඉතා දියුණු ලන්ඩනයේ තේම්ස් නදී නිම්නය දක්‌වා වැඩම කරවීමට සමත් වූහ.
ඈත දුෂ්කර ගම්මානවලට වැඩම කළ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ දේශගුණයෙන් සිව්පසයෙන් වන සතුන්ගෙන් දුර්දාන්ත මිනිසුන්ගෙන් පැමිණි බොහෝ දුක්‌ගැහැට මැද බෞද්ධ ආරාම ඇති කළහ. එම ආරාමවල ප්‍රධාන විහාරාංගය වූයේ බණ මඩුවයි. සදාචාරසම්පන්න ඉතා හොඳ සිරිත් විරිත්වලින් යුක්‌ත ජනතාවක් ඇති කිරීමට මෙම බණ මඩුව මහෝපකාරී විය.
මෛත්‍රි බෝසතුන් දෙව් ලොවින් චුතව අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සංකස්‌ස නුවර සිරිවඩ්ඩ නම් කෙළෙඹියාට පුත්ව ඉපදී දේවාවරෝහණ මහා පූජෝත්සවය දැකීමෙන් පැහැදී පැවිදිව නියත විවරණ ලබාගත්හ.
අගසව් සැරියුත් මහ රහතන් වහන්සේ අන්තිම වරට බුදුරජාණන් වහන්සේ දැක ස්‌වාමීනි, භාග්‍යවතුන් වහන්ස· මම දැන් ජරාජීර්ණ වෙමි. මෙයින් සත් දිනක් ගිය තැන මම මේ ශරීරයේ බහන්නෙමිZයි පවසා වැඩම කොට සත්වැනි දිනයේදී නාලක ගමේ තමන් උපන් ගෙදරදී ඉල් පුරපසළොස්‌වක් පොහෝදා පිරිවන් පෑහ.
ලංකාවේ බුදු සසුන පිහිටුවීමෙන් පසුව ගොඩනංවන ලද මුල් සෑය වූ ථූපාරාමයෙහි නිධන් කිරීම පිණිස සුමණ සාමණේරයන් වහන්සේ දඹදිවට වැඩම කොට බුදුරාජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව සමග ධර්මාශෝක නිරිඳුන් පරිත්‍යාග කරන ලද පාත්‍රයක් පමණ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රථම වරට ලංකාවට වැඩම කරවන ලද්දේ ඉල් පුර පසළොස්‌වක පොහෝදාය.

විෙද්‍යාaදය පිරිවෙනේ
ජ්‍යෙෂ්ඨ ආචාර්ය
ගාලු – බස්‌නාහිර දෙදිසාවේ
අධිකරණ සංඝ නායක ශාස්‌ත්‍රපති
අකුරටියේ විමලවංස නාහිමි