Sat. Jan 18th, 2025
Spread the News

මෙන්න! චැනල් 4 කුමන්ත්‍රණය

 

source:


බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයෝ චැනල් 4 රූපවාහිනියට එරෙහිව පැවැත්වූ විරෝධතාව

Situation in Sudan-Nuba Mountains
draws Sri Lanka “Killing Fields” parallel

ජෝන්
ඩිස්‌ටර්

ජාත්‍යන්තර අධිකරණයේ ප්‍රධානී සැන් සොන්ග්

* අරමුදල් ලබන එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාවේ
ප්‍රතිරූපය විනාශ කිරීමට උත්සාහ කරනවා – ජනාධිපති

* බෙදුම්වාදී දකුණු සුඩානයට රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ යයි

* ඇමරිකානු දේශපාලන නිලධාරියා උතුරේ
මැතිවරණ කටයුතු ගැන විමසයි

* තමිල්නාඩු එන්.ජී.ඕ. කණ්‌ඩායමක්‌
කොටි බේරා ගැනීමට ගත් උත්සාහය හෙළිවේ

* ශ්‍රී ලංකාවට චෝදනා කරන කර්නල් හරිහරන්ගේ අතීතය හෙළිවේ

* කොළඹ ප්‍රධාන සාම වෙළෙන්දා යළි මතුවේ

* ද්‍රවිඩ සන්ධානයට ඡන්දය දෙන්නැයි තමිල්නාඩුවේ
කොටි සීමන් උතුරේ ජනතාවට කියයි

“චැනල් 4 වීඩියෝ පටයෙන් යුද අපරාධ පිළිබඳ එල්ලවී ඇති චෝදනා ගැන ජාත්‍යන්තර කොමිසමක්‌ මගින් විමර්ශනය කිරීමේ සාධක ඇතැයි මා විශ්වාස කරනවා.”
– කර්නල් හරිහරන් (ඉන්දීය සාම හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියා)

“රාජපක්‍ෂ සහ සමාගම යුද අපරාධ සම්බන්ධව
ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යා යුතුයි”
– එම්. ජී. දේවසහායම් (හිටපු ඉන්දීය පරිපාලන නිලධාරි)

“වීඩියෝ පටය පිළිබඳව ශ්‍රී ලංකා රජය විමර්ශනය කළ යුතුයි”
– ඉන්දීය විදේශ අමාත්‍යාංශය
(India asks Sri Lanka to probe war crimes)

“අපි එක්‌සත් වුවොත් නැඟී සිටිය හැකිය. භේදභින්න වුවොත් ඇද වැටෙනු නියතයි. අප අප විසින්ම විනාශ විය යුතුද”යෑයි ඇමරිකාවේ හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් විසින් වරක්‌ පවසා තිබිණි.

අද ශ්‍රී ලංකාව මුහුණපා ඇත්තේ එවන් භයානක තත්ත්වයකටය. එහෙත් බහුතරය ඒ ගැන අවධානය යොමු කර නැත. චැනල් 4 වීඩියෝ පටයේ සත්‍ය අසත්‍යතාව ගැන විමසීමකින් තොරව ඉන්දියාව ද දැන් ඒ චිත්‍රපටයෙන් එල්ලවන යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කරන්නැයි ශ්‍රී ලංකා රජයට කියයි. එහෙත් අතීතය අමතක කළ යුතුද? ලබන අගෝස්‌තු මස 2 වැනිදා එළඹීමට ඇත්තේ තව දින නවයකි. 1989 අගෝස්‌තු 2 වැනිදා (වසර 22 කට පෙර) ඉන්දීය සාම හමුදාව විසින් වැල්වැටිතුරේ ප්‍රදේශයේදී සිවිල් වැසියන් 63 ක්‌ ඝාතනය කරනු ලැබීය. මේ මිනිස්‌ ඝාතනය ගැන ඉන්දීය දේශපාලනඥයකු වූ ජෝර්- පර්නැන්ඩස්‌ පැවසුවේ ඇමරිකානු හමුදා මයිලායි ඝාතනය සිදු කළාට වඩා දරුණු ලෙස වැල්වැටිතුරේ ඝාතනය සිදු කළ බවයි. (Indians
seems to have been more systematic. The
victims being forced to lie down and then
shot in the back – George Fernandez)

මේ සිද්ධියට පෙර 1987 ඔක්‌තෝබර් මස යාපනය රෝහලේදී සිවිල් වැසියන් 68 ක්‌ ඝාතනය කළේ ද ඉන්දීය සාම හමුදාවයි. මෙහිදී ඝාතනයට ලක්‌වූ සිවිල් වැසියන්ගෙන් කීප දෙනෙක්‌ මෙසේයි. “මහාචාර්ය පී. චන්ද්‍රසේකර, වෛද්‍ය සෙල්වරත්නම් (හිටපු දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරි – මස්‌කෙළිය), අධිකරණ වෛද්‍ය නිලධාරි එස්‌. පරරාජසිංහම්, විශ්‍රාමික ගුරුවරයකු වූ (රාජකීය විදුහල) එල්. එස්‌. සැමුවෙල්, සහකාර ඉඩම් කොමසාරිස්‌ කේ. සම්බනාකර්, හිටපු අගවිනිසුරු එස්‌. ශර්වානන්දගේ සොහොයුරිය, ඇගේ සැමියා, පුත්‍රයා සහ ගෘහ සේවකයන් දෙදෙනා, හිටපු වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස්‌. සිවසුබ්‍රමනියම්, වෛද්‍ය ඒ. සිවපනසුන්දරම්, වෛද්‍ය එම්. කේ. ගනේෂරත්නම්, වෛද්‍ය පරිමිලගර් ලීලාවනී, සිවපාතියම් (සාත්තු සේවිකාවක්‌), ලංකා බැංකුවේ විශ්‍රාමික නිලධාරි එම්. දුරෙයිසාමි.”

මේ මිනිස්‌ ඝාතන සිදුවූ සමයේ ඉන්දීය සාම හමුදාවේ බුද්ධි අංශ ප්‍රධානියා වූයේ වෙනින් කවුරුත් නොව චැනල් 4 වීඩියෝ පටය ගැන හඬ නඟන කර්නල් හරිහරන්ය.

1988 ජනවාරි 21 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ඉන්දීය හමුදාවේ ම්ලේච්ඡ ඝාතන ගැන දැඩි විරෝධය පළ වුවත් ඉන්දීය බලධාරීහු ඒ ගැන තැකීමක්‌ කළේ නැත.

මෙහිදී නැඟෙන බරපතළ ප්‍රශ්නය නම් මෙකී යුද අපරාධ සම්බන්ධව එවකට වඩමාරච්චි ප්‍රදේශය භාර බ්‍රිගේඩියර් ෂංකර් ප්‍රසාද්, කර්නල් අවුජලා සහ උඩුප්පිඩි භාර නිලධාරියා මෙන්ම කර්නල් හරිහරන්ව අත්අඩංගුවට ගත්තේ ද යන්නයි. යුද අපරාධකරුවන් වූ හරිහරන්ලා ඉන්දීය සාම හමුදාවේ මිනිස්‌ ඝාතනවලට වගකිවයුතුව තිබියදී ඉන්දීය පරිපාලන සේවයේ හිටපු නිලධාරියකු වූ එම්. ජී. දේවසහායම් නමැත්තා ප්‍රමුඛ සිව් දෙනකුගෙන් යුත් එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් කණ්‌ඩායමක්‌ කොටි බේරා ගැනීමට දැරූ උත්සාහයත් අනාවරණය විය. මෙය මෙතෙක්‌ රහසක්‌ව පැවතිණි. මේ කණ්‌ඩායමට හිටපු මාධ්‍යවේදීන්, හමුදා නිලධාරීන් හා සිවිල් නිලධාරින් අයත් විය. 2008 මාර්තු 25 මෙම කණ්‌ඩායම මෙරටට පැමිණ රජයේ ඇමැතිවරයකු ද හමුවී සාකච්ඡා කර ඇත.

මේ රාජ්‍ය නොවන ක්‍රියාකාරී කණ්‌ඩායමේ කැඳවුම්කරු දේවසහායම් නමැත්තා නතරවී සිටියේ ඉන්දීය මහකොමසාරිස්‌ කාර්යාලය සමීපයේ පිහිටි හෝටලයකය.

“ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්‌ මානික්‌කම් සහ මා සමග සාකච්ඡාවක්‌ පැවැත්වීමට නියමිතව තිබුණා. නමුත් එය පැවැත්වූණේ නැහැ. ශ්‍රී ලංකා රජය බලය නැති පිරිසක්‌ සමග සාකච්ඡා පැවැත්වීම ගැන ඉන්දීය මහකොමසාරිස්‌ කාර්යාලය විරෝධය දැක්‌වූවා”යෑයි දේවසහායම් නමැත්තා ඉන්දීය මාධ්‍ය අමතමින් පවසා ඇත.

දේවසහායම් නමැත්තා අනතුරුව ඉන්දීය රජය වෙත සන්දේශයක්‌ යවමින් ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට අවි පද්ධති සහ පුහුණුවීම් ලබාදීමට ක්‍රියාකිරීම ගැන තමා කනගාටුවන බවද දන්වා තිබේ. කොටි බේරා ගැනීම සඳහා උත්සාහ කළ මේ තමිල්නාඩු කණ්‌ඩායම ඉන්දියාවේ මාධ්‍යවේදියකු හා ස්‌ටේට්‌ස්‌මන් මාධ්‍ය පාසලේ හිටපු අධ්‍යක්‍ෂ සාමි රාජප්පා නමැත්තා ද සම්බන්ධ වී ඇත.

පසුගිය 12 වැනිදා රාජප්පා නමැත්තා ඉන්දීය මාධ්‍ය වෙත ලිපියක්‌ ලියමින් රාජපක්‍ෂ සමාගම හේග් නුවර ජාත්‍යන්තර අධිකරණයට දක්‌කාගෙන යායුතු යෑයි පවසනු ලැබීය. එය ජුලි 19 වැනිදා දේවසහායම් නමැත්තා විසින් ප්‍රකාශයට පත් කෙරුණි. (Rajapaksa and
company being hauled up before the court
of Justice at the Hague)

එසේම මොවුන් ඉන්දීය රජයට එම වගකීමෙන් ගැලවිය නොහැකි යෑයි ද කියා සිටී. මින් මේ තමිල්නාඩු එන්.ජී.ඕ. කණ්‌ඩායම ඉන්දීය රජයට සෘජුව කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ නායකත්වය අන්තර්ජාතික අධිකරණයට ගෙන යායුතු බවයි. මේ පසුබිම මැද පසුගිය සිකුරාදා ඇමරිකාවේ කොන්ග්‍රස්‌ මන්ත්‍රීවරුන් හමුවේ චැනල් 4 වීඩියෝ පටය තිරගත කෙරිණි. හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානයේ වොෂින්ටන් අධ්‍යක්‍ෂ ටොම් වැලිනොවස්‌කි සහ කොටි හිතවාදීන් ද එම අවස්‌ථාවට එක්‌විය. මේ සාවද්‍ය වීඩියෝ පටය ප්‍රදර්ශනය කිරීමට අනුග්‍රහය දැක්‌වූයේ ඔබාමාගේ ඩිෙම්‍රාaකටිස්‌ පක්‍ෂයේ සභික ජේම්ස්‌ මැක්‌ගවර්න්ය. එහෙත් මේ ‍ජේම්ස්‌ මැක්‌ගවර්න් කවුද? ඔහු කොලම්බියානු පාක්‌ ත්‍රස්‌ත සංවිධානය සමග දැඩි සබඳකම් පැවැත්වූවෙකි. පාක්‌ (FARC) සංවිධානයේ දෙවැනියා වූ රාවුල් රේයස්‌ කොළොම්බියානු හමුදාව විසින් මරා දමා ඔහුගේ කඳවුර පරීක්‍ෂා කිරීමේදී පරිගණක යන්ත්‍ර තුනක්‌ හමුවිය.

ප්‍රජාතන්ත්‍රවාදී කොලම්බියා රජයට එරෙහිව පාක්‌ ත්‍රස්‌ත සංවිධානය සමග ඡේම්ස්‌ මැක්‌ගවර්න් සම්බන්ධකම් පැවැත්වූ බව එකී පරිගණක යන්ත්‍රවල සටහන් වී තිබූ ලියකියවිලිවලින් හෙළි විය. චැනල් 4 වීඩියෝ පටය තිරගත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට දඬුවම් කළ යුතු යෑයි දැන් හඬ නඟන්නේ බිහිසුණු පාක්‌ ත්‍රස්‌ත සංවිධානය සමග දැඩි සබඳකම් පැවැත්වූ මෙවන් ඇමරිකානු කොන්ග්‍රස්‌ සභිකයන් වීම විහිළුවක්‌ නොවේද?

කොටි ඩයස්‌පෝරාව වෙනුවෙන් චැනල් 4 වීඩියෝ පටය ජිනීවා සහ නිව්යෝර්ක්‌ නගරවලදී තිරගත කිරීමට මුල් වූ ඉන්ටර්නැෂනල් ක්‍රයිසස්‌ සංවිධානය පසුගිය සඳුදා (18 වැනිදා) යළිත් වරක්‌ ශ්‍රී ලංකා රජය එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා ප්‍රජාව වෙත සංදේශයක්‌ යවමින් සිය ඉල්ලීම් ඉටු කළ යුතු යෑයි දන්වා තිබේ. ශ්‍රී ලංකා රජය වෙතින් කර ඇති ඉල්ලීම් මෙසේයි. හදිසි නීති සහ ත්‍රස්‌ත මර්දන නීති ඉවත් කරනු, අත්අඩංගුවේ සිටින කොටි රඳවා ඇති ස්‌ථාන හෙළි කරනු. මියගිය කොටි සැමරීමටත් ස්‌මාරක ආරම්භ කිරීමටත් ඉඩදෙනු. ආරක්‍ෂක හමුදා කටයුතු අඩුකර උතුර නැගෙනහිරට වැඩි බලතල ලබාදෙනු. උතුර නැගෙනහිර සම්පත්වල බලය ප්‍රාදේශීය නායකයන්ට ලබාදීමට ක්‍රියා කරනු. රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් පනවා ඇති හමුදා පාලනය ඉවත් කරනු.

මේ ඉල්ලීම් සකස්‌ කර ඇත්තේ ඉන්ටර්නැෂනල් ක්‍රයිසස්‌ සංවිධානයේ දේශීය කොන්ත්‍රාත්කරුයි. එහෙත් සෙබළුන් 6000 කට අධික සංඛ්‍යාවක්‌ දිවි පිදුවේ මෙකී ඉල්ලීම් දීමටද? මේ අතර එක්‌සත් රාජධානියේ ශ්‍රී ලාංකිකයෝ විසින් පසුගිය ඉරිදා චැනල් 4 රූපවාහිනි මධ්‍යස්‌ථානය ඉදිරියේ විරෝධතාවක්‌ පැවැත්වූහ. මේ විරෝධතාව පැවැත්වීමට පැය 48 කට පෙර බ්‍රිතාන්‍යයේ සිටින දේශපාලන අනාථයෙක්‌ එකී විරෝධතාව මෙහෙය වන්නේ තමා බවට ප්‍රචාරය කරනු ලැබීය. ප්‍රභාකරන් මරුමුවට පත්වීමට පෙර ලන්ඩනයේ සිට මෙරට මුද්‍රිත හා විද්යුත් මාධ්‍යවලට ප්‍රභාකරන්ගේ වම් පාදය කපා දමා ඇති බවට සාවද්‍ය වාර්තාවක්‌ සැපයුවේ ද මොහුයි. දේශපාලන භේදයකින් තොරව මෙකී චැනල් 4 රූපවාහිනි සේවාවට එරෙහිව විරෝධතාවය පැවැත්වූයේ තමා යෑයි ප්‍රචාරය කර ගැනීම සඳහා මොහු ලිහිණියා අවන්හලේ සාදයක්‌ ද පවත්වා ඇත. ජනතාව රැවටිය හැක්‌කේ එක්‌ වතාවක්‌ යෑයි ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා පවසා තිබිණි. එහෙත් මොහු එක්‌සත් රාජධානියේ ශ්‍රී ලාංකිකයන්ගේ විරෝධතාව තම මෙහෙයුමක්‌ යෑයි ලකුණු දමා ගැනීමට උත්සාහ කිරීම දීන ක්‍රියාවක්‌ නොවේද? 2009 වසරේදීත් මෙවැනිම විරෝධතාවක්‌ චැනල් 4 රූපවාහිනියට එරෙහිව පැවතිණි.

මෙහිදී චැනල් 4 රූපවාහිනි සේවාවට එරෙහි විරෝධතාව පළ කළත් ශ්‍රී ලංකාවේ නායකත්වය හා හමුදා ප්‍රධානීන්ව යුද අපරාධකරුවන් කිරීමට එකී චැනල් 4 වෙත සාවද්‍ය වීඩියෝ දර්ශන සැපයූ ජර්මනියේ ඡේ.ඩී.එස්‌. නමැති කොටි හිතවාදී මාධ්‍ය සංවිධානයට එරෙහිව හඬක්‌ නොනැඟුණේ මන්ද? මේ අන්දමේ තොරතුරු හෙළිවෙද්දී කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන අයුරු යළිත් වරක්‌ සනාථ විය. ජෝන් ඩිස්‌ටර් යනු ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරියායි. ඔහු මේ සතියේදී යාපනය සහ කිලිනොච්චියේ සංචාරයක යෙදුණි. යාපනය දිසාපතිනි ඉමෙල්ඩා සුකුමාර්, කිලිනොච්චිය දිසාපතිනි ආර්. නේදිශ්වරන් සහ යාපනය දිස්‌ත්‍රික්‌ මැතිවරණ කොමසාරිස්‌ කරුණානිධි හමුවූ ඩිස්‌ටර් උතුරේ මැතිවරණ ක්‍රියාදාමය ගැන විමසා ඇත. ඇමරිකානු දේශපාලන නිලධාරියා උතුරේ සංචාරය කිරීමට පෙර ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී තීපන් නමැත්තා ඔහුගේ සොහොයුරා මෙහෙය වන ස්‌විස්‌ කොටි වෙබ් අඩවිය වෙත ප්‍රකාශයක්‌ කරමින් කිලිනොච්චියේ ගෙයක්‌ පාසා යන හමුදා සෙබළුන් බුලත්කොළයට ඡන්දය දෙන්නැයි කියා සිටින බව පවසා ඇත. (T.N.A MP
Sridaran said by visiting to the houses in the
Killinochchie Soldiers are requesting to
people to cast their votes for beetel leaf.)

මේ ශ්‍රීධරන් කවුද? යාපනය කොටි හමුදා නායකයාව සිටි තීපන්ගේ සමීපතම ඥාතියායි. මෙයට සමගාමීව ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්පන්දන් ද නිවේදනයක්‌ ප්‍රකාශයට පත් කර තිබේ. එම ද්‍රවිඩ සන්ධාන මැතිවරණ ප්‍රකාශනයෙන් රජයට කියා සිටින්නේ රැඳවුම් භාරයේ සිටින කොටි නිදහස්‌ කිරීම, උතුරේ ඉඩම් හමුදා කටයුතුවලට ලබා නොගැනීම සහ අලුතින් ආගමික ස්‌ථාන සඳහා වූ නාම පුවරු (බෞද්ධ) ඉදිකිරීම නතර කළ යුතු බවයි.

මේ අතර පසුගිය 7 වැනිදා බෙදුම්වාදී දකුණු සුඩානය බිහිවීමේ උත්සවය ජුබා නගරයේදී පැවැත්විණි. ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති ව්‍යාජ සංවිධානය සිය නියෝජිතයන් ලෙස නියෝජ්‍ය විදේශ ඇමැති යෑයි හඳුන්වන මානික්‌කවාසගර් සහ ඊළාම් අගමැති ප්‍රකාශයක යෑයි පවසන ජෙයප්‍රකාශ් ජෙයලිංගම් ද දකුණු සුඩානය වෙත යවනු ලැබීය.

මේ කොටි හිතවාදීන් දෙදෙනාම ජුබා නගරයේදී පිළිගනු ලැබුවේ සුඩාන බෙදුම්වාදී සංවිධානයේ ඇමරිකානු ඒජන්ත ඩොටාච් වාල් රාවච් යෑයි හෙළි විය. මේ කොටි දෙදෙනා දකුණු සුඩාන ගුවන්විදුලිය සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගිවෙමින් ද්‍රවිඩ ඩයස්‌පෝරාව දකුණු සුඩානය තුළ ආයෝජන ආරම්භ කිරීමට ක්‍රියා කරන බවද ශ්‍රී ලංකා රජය ඊළාම් ද්‍රවිඩයන්ට එරෙහිව යුද අපරාධ සිදු කර ඇතැයි ද කියා සිටියහ.

ඇමරිකානු, නෝර්වේ සහ යුරෝපා ප්‍රජාව විසින් දෙකඩ කළ සුඩානයෙන් දකුණු සුඩානය බිහිවීමේ උත්සවයට ශ්‍රී ලංකා රජය ද ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු වූ තිස්‌ස විතාරණ ද සහභාගි විය. එහෙත් මෙරට ජනතාවට ඒ බව වාර්තා වූයේ නැත.

මෙහිදී නැඟෙන බරපතළ ප්‍රශ්නය සුඩාන ජනතා විමුක්‌ති සංවිධානය විසින් බටහිර බලවේගවල සහයෙන් දෙකඩ කළ සුඩානයෙන් බිහිවූ දකුණු සුඩානය වෙත ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඇමැතිවරයකු යෑවීමට උපදෙස්‌ දුන් රජයේ අන්තර්ජාතික උපදේශකයන් කවුරුන් ද යන්නයි.

වන්නි මෙහෙයුම සමයේ ජනාධිපති ආරක්‍ෂක ලේකම් සහ හමුදා නායකත්වය ඉල්ලන් කනු ඇතැයි තරයේ විශ්වාස කළ පාර්ශ්වයන් අද රජයට සමීප වී සිටී. ඔවුන් අතර ඇමරිකානු සහ නෝර්වේ සබඳකම් පවත්වන්නන් ද සිටී. දකුණු සුඩානය බිහිවීමේ උත්සවයට රජය නියෝජිතයකු යෑවීම නිසා අතිශයින්ම ප්‍රමෝදයට පත්වූයේ කොළඹ සුඩාන සාම වෙළෙන්දා වූ ජාතික සාම මණ්‌ඩලයයි.

වන්නි මෙහෙයුම නතර කිරීමට දැඩි උත්සාහයක්‌ ගත් මේ සාම වෙළෙන්දා කර ඇති ප්‍රකාශය ජනතාවගේ දැන ගැනීම සඳහා අපි මෙලෙස දක්‌වන්නෙමු.

“උතුරේ මැතිවරණය ජය ලැබීමට රජයට හැකි වුවොත් එය අනතුරුදායක වනු ඇත. ඉන් පළාත් සභා ක්‍රමය සහ 13 වැනි සංශෝධනයෙන් ලබාදී ඇති විමධ්‍යගත බලය අහෝසි කිරීමට හෝ අඩු කිරීම සඳහා බලයක්‌ ලැබෙනු ඇත. 13 වැනි සංශෝධනය අවතක්‌සේරු කිරීමට රජය ක්‍රියා කරන්නේ නම් එය අඥණ ක්‍රියාවකි. මහාචාර්ය විතාරණ දකුණු සුඩානය වෙත යැම වැදගත්ය. සර්ව පාක්‍ෂික කමිටුවේ අවසන් වාර්තාවේ ප්‍රධාන නිර්මාතෘ වන්නේ ද ඔහුයි. වාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක්‌ සොයන රජයට එකී වාර්තාව මුල් අඩිතාලම ලෙස භාවිත කළ හැක.”

කොළඹ ප්‍රධාන සාම වෙළෙන්දා මේ ප්‍රකාශයෙන් උත්සාහ කරන්නේ 2002 වසරේ මෙරට පැවැති තත්ත්වය යළි ගෙනඒමයි. සතුරන් විවිධ වෙස්‌මුහුණු මත යළි කරළියට ඒමට ක්‍රියා කරන බව රජයේ බලධාරීහු දැන්වත් තේරුම්ගත යුතුව ඇත. මේ අතර ජාත්‍යන්තර අධිකරණයේ සභාපති සැන් යුන් සොන්ග් ඕස්‌ටේ්‍රලියාවේ සිඩ්නි නුවර පැවැති පොදුරාජ්‍ය මණ්‌ඩල නීති කටයුතු ඇමැතිවරුන්ගේ සමුළුවට සහභාගිවීමෙන් පසු ඕස්‌ටේ්‍රලියන් පුවත්පත අමතමින් යුද අපරාධ සම්බන්ධව ශ්‍රී ලංකාව ඊශ්‍රායල් සහ ඇමරිකාවට එරෙහිව ක්‍රියා කිරීමට අන්තර්ජාතික අධිකරණයට නොහැකි යෑයි පවසා ඇත.

දකුණු කොරියානු හමුදාවේ හිටපු නීති කටයුතු විනිසුරු වූ ඔහු තවදුරටත් ජාත්‍යන්තර අධිකරණයේ නීති පද්ධතියට ත්‍රස්‌තවාදී ක්‍රියා ඇතුළත් කිරීමට ගත් උත්සාහය සාර්ථක වූයේ නැතැයි කියා සිටියේය. (There had been an
attempt to include terrorism but it had not
yet succeeded – Song said)

ජාත්‍යන්තර අධිකරණයේ ප්‍රධානියාගේ මේ ප්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේ කොටි ත්‍රස්‌තවාදීන්ට හෝ වෙනත් ත්‍රස්‌තවාදීන්ට එරෙහිව ක්‍රියා කළ නොහැකි බව නොවේද?

 

කිලිනොච්චි ගුවන්තොටුපළ
විවෘත වූ අවස්‌ථාව

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ සතියේදී උතුරේ කයිට්‌ස්‌හි පැවැති රැලියක්‌ අමතමින් රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් සොයන සමහරු සාවද්‍ය ප්‍රචාර මෙහෙයවමින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට අවමන් කිරීමට උත්සාහ කරන බව කියා සිටියේය.

මේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු හඳුනා ගැනීම අපහසු නැත. සෑම දිනකම අන්තර්ජාලයට පිවිසිය හොත් ප්‍රභාකරන් වෙනුවෙන් හඬා වැලපෙමින් යුද අපරාධ ගැන පවසන මෙරට එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ගේ ප්‍රකාශ දැකිය හැක.

එසේ වුවත් කොටි හිතවාදීහු මෙරටට පැමිණ ආපසු සුවසේ විදේශ රටවලට යති. ප්ලිට්‌ සංවිධානය ඩැග්මාර් හෙල්මන් රාජනායගම් නමැත්තිය මෙරටට ගෙන්විය. ඇය තරුපහේ හෝටලයකදී දේශනයක්‌ පවත්වා මෙරටින් පිටව ගියාය. මේ අතර සුඩානය මෙන් ශ්‍රී ලංකාව දෙකඩ කිරීම සඳහා චැනල් 4 වීඩියෝ පටය නිර්මාණය කළ කැල්ලම් මැක්‌රේ නමැති කොටි හිතවාදී ස්‌කොට්‌ ජාතික අධ්‍යක්‍ෂවරයා දියත් කළ කුමන්ත්‍රණය දැන් හෙළිවී ඇත. මේ කුමන්ත්‍රණය සනාථ වී ඇත්තේ පසුගිය ජුලි 18 වැනිදා මැක්‌රේ විසින් ඇමරිකානු ටයිම් සඟරාවට සුඩානයේ නුබා කඳුකරයේ තත්ත්වය සහ ශ්‍රී ලංකාවේ කිලිං ෆීල්ඩ් චිත්‍රපටයේ සිදුවීම් සමග යෑයි දක්‌වමින් කර තිබූ ප්‍රකාශයයි. කොටි කොන්ත්‍රාත්තුවක්‌ මත මැක්‌රේ චැනල් 4 වීඩියෝ පටය නිර්මාණය කළ බව අපි මුලින්ම හෙළි කළෙමු. මැක්‌රේ නමැති ෙද්‍රdaහියා ටයිම්ස්‌ සඟරාවට කළ ප්‍රකාශය ඊට නිදසුන්ය. “දෙලක්‍ෂයක්‌ පමණ සිවිල් වැසියන් මරුමුවට පත් කරමින් සුඩානයේ නුබා කඳුකරයේ දියත් වූ යුද්ධය අවසන් වූයේ ඩාපූර් ප්‍රාන්තය ද ඇතුළත්වී දකුණු සුඩානය නමැති රාජ්‍යය බිහිවීමෙනි. සුඩාන ජනාධිපති ඕමාර් අල් බෂිර් සුඩානය රටවල් දෙකක්‌ කිරීමට එකඟ විය. එසේ වුවත් යුද අපරාධ ගැන ජාත්‍යන්තර අධිකරණය විසින් බෂිර්ට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක්‌ ප්‍රකාශයට පත් කර තිබේ. දකුණු සුඩානය බිහිවීම ශ්‍රී ලංකාවේ ඝාතන භූමියට (Kiling fields)) සමානය.”

මේ ප්‍රකාශයෙන් මැක්‌රේ පෙන්නුම් කරන්නේ කොටි හිතවාදීන්ට එරෙහිව දියත් කළ යුද්ධය ශ්‍රී ලංකාව දෙකඩවීමෙන් නිමාවට පත්විය යුතුව තිබූ බවයි. (The military on
Slaught being carried out by Sudan in Nuba
in the midst of the birth of South Sudan has
been complared to Killing Fields in Sri
Lanka – Callum Macrae)

එහෙත් යුද්ධයෙන් කොටි පරාජය විය. මැක්‌රේ චැනල් 4 වීඩියෝ පටය ජාත්‍යන්තර කරළියට ගෙන ආවේය. එහි අරමුණ ශ්‍රී ලංකාව දෙකඩ නොවීම නිසා ජනාධිපති ඇතුළු හමුදා නායකත්වයට යුද අපරාධ චෝදනා ගෙනඒමයි.

මේ නිසා කොටි ජාලය සහ චැනල් 4 හි මැක්‌රේ එක්‌ව දියත් කළ කුමන්ත්‍රණයට තවත් සාක්‍ෂි අවශ්‍යද?

කීර්ති වර්ණකුලසූරිය

Protected by Security by CleanTalk