මෙරට බුදු සසුන ආරක්ෂා කර ගැනීමට නම්

Spread the News
  1. උපසම්පදා භික්ෂූන් වහන්සේලාගේ උපසම්පදාව ආරක්ෂා වීම
  2. බෞද්ධ සිංහල රාජ්‍ය බලය ආරක්ෂා වීම
  3. බෞද්ධ සිංහල කුල පදනම ආරක්ෂා වීම යන කරුණු ත්‍රිත්වය අනීවාර්‍ය් ය. මෙරට බුදු සසුන පිහිටීම, පැවැත්වීම, රැකීම සිදු වූයේ සිංහලයන් වෙතින් වීම නොරහසකි. අද දක්වා සසුන පැවත්වා ඇත්තේ සිංහල බෞද්ධ කුලය විසිනි. භික්ෂූන් වහන්සේලාගේ උපසම්පදා මහණකම ආරක්ෂා නොවුණු හොත් සියල්ල අවසාන ය. එක උපසපන් භික්ෂූවක් සසුනට නැති වීම මහත් අලාභයකි.
  4. “විනයො නාම බුද්ධසාසනස්ස ආයු, විනයෙ ඨිතෙ සාසනං
    ඨිතං හොති; තස්මා පඨමං විනයං සඞ්ගායාමා’’ති යනුවෙන් සමන්තපාසාදිකා විනය අටුවාවේ දක්වා ඇත. විනය නම් සම්බුද්ධ ශාසනයාගේ අයුෂය යි. විනය පිහිටීම ශාසනය පිහිටුවා වෙයි. එහෙයින් විනය සංගායනා කරමු යයි” යනුවෙන් සංගීති කාරක මහරහතන් වහන්සේලා විසින් වදාළහ. භික්ෂූන් විසින් උපසම්පදා ශීලය විනාශ කර ගෙන කරන ශාසන සටනක් නැත. එයට අනුබල දෙන ගිහියා කරන්නේ සසුන් ප්‍රතිපදාවට හතුරු කමකි. රටේ පාලනය ගිහියන් සතු ය. අනුශාසනව සිල්වත් උතුමන් සතු ය. මෙය වරදවා ගත් ගිහි පැවිදි දෙපක්ෂයම අවිනයට උදව් දී මහත් අකුසල් කර ගෙන අපාගත් වෙත්. මෙහි බලවත් නොමග යාම් නම් භික්ෂූන් වහන්සේලාගේ මහණකම විනාශ වනආකාරයට උපකාර කිරීම ය.

– ආරියතිලක